Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළඳ සේවා ක්ෂේත‍්‍රය තුළ වොලිබෝල් ක‍්‍රීඩාවේ යෙදෙන සියලු ක‍්‍රීඩකායින්ගේ ජීවිත වලට වෘත්තීය වටිනාකමක් හා පිළිගැනීමක් එක් කිරීම තම සංගමයේ අරමුණ බව ශී‍්‍ර ලංකා වෙළඳ සේවා වොලිබෝල් සම්මේලනයේ සභාපති මංගල පෙරේරා මහතා පැවසීය.
ශී‍්‍ර ලංකා වෙළඳ සේවා වොලිබෝල් සම්මේලනයේ නිල වෙබ් අඩවිය හා තේමා ගීතය එළි දැක්විම වෙනුවෙන් පසුගිය දා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අතරතුරදී හොතම මේ අසහස් පල කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා
"ජාතික ක‍්‍රීඩාව වන වොලිබෝල් කී‍්‍රඩාව වෙළඳ සේවා ආයතන අතර ජනප‍්‍රිය කරවීම හා කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් 1200කට පමණ වෙළඳ සේවා ක්ෂේත‍්‍රයේ රැකියා අවස්ථා හිමිකර දීම වැනි අප සංගමයේ මූලික අරමුණ සාක්ෂාත් කරගැනීමට හැකියාව ලැබීම අපට සතුටක්. එළඹෙන වසර වලත් වොලිබෝල් ක‍්‍රීඩාව ශ‍්‍රී ලංකාවේ පිළිගත් වෘත්තීමය ක‍්‍රීඩාවක් බවට පත් කීරීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා තව දුරටත් කැපවී ක‍්‍රියා කිරීමට අපේ බලාපොරොත්තුවයි.” යැයි ප‍්‍රකාශ කළේය.
ශ‍්‍රී ලංකාව තුළ වොලිබෝල් ක‍්‍රීඩාව නගාසිටුවීම හා වෙළඳ සේවා අංශයේ රැකියා නියුත්තිකයන් වොලිබෝල් ක‍්‍රීඩාවට ප‍්‍රවේශ කරවීමේ අරමුණු පෙරදැරිව ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට අනුබද්ධ ආයතනයක් ලෙස වෙළඳ සේවා වොලිබෝල් සම්මේලනය ආරම්භ කරන ලදි. එමගින් 2012 වසරේ ආරම්භ කළ වෙළඳ සේවා වොලිබෝල් තරගාවලිය සඳහා කණ්ඩායම් රැසකගේ සහභාගීත්වය පසුගිය වමර කීපය තුළදී දක්නට ලැබුණි.
මෙම මාධ්‍ය සාකච්ඡුාව අවසානයේදී සංගමයේ නිල වෙබ් අඩවිය එළිදැක්වූ අතර ඕනෑම අයෙකුට එම වෙබ් අඩවියට පිවිස වෙළඳ සේවා සංගමයේ කි‍්‍රයාකාරකම් පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.