Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball දවිසමර කී‍්‍රඩකයෝ 18 න් පහළ ශුරතාව දිනති

දවිසමර කී‍්‍රඩකයෝ 18 න් පහළ ශුරතාව දිනති

ශනුක අරවින්ද - 2013 නොවැ මස 10 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

විශිෂ්ට සටනකින් පසුව සීදුව දවිසමර විදුහල් කණ්ඩායම අන්තර් පාසල් ”ඞී.එස්.අයි. සුපර් ස්පෝට්ස්” වොලිබෝල් තරග මාලාවේ වයස 18 න් පහළ බාලක ශූරතාව දිනා ගත්තේය.

නාවලපිටිය ”ජයතිලක” ගෘහස්ථ පිටියේදී දෙදිනක් පුරා පැවැති මෙම තරගමාලාවේදී නරඹන්නන්ගේ ඉහළම අවධානයක් දිනා ගත් වයස 18 න් පහළ බාලක අවසන් මහ තරගයේදී දවිසමර ක‍්‍රීඩිකයෝ වට 3 - 0 ක ජයක් ලැබුවත් ප‍්‍රතිවාදී මීගමුව මාරිස්ටෙලා විදුහල් කණ්ඩායමේ දස්කම් ද ඉතා ඉහළ මට්ටමක විය.

මාරිස්ටෙලා විදුහල් ක‍්‍රීඩකයන් එහිදී දැඩි පීඩනයකට ලක්වූ බවක් පෙණුනු අතර ඊට ඔවුන්ගේ පුහුහුණුකරුගේ හැසිරීම් රටාව ද බලපෑ බව තරගය නැරඹූ වොලිබෝල් ප‍්‍රවීණයෝ කීප දෙනෙක් පැවසූහ. තරගය පුරාම මාරිස්ටෙලා ක‍්‍රීඩකයන්ට උපදෙස් දෙමින් පුහුණුකරුවා පිටිය වටා ගියත් එය බොහෝ ක‍්‍රීඩකයන්ට එය අනවශ්‍ය පීඩනයක් ගෙනදුන් බව සෙසු පුහුණුකරුවෝ පැවසූහ.

වයස 18 න් පහළ බාලක අවසන් මහ තරගයේදී සීදුව දවිසමර විදුහලේ ජයග‍්‍රහණයට වඩාත් බලපෑමක් කළ ක‍්‍රීඩකයෙකු වූ ඉසුරු මධුශංඛ එහිදී වඩාත් ඇගයීමට ලක්වෙමින් තරගයේ දක්‍ෂතම ක‍්‍රීඩකයාට පමණක් නොව තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයාට ද හිමි ද්විත්ව සම්මාන ලැබීය.

වයස 18 න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාව මෙවර දිනාගත්තේ ආනමඩුව මැදි විදුහලයි.

වයස 16 න් පහළ බාලක අවසන් මහ තරගයේදී පළමු වටය පරාජයට පත්ව තිබියදී ඉතිරි වට තුනම පිට පිට ජය ගනිමින් එහි ශූරතාව ජය ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහල සමත් විය.

වයස 14 න් පහළ බාලිකා ශූරතාව දිනා ගත් රක්වාන රත්නාලෝක විදුහල් කණ්ඩායමේ ජයග‍්‍රහණය කැපී පෙනෙන්නේ එහි පුහුණුකරු ලෙස භික්‍ෂූන් වහන්සේ නමක් කටයුතු කිරීමය.

රක්වාන ඔබේතිලකාරාමාධිපති පුස්සැල්ලේ ඥානතිලක හිමියෝ වසර පහක් තිස්සේ රක්වාන රත්නාලෝක විදුහල් කණ්ඩායමේ වොලිබෝල් පුහුණුකරු ලෙස කටයුතු කරති. ඥානතිලක හිමියන්ගේ ගුරුහරුකම් යටතේ රක්වාන රත්නාලෝක විදුහල් කණ්ඩායම පසුගිය වසරේදීත් මෙම ශූරතාව දිනා ගත්තේය.

වයස 14 න් පහළ බාලිකා ශූරතාව දිනා ගත් රක්වාන රත්නාලෝක විදුහල් වොලිබෝල් කණ්ඩායමට අඩුවක්ව පැවැති පාවහන් අවසන් මහ තරගයට පෙර වොලිබෝල් සම්මේලනයේ උපසභාපති, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා සිය පෞද්ගලික වියදමින් ප‍්‍රදානය කළේය.

