Last Update  :  2024-12-26 20:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකා - කසකස්ථාන තරගය හෙට

ශ්‍රී ලංකා - කසකස්ථාන තරගය හෙට

editorial - 2024 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

පාකිස්තානයේ  ඉස්ලාමාබාද් නුවරදී සෙනසුරාදා (11) ආරම්භ  වන  ආසියානු  ජාතීන්ගේ  ලීග්  (පිරිමි ) වොලිබෝල්  තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී  ල‍‍ංකා  ජාතික  කණ්ඩායම  එදින කසකස්ථානය සමග  සිය පළමු තරගයට සහභාගිවීමට නියමිතය. මෙම  තරගාවලිය රටවල්  හයකගේ සහභාගිත්වයෙන්  මැයි  18 වැනිදා  දක්වා ඉස්ලාමාබාද්  නුවරදී පැවැත්වෙයි.

මෙම තරගාවලිය සදහා  සහභාගි  වන ශ්‍රී  ලංකා ජාතික  වොලිබෝල්  කණ්ඩායම  8 වැනිදා දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම  තරගාවලියේ විශේෂ  වැදගත්කම  වන්නේ  එළඹෙන  ආසියානු  ශූරතා වොලිබෝල් (පිරිමි ) තරගාවලියට මෙහි ශූරතාව අනුශුරතාව හා හා තෙවැනි  ස්ථානය  ලබන කණ්ඩායම් තුනක් නිර්දේශ  ලැබීමය. එහිදී  අවම තෙවැනි  ස්ථානය  ලබමින්  ආසියානු  තරගාවලියට  නිර්දේශ  ලබා ගැනීම ශ්‍රී  ලංකාවේ අපේක්ෂාවවී තිබේ.

ශ්‍රී  ලංකා වොලිබෝල්  සම්මේලනයේ  අනුමැතිය  ලබා ගනිමින් ඩුබායි නුවරදී  හා ස්විට්සර්ලන්තයේදී පැවැත්වෙන  ලිග් වොලිබෝල්  තරග මාලා සදහා  සහභාගිවී සිටින ප්‍රබල  ශ්‍රී  ලංකා ක්‍රීඩකයන් දෙදෙනකු වොලිබෝල්  සම්මේලනයේ  කැදවීම්  නොතකමින් මෙම  සංචාරයට සහභාගි  නොවීම සම්බන්ධයෙන්  විනය  පියවර  ගන්නා බව එම සම්මේලනය පවසයි.   මෙය ඔවුන්  ශ්‍රී  ලංකා වොලිබෝල්  සම්මේලනය සමග  ඇති කර ගත්  ගිවිසුම් උල්ලංඝනය  කිරිමක් බවද ප්‍රකාශ වේ. 

ශ්‍රී  ලංකාව කොළඹදී පැවැති  මධ්‍යම  ආසියානු  වොලිබෝල්  (පිරිමි ) තරගාවලියේ ශූරයන් ලෙස  ඉස්ලාමාබාද් තරගාවලියට නිර්දේශ  ලබා තිබේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්  12 දෙනා හා ප්‍රධාන  පුහුණුකරු  හා සහය  පුහුණුකරු  සදහා  ගුවන් ප්‍රවේශ  ලබාදීමෙන් ක්‍රීඩා  අමාත්‍යාංශය  අනුග්‍රහය  දක්වා තිබේ. 

ඇප්ගනිස්ථානය, ඉරානය, කිරිකිස්ථානය, පාකිස්තානය, තර්ක්මෙනිස්ථානය මෙම  තරගාවලියට සහභාගි  වන සෙසු  රටවල් වෙති.

ශ්‍රී  ලංකාව මූලික වටයට සහභාගි  වන අයුරු

*මැයි 11 වැනිදා :- කිරිකිස්ථානයට එරෙහිව 
*මැයි 12 :- පාකිස්තානයට එරෙහිව 
*මැයි  13 :-  ඇප්ගනිස්ථානයට එරෙහිව 
*මැයි 15 :- ඉරානයට එරෙහිව 
*මැයි 16 :- තර්ක්මෙනිස්ථානයට එරෙහිව  
* මැයි  17 :- මූලික  වටයේ  ප්‍රසාද ලකුණු  වැඩිම ලබා ගත් අනුපිළිවෙල අනුව  පත් වන කණ්ඩායම් හතර අතර  තෙවැනි ස්ථානය  තේරීම්  තරගය හා අවසන් මහ තරගය.

 

අසුන්ගෙන වමේ සිට
සුසිර මංගල මහතා - අභ්‍යාසක, චන්න ජයසේකර 
මහතා – ප්‍රධාන පුහුණුකරු, ඒ.එස්.නාලක මහතා - ප්‍රධාන ලේකම් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, කංචන ජයරත්න මහතා - සභාපති ශ්‍රී ලංකා  වොලිබෝල් සම්මේලනය, ශ්‍රී මාල් ද සිල්වා මහතා - කළමනාකරු, දීප්ති රොමේෂ් - නායක, නිශාන් ඉන්දික මහතා – සහාය පුහුණුකරු
පසුපස පේලිය වමේ සිට
මනෝජ් සුරංග, මලීෂ රවිශාන්, ඉසුරු මධුෂාන්, ප්‍රනීත් දිනේන්ද්‍ර, ෂෙහාන් විමුක්ති, සනුක මධුභාෂන, වසන්ත ලක්මාල් අයේෂ් දිල්හාන් ලහිරු ප්‍රමුදිත, මන්ජුල නලීන්, දුලංජන් සංදීප  මහේෂ් වන්නිගමගේ, විමුක්ති සාගර


අදහස් (1)

ශ්‍රී ලංකා - කසකස්ථාන තරගය හෙට
  • සාන් Friday, 10 May 2024 03:35 PM

    අනේ මේ පුන්‍යභූමියේ ක්‍රීඩා තියා මොනවා කළත් වැඩක් නෑ. තැනක් නෑ. ස්විස්, ඩුබායි කොහේ හරි ගහලා කොල්ලෙක් යනවා නම් ඒ ඇති..

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.