Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වෙන මධ්‍යම ආසියානු වොලිබෝල් (වයස 20 න් පහළ - බාලක) තරගාවලියේ මූලික වටයේ සිය සභාභාගිත්වය අවසන් කරමින් පැවැති තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකාව ප්‍රබල උස්බෙකිස්තානය හමුවේ වට 3 - 1 ක පරාජයක් ලැබීය. ඒ ලකුණු 17/ 25 ක්, 18/ 25 ක්, 25/21 ක් සහ 23/ 25 ක් වන පරිදිය.
මෙම තරග පරාජයත් සමග හෙට (12 වැනිදා) මාලදිවයිනට එරෙහිව පස් වැනි ස්ථානය තේරීමේ ශ්‍රේණිගත තරගයට සහභාගිවීමට ශ්‍රී ලංකාවට සිදුවෙයි. මෙම තරගය අද පෙරවරු 10.00 ට ආරම්භ වේ.
මූලික වටයේ වැඩිම ප්‍රසාද ලකුණු ලැබූ උස්බෙකිස්තානය හා නේපාලය අතර අවසන් මහ තරගය හෙට (12 වැනිදා) පස්වරු 3.00 ට පැවැත්වෙයි. තෙවැනි ස්ථානය තේරීමේ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ පස්වරු 1.00 ටය. රටවල් හයක් තරග වැදුණු මෙම තරගාවලිය අද නිමාවට පත්වේ. ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේදී ජය ගැනීමට හැකිවූයේ මාලදිවයින සමග තරගය පමණි.
අද පැවැති මූලික වටයේ තරගයකදී නේපාලය විසින් තර්ක්මෙනිස්ථානය වට 3 -2 කින් පරාජය කිරීමත් සමග ඔවුන් අවසන් තරගයට සුදුසුකම් ගත්තේය. කිරිගිස්ථානය හා තර්ක්මෙනිස්ථානය අතර තෙවැනි ස්ථානය තේරීමේ තරගය පැවැත්වේ.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සත්කාරය දැරීමේදී රුපියල් මිලියන 23 කට ආසන්න වියදමක් දැරීමට සිදුවූ බව වාර්තා විය. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය හා එක්ව මෙම තරගාවලිය මෙහෙයවූ මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ ලේකම් ධූරය දරන්නේත් ඒ. එස්. නාලක මහතාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.