Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලාංකිකයන්ට වඩාත් ගැලපෙන ක‍්‍රීඩා කීපයක් හඳුනාගෙන ඒවාට වැඩි අවධානය සහ ශක්තිය යොමු කිරීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් දිනා ගැනීමේ හැකියාව ඇති බව ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප‍්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පවසයි. වසර දෙකක පමණ කාලයක් ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා එම තනතුරෙන් ඉවත්ව යාමට පෙර ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවේදී මෙසේ ද පැවසීය.
”මා මේ තනතුරට පත්වන විටත් කිව්වා වැඩ කරන්න පුළුවන් වසර දෙකක් පමණයි කියලා. මල් වැටෙන විට තමයි ඉවත් වෙන්න ඕනේ, ගල් ගහන විට නොවෙයි”
”මා රාගම වෛද්‍ය පීඨයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරමින් ක‍්‍රීඩා වෛද්‍ය ඒකකට සැපයන කිසිදු දීමනාවක් නොලබා වැඩ කළා. කිසිදු දේශපාලන බලපෑමක් නෑ, සියලූ දෙනාම මට උදව් කළා. තව දුරටත් කටයුතු කරන ලෙස තමයි ඉල්ලන්නේ, නමුත් ආයතන දෙකක එකවර කටයුතු කිරීම අපහසු නිසා මා ඉවත් වෙනවා”
එහිදී ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩාව පිළිබඳව මාහාචාර්යවරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.
”අපි අපේ අයගේ ශරීරික තත්ත්වය සහ අනිකුත් දේවල් පිළිබඳව අවධානය යොමු කර ක‍්‍රීඩා කීපයක් තෝරාගත යුතුයි. උදාරණයක් ලෙස සිංගප්පූරුව ඔවුන්ගේ රටට ගැලපෙන ක‍්‍රීඩා ලෙස බැඞ්මින්ටන් සහ මේසපන්දු හඳුනාගෙන දියුණු කිරීමට කටයුතු කර පදක්කම් දිනනවා. මගේ අදහස නම් අපි ක‍්‍රීඩා තෝරා ගන්නා විට වෙඩි තැබීම සහ දුන්නෙන් විදීම යන ක‍්‍රීඩා අනිවාර්යෙන්ම තෝරාගත යුතුයි. මලල ක‍්‍රීඩාත් තිබිය යුතුයි, මොකද අපි එම ක‍්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කම් දිනා තිබෙනවා’’
”සාග් ක‍්‍රීඩා උළෙලට ක‍්‍රීඩා 20 ක් පමණ හදුනාගෙන එයට සූදානම් විය යුතුයි. ඒ වගේම ආසියානු ක‍්‍රීඩා උළෙලට නම් ක‍්‍රීඩා 15 ක් පමණත්, ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට නම් ක‍්‍රීඩා 5 ක් පමණත් හදුනාගෙන ඒවට අවශ්‍ය සියලූම පහසුකම් ලබාදිය යුතුයි”
”එක දෙයක් කිවයුතුයි. මුදල් වියදම් කරන්නේ නැතුව පදක්කම් දිනන්න බෑ. කඩෙන් කාලා, දුෂ්කර ජීවිතයක් ගත කරන ක‍්‍රීඩකයන්ගෙන් පදක්කම් බලාපොරොත්තු වෙනවා නම් එය අසාධාරණයි” යයිද මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසිය.
මහාචාර්ය වරයා පැවසුවේ වර්තමාන තත්ත්වය යටතේ තනි පුහුණුකරුවකුට ක‍්‍රීඩකයකු ජයග‍්‍රහණය කරා ගෙනයෑම අපහසු බවත් ශක්තිය, පෝෂණය, තාක්‍ෂණය ආදි ලෙස විවිධ අංශවලට පුහුණුකරුවන්ගේ සේවය ක‍්‍රීඩකයකුට අවශ්‍ය බවත්ය.
”ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ක‍්‍රීඩා මානසික වෛද්‍ය සහාය අනිවාර්යෙන්ම ලැබිය යුතුයි. මා මේ පිළිබඳව ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයා සමගත් සාකාච්ඡුා කළා. අපේ ක‍්‍රිකට් කණ්ඩායම අවසන් තරග පහකින් පරාජයට පත්ව තිබෙනවා. එයට හේතුව දස්කම් නැතිකම නොවෙයි, මානසික තත්ත්වයයි”
මීට වසර දෙකකට පෙර තමන් ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ ප‍්‍රධානියා ලෙස වැඩ ආරම්භ කරන විට පැවැති ගිනස් වාර්තා පිළිබඳ ගැටළුව, ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයට භෞතචිකිත්සකවරයකු නොමැති වීම, තහනම් උත්තේජක ගැනීමේ ප‍්‍රශ්ණය සහ නව තාක්‍ෂණ උපකරණ නොමැති වීම යන ප‍්‍රධානතම ප‍්‍රශ්න වලට විසඳුම් ලබාදීමට හැකි වූ බව මහචාර්යවරයා පැවසීය.
