Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball පුබුදු කී‍්‍ර.ස. - මහින්දෝදය ම.වි වොලිබෝල් ශූරතා දිනති

පුබුදු කී‍්‍ර.ස. - මහින්දෝදය ම.වි වොලිබෝල් ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පඬුවස්නුවර ප‍්‍රාදේශීය සභා සභාපති අභියෝග කුසලාන වොලිබෝල් තරගාවලියේදී ටැකෑව පුබුදු කී‍්‍රඩා සමාජය විසින් පිරිමි ශූරතාව දිනාගන්නා ලදි. හෙට්ටිපොල මහින්දෝදය මහ විදුහල් කණ්ඩායම කාන්තා ශූරතාව දිනාගත්තේය.

පිරිමි තරගාවලියේ අනුශූරතාව කරදව ගැමුණු කී‍්‍රඩා සමාජ කණ්ඩායමට හිමිවූ අතර කාන්තා අනුශූරතාව කෝන්වැව විකසිත කී‍්‍රඩා සමාජ කණ්ඩායමටත් හිමිවිය. තරගාවලියේ ශූරතාව සහ අනු ශූරතාව දිනාගත් කණ්ඩායම් සදහා රුපියල් 7500/- බැගින්ද, පිරිමි අවසන් කණ්ඩායම් 8 සදහාත් කාන්තා අවසන් කාන්තා කණ්ඩායම් 4 සදහාත් විශේෂ ත්‍යාග පිරිනැමිණි.

2013 පළාත් පාලන සතිය නිමිත්තෙන් පඬුවස්නුවර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ වොලිබෝල් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ කී‍්‍රඩා කුසලතා නගා සිටුවීමේ අරමුණින් පඬුවස්නුවර ප‍්‍රාදේශීය සභාවේ ප‍්‍රජා සංවර්ධන අංශය මෙම තරගාවලිය සංවිධාන කළේය. තරගාවලිය ඉකුත්දා හෙට්ටිපොල ආර්.එම්.කේ.බී. රත්නායක කී‍්‍රඩාංගණයේදී පැවැත්විණි.

 

 

 

 

 

 

 

 


 

 

ජයග‍්‍රාහි ටැකෑව පුබුදු කී‍්‍රඩා සමාජ කණ්ඩායම පඬුවස්නුවර ප‍්‍රාදේශීය සභාවේ සභාපති එමල් පි‍්‍රයන්ත හේරත්, ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් වන එම්.ටී.එම්. ජාබීර්, රවුස්දීන්, මනෝකුමාර එදිරිසිංහ, මධුසංක යන මහත්වරුන් සහ ප‍්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය සමග

 

 

 

 

 

 

 

 

 

 

 

අනුශූරතාව හිමිකරගත් කරදව ගැමුණු කී‍්‍රඩා සමාජ කණ්ඩායම පඬුවස්නුවර ප‍්‍රාදේශීය සභාවේ සභාපති එමල් පි‍්‍රයන්ත හේරත්, ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන් වන එම්.ටී.එම්. ජාබීර්, රවුස්දීන්, මනෝකුමාර එදිරිසිංහ, මධුසංක යන මහත්වරු සහ ප‍්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය සමග

 

 

 

 

 

 

 

 

කාන්තා තරගය ජයගත් හෙට්ටිපොල මහින්දෝදය මහ විදුහල් කණ්ඩායම

 

 

 

 

 

 

 

 

 

කාන්තා තරගයේ අනුශූරතාව හිමිකරගත් කෝන්වැව විකසිත කී‍්‍රඩා සමාජ කණ්ඩායම


අදහස් (0)

පුබුදු කී‍්‍ර.ස. - මහින්දෝදය ම.වි වොලිබෝල් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.