Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ජූඩ් වෙරළ වොලිබෝල් ක‍්‍රීඩාවට සමුදෙයි

ජූඩ් වෙරළ වොලිබෝල් ක‍්‍රීඩාවට සමුදෙයි

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලියට සහභාගි වූ ශ‍්‍රී ලංකා වෙරළ වොලිබෝල් ක‍්‍රීඩාවේ ජ්‍යෙෂ්ඨතම ක‍්‍රීඩකයා වන ජූඞ් මහේෂ් පෙරේරා ඊයේ (25) තරගයෙන් පසුව වෙරළ වොලිබෝල් ක‍්‍රීඩාවෙන් සමුගත්තේය.

ශ‍්‍රී ලංකාවට වෙරළ වොලිබෝල් හදුන්වා දෙමින් ශ‍්‍රී ලංකාවට වෙරළ වොලිබෝල් ජයග‍්‍රහණ රැසක් ගෙන දුන් ජූඞ් මහේෂ් 2003 වසරේ රොහාන් ධම්මික සමග ක‍්‍රීඩාව ආරම්භ කළේය. ජූඞ් මහේෂ්ගේ ප‍්‍රමුඛත්වයෙන් ජාත්‍යන්තර ක‍්‍රීඩා උළෙල රැසකදී පදක්කම් දිනා ගැනීමෙන් ශ‍්‍රී ලාංකාව තුළ වෙරළ වොලිබෝල් ක‍්‍රීඩාව ප‍්‍රචලිත විය.

ආසියානු ක‍්‍රීඩා උළෙල තුනක් නියෝජනය කර ඇති 35 හැවිරිදි ජූඞ් පසුගිය ජනවාරි මස ඉන්දියාවේ ගෝව නගරයේදී පැවැති ලූසෆෝනියානු ක‍්‍රීඩා උළෙලේදී රිදී පදක්කම දිනා ගැනීමට ද සමත් විය. ඊට අමතරව 2011 වසරේ බ‍්‍රසීලයේදී පැවැති ලෝක ආරක්‍ෂක ක‍්‍රීඩා උළෙලේදී සිවුවැනි ස්ථානය ද, එම වසරේදීම හම්බන්තොටදී පැවැති දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කම ද දිනා ගැනීමට ඔහු සමත් විය.

”මම ගොඩක් කලක් ක‍්‍රීඩා කළා දැන් මට ඇති. මේ ක‍්‍රීඩා උළෙලටත් ක‍්‍රීඩා කළේ මගෙන් ඉල්ලීමක් කර නිසායි. නමුත් මම ක‍්‍රීඩාව අතහරින්නේ නෑ. පුහුණුකරුවකු හැටියට මම ක‍්‍රීඩාවට සේවය කරනවා” යැයි ජූඞ් සමුගැනීම ප‍්‍රකාශ කරමින් පැවසීය.

ජූඞ් මහේෂ්, ජාඇළ ක‍්‍රිස්තුරාජ විදුහලේ සහ උදම්මිට කනිෂ්ඨ විදුහලේ ආදි ශිෂ්‍යයෙකි.


අදහස් (0)

ජූඩ් වෙරළ වොලිබෝල් ක‍්‍රීඩාවට සමුදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.