Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball තිලකරත්න අනුස්මරණ වොලිබෝල් තරග 1 සහ 2

තිලකරත්න අනුස්මරණ වොලිබෝල් තරග 1 සහ 2

සංජය එරමුදුගොඩ - 2015 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කේ. තිලකරත්න අනුස්මරණ කුසලාන දකුණු පළාත් පිරිමි වොලිබෝල් තරගාවලිය සහ මාතර දිස්ති‍්‍රක් කාන්තා වොලිබෝල් තරගාවලිය අගෝස්තු මස 1 වැනිදා සහ 2 වැනිදා ඌරුබොක්ක වීනස් කී‍්‍රඩා පිටියේදී පැවැත්වේ.

මෙහි පිරිමි ශූරතාව සඳහා රුපියල් 30,000 ක මුදල් ත්‍යාගයක්ද, අනු ශූරතාව සඳහා රුපියල් 15,000 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමෙන අතර කාන්තා ශූරතාව සඳහා රුපියල් 15,000 ක මුදල් ත්‍යාගයක්ද, අනු ශූරතාව සඳහා රුපියල් 10,000 ක මුදල් ත්‍යාගයක්ද පිරිනැමේ.

තරගාවලියට සහභාගී වීමට අවශ්‍ය කී‍්‍රඩා සමාජ ජූලි මස 25 වැනිදාට පෙර සිය අයැදුම් පත් ‘ලේකම්, වීනස් කී‍්‍රඩා සමාජය, ඌරුබොක්ක’ යන ලිපිනයට යොමුකළ යුතුය.

072 2221511 (සුනිල්) හෝ 077 5901015 (නිමල්) යන දුරකථන අංක ඇමතීමෙන් තරගාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

දකුණු පළාත් සභා මන්තී‍්‍ර සරත් ද අල්විස් මහතාගේ අනුග‍්‍රාහකත්වයෙන් ඌරුබොක්ක වීනස් කී‍්‍රඩා සමාජය මෙම තරගාවලිය සංවිධානය කරයි.

 

- 036


අදහස් (0)

තිලකරත්න අනුස්මරණ වොලිබෝල් තරග 1 සහ 2

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.