Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball රාජ්‍ය සේවා වොලිබෝල් තරගාවලියට අයඳුම්පත් කැඳවයි

රාජ්‍ය සේවා වොලිබෝල් තරගාවලියට අයඳුම්පත් කැඳවයි

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා කි‍්‍රඩා සංගමය සංවිධානය කරන වොලිබෝල් තරග මාලාව සඳහා මෙම 15 වැනිදා දක්වා අයැදුම්පත් බාර ගැනේ. තරගාවලිය මේ මස 21, 22, 23 යන තෙදින ටොරින්ටන් පෙදෙස කී‍්‍රඩා අමාත්‍යංශ පිටියේදී පැවැත්වේ.

රාජ්‍ය සේවා දිස්ති‍්‍රක්, රාජ්‍ය සේවා දෙපාර්තමේන්තු, අන්තර් දෙපාර්තමේන්තු ආධුනික, කාන්තා  හා පිරිමි වයස 35 න් ඉහළ, වයස 40 - 49 අතර හා වයස 50න් ඉහළ පිරිමි වශයෙන් කාණ්ඩ හයක් යටතේ තරග පැවැත්වේ.

රාජ්‍ය සේවා දිස්ති‍්‍රක් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් කී‍්‍රඩකයන් ඔවුන් සේවය කරන දිස්ති‍්‍රක්කයෙන් පමණක් තරගාවලියට ඉදිරිපත් විය යුතුය.

සියලූ අයැදුම්පත් ඒ.ඒ. ජයතිස්ස, වොලිබෝල් සංගම් ලේකම්, ශ්‍රී ලංකා රාජ්‍ය සේවා කි‍්‍රඩා සංගමය, 2/12, 2/16, පොල්හේන් ගොඩ පාර, නාරාහේන්පිට යන ලිපිනයට යොමු කළ යුතුය.


අදහස් (0)

රාජ්‍ය සේවා වොලිබෝල් තරගාවලියට අයඳුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.