Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල අවසන් තරග 10 න් 6කට
ඩී එස් අයි සුපර් ස්පෝට්ස් පාසල් වොලිබෝල්

නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල අවසන් තරග 10 න් 6කට

editorial - 2024 නොවැ මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ  සුගතදාස ගෘහස්ථ පිටියේදී හෙට සහ අනිද්දා (29 - 30) පැවැත්වෙන ඩී එස් අයි සුපර් ස්පෝට්ස් අන්තර් පාසල් වොලිබෝල් තරග මාලාවේ අවසන් මහ තරග 10 න් හයකටම සුදුසුකම් ලබා ගැනීමට  නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල  සමත්ව සිටියි. නාත්තන්ඩිය ධම්මිස්සරය පාසල් වොලිබෝල් පිටියේ කවදත් නම් දැරූ පාසලකි. 

ඔවුන්ට අවසන් මහ තරග මග හැරී ගියේ වයස 19 න් පහළ කාන්ඩයේ බාලක ඉසව්වේ අවසන් පූර්ව වටයේදී පන්නල ජාතික පාසලට පරාජය වීමෙනි. කෙසේවූවත් එහි බාලිකා ඉසව්වෙන් මූලික වටයේදීම ඔවුන් පරාජයවී තිබේ.

  මේ අතර තරග නිති උල්ලංඝණය කිරීමේ චෝදනා සනාථවීමෙන් නාත්තන්ඩිය ජනාධිපති ජාතික පාසල වයස 13 න් පහළ බාලක ඉසව්වේ අවසන් මහ තරගයට ලබාගත් සුදුසුකම් අවලංගු කෙරුණි.ඒ සම්බන්ධයෙන් විරෝධතාව ගොනු කළ රුවන්වැල්ල ශ්‍රී සේන විදුහලට එම අවස්ථාව හිමි විය.  වයස 19 න් පහළ (බාලක) ඉසව්වේදී මීගමුව ලොයෙලා විදුහල විසින් පන්නල ජාතික පාසලට එරෙහිව විරෝධතාවක් ගොනු කළත් එය ඉවත දැමීම නිසා එහි ඔවුන්ගේ අවසන් මහ තරග අවස්ථාව සුරක්ෂිත විය.

කණ්ඩායම් 4500 කගේ සහභාගිත්වයෙන් පැවැති මෙවර තරග මාලාව සදහාත් ඩී එස් අයි පාවහන් ( ඩී සැම්සන් පුත්‍ර) සමාගම අනුග්‍රාහය  දැක්වීය. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමයේ සහයෝගයෙන් තරග මාලාව සංවිධානය කළේය.

ජයග්‍රාහී කණ්ඩායම් සදහා රුපියල් ලක්ෂයේ සිට ත්‍යාග මුදල්  ප්‍රදානය කෙරේ. ජය සංඛේත ප්‍රදානෝත්සවය අගමැතිනි ආචාර්ය හරිනි ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. සියළුම අවසන් මහ තරග ස්වාධීන රූපවාහිනී සේවය (අයි.ටී.එන්) ඔස්සේ සජීවිව විකාශය කිරීමට නියමිතය.

 

නොවැම්බර් 29 දා අවසන් මහ තරග පැවැත්වෙන ආකාරය

(වයස 11 න් පහළ)
*පෙරවරු 8.30 - : බාලිකා - නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල හා අනුරාධපුරය ශ්‍රී රාහුල විදුහල අතර
*පෙරවරු 9.30 - : ධම්මිස්සර ජාතික පාසල හා මිනුවන්ගොඩ රෙජී රණතුංග විදුහල අතර


(වයස 13 න් පහළ)
* පෙරවරු 10.30 - : බාලිකා - ධම්මිස්සර ජාතික පාසල හා මාබිම විද්‍යාකර මහ විදුහල අතර
*පෙරවරු 11.30 -: බාලක - ධම්මිස්සර ජාතික පාසල හා ඉඹුලාන ශ්‍රී  සේන විදුහල අතර


(වයස15 න් පහළ)
*පස්වරු 2 ට - : බාලිකා - මහව විජයබා මධ්‍ය  මහ විදුහල හා හුංගම විජයබා ජාතික පාසල අතර 
* පස්වරු 4.10 - : බාලක - : ධම්මිස්සර ජාතික පාසල හා  රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහ විදුහල අතර

 

නොවැම්බර් 30 දා අවසන් මහ තරග පැවැත්වෙන ආකාරය

(වයස17 න් පහළ)
*පෙරවරු 8.30  - : බාලිකා - : ගිරිඋල්ල  වික්‍රමශීලා ජාතික පාසල හා හුංගම විජයබා ජාතික පාසල අතර
* පෙරවරු 10.30 - : ධම්මිස්සර ජාතික පාසල හා නාත්තන්ඩිය ජනාධිපති ජාතික පාසල අතර 


*වයස 19 න් පහළ 
* පස්වරු 1 ට - : බාලිකා - හුංගම විජයබා ජාතික පාසල හා රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විදුහල අතර
* පස්වරු 3 ට - : බාලක - : රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහ විදුහල හා පන්නල ජාතික පාසල    

  


අදහස් (1)

නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල අවසන් තරග 10 න් 6කට
  • Rasika jayakody Friday, 29 November 2024 04:18 PM

    දිනන්නම උපන් දක්ෂ කිුඩක ක්‍රිඩිිකාවන් අපේ පාසල නියෝජනය කරන්නේ. ජයම වේවා ! ජයවේවා ධම්මිස්සර මවුනි ❤️

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.