Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් ශූරයන්ටත් මිලියනයක සල්ලි මල්ලක්

වොලිබෝල් ශූරයන්ටත් මිලියනයක සල්ලි මල්ලක්

Dilrukshi - 2015 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



 

ශ්‍රී ලංකා වෙළඳ සේවා වොලිබෝල් සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය  මෙවරත් ශ්‍රේණි තුනකින් යුතුව පැවැත්වෙන අතර ජයග‍්‍රාහී කණ්ඩායම් වෙනුවෙන් රුපියල් මිලියනයකට අධික ත්‍යාග මුදල් පිරිනැමෙන බව සංවිධායකයෝ කියති.  තරගවලියේ දක්ෂතම ක‍්‍රීඩකයාට යතුරු පැදියක් පිරිනැමීමට නියමිතය.

මෙම තරගාවලිය පිළිිමලූන් පිටු දැකීමේ ක‍්‍රමය යටතේ පැවැත්වෙන අතර මූලික අදියරේ තරග  සැප්තැම්බර් 05 සහ 06 දිනයන්හිදී මහරගම ජාතික තරුණසේවා සභා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. අවසන් මහ තරගය ඔක්තෝබර් 04 වැනිදා තරුණසේවා සභා ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

වොලිබෝල් ක‍්‍රීඩාව වෙළෙඳ සේවා ආයතන තුළ ප‍්‍රචලිත කිරීමේ අරමුණින් ජාතික නිතී රීතී පදනම් කර ගෙන මෙම තරගාවලිය සංවිධාන කර ඇතැයි සංවිධායක මණ්ඩලය පවසයි.

මෙවර තරගය  සුපිරි ලීග, ශූරතා තරගාවලිය සහ ‘ඒ ‘ කණ්ඩයේ තරග යනුවෙන්   කාණ්ඩ තුනක් යටතේ පැවැත්වෙන අතර වෙළෙද සේවා වොලිබෝල්  සංගමයේ සාමාජිකත්වය දරන  ආයතනයක මාස තුනක සේවා කාලය සම්පූර්ණ කර ඇති ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මේ සඳහා සහභාගි විය හැකිය.

අයදුම්පත් භාර ගැනීම අගෝස්තු 15 වැනිදායින් අවසන් වන අතර වැඩි විස්තර දුරකතන අංක 071 0682682 ඔස්සේ චන්දන මහතා ඇමතීමෙන් හෝ අංක 077 2963170 ඔස්සේ හිරාන් මහතා ඇමැතීමෙන් ලබාගත හැකිය. නැතහොත්   www.mercantilevollyballsl.com වෙබ් අඩවියෙන් හෝ mvasrilanka@gmail.com ඊමේල් ලිපිනයෙන්  විමසීීමෙන් ලබා ගත හැකිය.

තැපෑලෙන් අයදුම්පත් එවීමේදී ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවරේ ‘වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලිය - 2015’ යනුවෙන් සඳහන් කර වෙළෙඳ සේවා වොලිබෝල් සංගමය, නො. 110, කුමාරන් රත්නම් පාර, කොළඹ 02 ලිපිනයට යොමු කළ යුතුය


සියලූම අංශ යටතේ දක්ෂතම ක‍්‍රීඩකයා හා ක‍්‍රීඞීකාව සඳහා කුසලාන පිරිනැමෙන අතර ජයග‍්‍රාහයන්ට හිමිවන ත්‍යාග මුදල් පහත පරිදි වේ.


සුපිරි ලීග කාණ්ඩය


පිරිමි තරගාවලිය
ප‍්‍රථම ස්ථානය        : රු .150,000 සහ කුසලාන
දෙවැනි ස්ථානය     : -රු .100,000 සහ කුසලාන
තෙවැනි ස්ථානය    : -රු .50,000 සහ කුසලාන


කාන්තා තරගාවලිය

 

ප‍්‍රථම ස්ථානය          : රු 100,00 සහ කුසලාන
දෙවැනි ස්ථානය       : -රු 50,000 සහ කුසලාන
තෙවැනි ස්ථානය      : රු 25,000 සහ කුසලාන


ශූරතා තරගාවලි කාණ්ඩය


පිරිමි තරගාවලිය


ප‍්‍රථම ස්ථානය          : රු 100,00 සහ කුසලාන
දෙවැනි ස්ථානය       : -රු 50,000 සහ කුසලාන
තෙවැනි ස්ථානය      : -රු 25,000 සහ කුසලාන


කාන්තා තරගාවලිය


ප‍්‍රථම ස්ථානය           : රු 80,000 සහ කුසලාන
දෙවැනි ස්ථානය        : -රු 40,000 සහ කුසලාන
තෙවැනි ස්ථානය       : -රු 25,000 සහ කුසලාන


‘ඒ’  කාණ්ඩයේ තරගාවලිය


පිරිමි තරගාවලිය


ප‍්‍රථම ස්ථානය          : රු 20,000 සහ කුසලාන
දෙවැනි ස්ථානය       : -රු 15,000 සහ කුසලාන
තෙවැනි ස්ථානය      : -රු 10,000 සහ කුසලාන


කාන්තා තරගාවලිය


ප‍්‍රථම ස්ථානය          : රු 20,000 සහ කුසලාන
දෙවැනි ස්ථානය       : -රු 15,000 සහ කුසලාන
තෙවැනි ස්ථානය      : -රු 10,000 සහ කුසලාන

 

- 085

 

 


අදහස් (0)

වොලිබෝල් ශූරයන්ටත් මිලියනයක සල්ලි මල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.