‘‘ගිනස් වාර්තා අධීක්‍ෂණය කරන නියෝජිතයෝ ලංකාවේ නෑ, 2011 දෙසැම්බර් මස සනත් බණ්ඩාර ඒ සඳහා පවතින ක‍්‍රමවේදයට අනුව සාර්ථකව ගිනස් වාර්තාවක් පිහිටෙව්වා. ගිනස් වාර්තා සඳහා ශ්‍රී ලංකාවේ වෙනම ඒකකයක් පිහිටුවනවා නම් හොඳයි කියලා මම හිතනවා’’
‘‘මා පත්වන විට භෞතචිකිත්සක සහ සම්භාහක අතර වෙනසක් තිබුනේ නෑ. ක‍්‍රීඩා වෛද්‍ය විද්‍යාවේදී වෛද්‍යවරු වගේම භෞතචිකිත්සකවරුත් වැදගත්. ඕස්ටේ‍්‍රලියානු ජාතික භෞතචිකිත්සකවරයකු වන ෂේන් හෝස් මහතා සේවය මාස හයක පමණ කාලයක් ලබාගෙන අපේ අයට පුහුණුව දුන්නා. ෂේන් හෝස් මහතා මේ වන විට චීන ඔලිම්පික් කණ්ඩායමේ භෞතචික්ත්සකවරයා ලෙස කටයුතු කරනවා. නමුත් ශ්‍රී ලංකාවේ එම අංශය තව දුරටත් දියුණු විය යුතුයි’’
‘‘තහනම් උත්තේජක ප‍්‍රශ්නයට ආසියාවේ පළමු වරට ක‍්‍රීඩකයන්ට පමණක් නොව ඔවුන්ගේ සෙසු නිලධාරීන්ට දඩුවම් පැනවිය හැකි පනතක් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඒ අනුව මිලියනයක දඩයක් හෝ වසර දෙකක සිර දඩුවමක් පැනවීමේ හැකියාව තිබෙනවා. ඒ සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමට නියමිතයි. මේ පනත ජාත්‍යන්තර වශයෙන් පැසසුමට ලක්වුණා’’
‘‘නව තාක්‍ෂණය ගැන කථා කරනවා නම් ඪධ2 ඵ්ඞ හෙවත් ක‍්‍රීඩකයන්ගේ ඔක්සිජන් ධාරිතාව මනින යන්ත‍්‍රයක් මිලියන හතරක් පමණ වියදම් කර අපි ගත්තා, එය දුර දීමේ ක‍්‍රීඩකයන්ට ඉතාමත් වැදගත්. එම යන්ත‍්‍රයෙන් කුඩා කාලයේදීම දුර දිවිමේ හැකියාව හදුනාගත හැකියි. දැන් ලංකාවේ වෙනත් දියුණු තාක්‍ෂණය තිබෙනවා, තවත් බොහෝ දේවල් ලැබිය යුතුයි’’
‘‘ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ පෝෂණ තත්ත්වය පිළිබඳව විශේෂ වැඩසටහනක් තිබුණේ නෑ, පෝෂණවේදීන්ගේ සේවය ලබාගෙන හොඳ වැඩසටහනක් මේ වන විට ක‍්‍රියාත්මක කරනවා. රටේම පෝෂණ පිළිබඳව ප‍්‍රශ්නයක් තියෙනවා, එහිදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකවන් විශේෂයි’’
තමන් ප‍්‍රධානියා ලෙස කටයුතු කළ වසර දෙකක පමණ කාලය තුළ ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයට අඩුවක්ව පැවැති වෛද්‍යවරුගේ අඩුවට නව වෛද්‍යවරු අනුයුක්ත කළ බවත් ශ‍්‍රවනාගාරයක් ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කළ බව මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.
මෙහිදී අවසන් වශයෙන් අදහස් දැක්වූ මහාචාර්යවරයා පැවසුවේ තහනම් උත්තේජක ඒකකයේ හෝ ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ කටයුතු වලට තමන් හැකි සෑම අවස්ථාවකම සහයෝගය ලබා දෙන බවත් තහනම් උත්තේජක ඒකකයේ අධ්‍යක්‍ෂක ජනරාල් ධූරය බාර ගැනීමට තමන්ට හැකියාවක් නොමැති බවත්ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.