Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
රටවල් හයක් සහභාගි වන මධ්‍යම ආසියානු වයස 20 න් පහළ (පිරිමි) වොලිබෝල් ශූරතා තරගාවලිය ඔක්තෝබර් 6 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී ආරම්භ වේ.ශ්‍රී ලංකාව සත්කාරය දරන මෙම තරගාවලිය සදහා රුපියල් මිලියන 21 ක් පමණ වැය වන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි. තරගාවලිය ඔක්තෝබර් 12 වැනිදා දක්වා පැවැත්වේ.
මෙහි ශූරතාව හා අනුශූරතාව ලබන දෙරට ලබන වසරේදී පැවැත්වෙන ආසියානු ශූරතා කුසලාන වයස 20 න් පහළ (පිරිමි) තරගාවලිය සදහා මධ්‍යම ආසියානු කලාපයෙන් නිර්දේෂ ලබයි.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසන්නේ තරගාවලියේ සියලු තරග නොමිලේ නැරඹීම සදහා ජනතාවට සුගතදාස ගෘහස්ථ පිටිය විවෘත කෙරෙන බවයි.
ශ්‍රී ලංකාව අවම මෙහි අනුශූරතාව හිමි කර ගැනීමට අපේක්ෂා කරයි.තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ඇතුළුව වොලිබෝල් ක්‍රීඩාවේ සියළු ඉරියව්හි දක්ෂතා දක්වන තවත් ක්‍රීඩකයන් හත් දෙනකු සදහාත් ශූරතා සම්මාන ප්රදානය කෙරේ.
තරගාවලියට සූදානම්ව ශ්‍රී ලංකා පුහුණු සංචිතය මාස හයකට ආසන්න කාලයක් තිස්සේ පුහුණුවීම් පවත්වා ගෙන යයි. කෙසේවූවත් සත්කාරයේ වියදම් සොයා ගැනීමේ අභියෝගයට මේ වන විට වොලිබෝල් සම්මේලනය මුහුණදී සිටින බවද වාර්තාවේ.
ඊට දායක වන බව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ. මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ආරාධනාවෙන් ශ්‍රී ලංකාව එහි සත්කාරය බාර ගෙන තිබේ.ඒ සදහා ක්‍රීඩා අමාත්‍යාංශය සහයෝගය දක්වන බව එවකට ක්‍රීඩා ඇමැති ධූරය දැරූ හරීන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට සහතිකවී තිබූ බවද එහිදී දැනගන්නට ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.