මෙම තරගමාලාවට කණ්ඩායම් 4000 ක් පමණ තරග වැදුණු බව වොලිබෝල් සම්මේලනය පවසයි.

අවසන් මහ තරග ප‍්‍රතිඵල

වයස 16 න් පහළ (බාලක)

  • රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහල විසින් සීදුව දවිසමර මහ විදුහල පරාජය කරන ලදී (22/25, 25/23, 25/14, 25/23)
  • තෙවැනි ස්ථානය:- නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල

වයස 16 න් පහළ (බාලිකා)

  • ගලිගමුව මැදි විදුහල විසින් ඇහැළියගොඩ ධර්මපාල මහ විදුහල පරාජය කරන ලදී. (27/25, 25/22, 25/20)
  • තෙවැනි ස්ථානය:- අම්පාර වාවින්න විදුහල

වයස 18 න් පහළ (බාලක)

  • සීදුව දවිසමර මහ විදුහල විසින් මීගමුව මාරිස්ටෙලා විදුහල පරාජය කරන ලදී. (25/23, 25/21, 25/15)
  • තෙවැනි ස්ථානය:- වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල

වයස 18 න් පහළ (බාලිකා)

  • ආනමඩුව මැදි විදුහල විසින් තොඩුවාව ශාන්ත අන්තෝනි බාලිකා විදුහල පරාජය කරන ලදී. (25/19, 27/25, 25/17)
  • තෙවැනි ස්ථානය:- වේයන්ගොඩ මැදි විදුහල

වයස 14 න් පහළ විශේෂ කුසලතා සම්මාන
බාලක:-

  • දක්ෂතම පන්දු ඔසවන්නා - මලීෂ රවිෂාන් (සේනානායක)
  • දක්ෂතම ප‍්‍රහාරකයා - තෂින් මලීෂ (සේනානායක)
  • දක්ෂතම කී‍්‍රඩකයා - රවිඳු සංදීප තමෙල් (සේනානායක)

බාලිකා :-

  • දක්ෂතම පන්දු ඔසවන්නිය - මනෝජි හර්ෂිකා (රත්නාලෝක)
  • දක්ෂතම ප‍්‍රහාරිකාව - උදේෂිකා මනෝහාරි (රත්නාලෝක)
  • දක්ෂතම කී‍්‍රඩිකාව - රෂිණි ඉෂාරා (ධම්මිස්සර)

වයස 16 න් පහළ විශේෂ කුසලතා සම්මාන
බාලක:-

  • දක්‍ෂතම පන්දු ඔසවන්නා - සුභාෂ් චතුරංග (සීදුව දවිසමර)
  • දක්‍ෂතම ප‍්‍රහාරකයා - කාවින්ද සඳකැලූම් (රාජසිංහ)
  • දක්‍ෂතම ක‍්‍රීඩාකයා - රවිෂාන් ගුණරත්න (රාජසිංහ)

බාලිකා:-

  • දක්‍ෂතම පන්දු ඔසවන්නිය - සුනේත‍්‍රා ප‍්‍රියදර්ශනී (ගලිගමුව)
  • දක්‍ෂතම ප‍්‍රහාරිකාව - චමිලා සංජුලා (ධර්මපාල)
  • දක්‍ෂතම ක‍්‍රීඩිකාව - නිමේෂිකා සෙව්වන්දි (ගලිගමුව)

වයස 18 න් පහළ විශේෂ කුසලතා සම්මාන
බාලක:-

  • දක්‍ෂතම පන්දු ඔසවන්නා - විශ්වන චංකම
  • දක්‍ෂතම ප‍්‍රහාරකයා - අෂාන් මධුශංක (මාරිස්ටෙලා)
  • දක්‍ෂතම ක‍්‍රීඩකයා - ඉසුරු මධුශංක (දවිසමර)

බාලිකා:-

  • දක්‍ෂතම පන්දු ඔසවන්නිය - සෙව්වන්දිකා පියුමි (ආනමඩුව)
  • දක්‍ෂතම ප‍්‍රහාරිකාව - මිලෝනි සලිදුණි (තොඩුවාව)
  • දක්‍ෂතම ක‍්‍රීඩිකාව - අමානි කෞෂල්‍යා (ආනමඩුව)

තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව - තක්‍ෂිලා මධුරංගි (ආනමඩුව)

තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා - ඉසුරු මධුශංඛ (දවිසමර)


අදහස් (4)

දවිසමර කී‍්‍රඩකයෝ 18 න් පහළ ශුරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.