Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් සභාපති නිතරගයෙන්

වොලිබෝල් සභාපති නිතරගයෙන්

Dilrukshi - 2015 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ටොරින්ටන් පෙදෙස කී‍්‍රඩා අමාත්‍යංශයේදී පැවැති ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලන නිලවරණයේදී සභාපති තනතුර සඳහා සුමිත් එරන්දික මහතා නිතරගයෙන් පත්විය.

සභාපති ධූරය සඳහා නාමයෝජනා භාරදී සිටි මර්වින් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා අවසන් මොහොතේ සිය නාමයොජනාව ඉල්ලා අස්කරගැනීම නිසා එම ධූරය සඳහා ඡුන්දයක් නොපැවැත්විණ.

සම්මේලනයේ උප ලේකම් ධූර දෙක සහ කමිටු සාමාජික ධූර 9 සඳහා පමණක් ඡන්ද පැවැත්වුණ අතර අනිකුත් සියලූම තනතුරු සඳහා නිලධාරීහු නිතරගයෙන් පත්වූහ.

එහිදී ඡන්ද 44 ක් ලබාගත් සරත් ද සිල්වා මහතා සහ ඡන්ද 31 ක් ලබාගත් කාන්තසිරි මීගමුවගේ මහතා උප ලේකම් ධූර දෙක සඳහා තේරී පත්වූ අතර අපේක්ෂකයන් 16 දෙනෙකු අතරින් සමන් අබේවර්ධන (ඡන්ද 80), කි‍්‍රෂාන්ති ජයවර්ධන (72), සිසිරකුමාර අභයසිරිවර්ධන (67), සී. රත්නමුදලි (66), ජයපද්ම හේරත් (65), සචින්ත සූරියබණ්ඩාර (64), දොන් ජයරංජන (62), ක‍්‍රිෂාන්ත ප‍්‍රනාන්දු (49) සහ රාමසාමි මුණිඅයියා (41) යන මහත්වරු කමිටු සාමාජිකයෝ ලෙස තේරී පත්වූහ.


උප භාණ්ගාරික ධූරය සඳහා කිසිදු අපේක්ෂකයකු නිලවරණයට ඉදිරිපත්වී නොසිටීමද මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් විය.

නව නිලධාරී මණ්ඩලය

සභාපති - සුමිත් එරන්දික මහතා
උප සභාපතිවරු - නිමල් පෙරේරා මහතා, නිෂාන්ත ද කොස්තා මහතා, බොනිපස් පෙරේරා මහතා, සනත් උත්පල මහතා, කන්දසාමි යෝගරත්නම් මහතා සහ රෝහණ සේනාරත්න මහතා
ලේකම් - ශාන්තසිරි නාලක මහතා
උප ලේකම් - සරත් ද සිල්වා මහතා සහ කාන්තසිරි පියසේන මහතා
භාණ්ඩාගාරික - තුෂාර සම්පත් මහතා
පිටියේ ලේකම් - කාංචන ජයරත්න මහතා
සංවිධායක - ඩිලාන් පි‍්‍රයන්ජන් මහතා
කමිටු සාමාජිකයෝ - සමන් අබේවර්ධන, කි‍්‍රෂාන්ති ජයවර්ධන, සිසිරකුමාර අභයසිරිවර්ධන, සී. රත්නමුදලි ජයපද්ම හේරත්, සචින්ත සූරියබණ්ඩාර, දොන් ජයරංජන, ක‍්‍රිෂාන්ත ප‍්‍රනාන්දු සහ රාමසාමි මුණිඅයියා යන මහත්වරු

 


අදහස් (0)

වොලිබෝල් සභාපති නිතරගයෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.