Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියට යති

මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියට යති

editorial - 2022 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය මේ මස 20 දින සිට 27 දින දක්වා බංගලාදේශයේ ඩකා නුවරදී පැවැත්වීමට නියමිතව ඇත. ඒ සඳහා ශ්‍රී ලංකා අවු. 23 න් පහළ පිරිමි වොලිබෝල් කණ්ඩායම හෙට (20 වැනිදා)  දිවයිනෙන් පිටත්ව යයි.

මෙම තරගාවලිය සඳහා කිරිකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සහභාගී වෙති.

ශ්‍රී ලංකා 23 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස රුචිර සම්පත් කටයුතු කරයි. කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චමින්ද කුමාර ජයරත්න මහතා කටයුතු කරයි.

 

ශ්‍රී ලංකා 23 න් පහළ කණ්ඩායම

අසුන්ගෙන වමේ සිට

මොරිස් චමින්ද (අභ්‍යාසක), චමින්ද කුමාර ජයරත්න (ප්‍රධාන පුහුණුකරු), ඒ. එස්. නාලක (ප්‍රධාන ලේකම් - ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය),  කංචන ජයරත්න (සභාපති - ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය), කොමදෝරු ටී.ඩී.එස්. සිල්වා (කළමණාකරු),  මිල්රෝයි තිසේරා (සහාය පුහුණුකරු) සහ  රුචිර සම්පත් (නායක)

 

පසුපස පේලිය වමේ සිට

සුජිත් තිලංක, ලහිරු මධුවන්ත, ප්‍රනීත් දිනේන්ද්‍ර, අශේන් මලින්ත, දෙනෙත් හංසන, ළහිරු ප්‍රමුදිත, සචිත මලිත්, ශානුක මධුභාෂන, දුලංජන් සංදීප, කවිෂ්ක මධුසංක සහ නවීන් කෞෂල්‍ය

- 213


අදහස් (0)

මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියට යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.