Last Update  :  2025-04-18 17:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball 16 න් පහළ බාලිකා ශූරතාව ආණමඩුවට

16 න් පහළ බාලිකා ශූරතාව ආණමඩුවට

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩී. එස්. අයි. සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරගමාලාවේ ඉතා තියුණු තරගයකින් පසුව 16 න් පහළ වයස් කාණ්ඩයේ බාලිකා ශූරතාව දිනා ගැනීමට ආණමඩුව මහඋස්වැව රතනපාල මැදි විදුහල් ක්‍රීඩිකාවෝ සමත්වුහ.

මහරගම තරුණ සේවා ගෘහස්ත පිටියේදී අද (16) පෙරවරුවේ පැවැති මෙම තරගයේදී රතනපාල මැදි විදුහල් ක්‍රීඩිකාවෝ ලකුණු 28/26, 19/25, 25/10, 23/25 ක් සහ 15/3 ක් ලෙස ගලිගමුව මැදි විදුහල පරදවා ජය ලැබුහ.

වසර තුනකට පසුව ක්‍රියාත්මක වන ඩී.එස්.අයි. වොලිබෝල් තරගාවලියේ වාර්තා වු තියුණු මුහුණුවරක් ගත් දෙවැනි තරගය මෙය වේ.

ඊයේ පැවැති වයස 14 න් පහළ බාලක අවසන් තරගයේදී රුවන්වැල්ල රාජසිංහ විදුහල තරගය ජය ගත්තේ මාරවිල ශාන්ත සේවියර් විදුහල් කණ්ඩායමට එරෙහිව වට 3-2 ක තියුණු තරගයකින් පසුවය.

වයස 16 න් පහළ බාලිකා අවසන් තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස මහඋස්වැව රතනපාල විදුහලේ ප්‍රීතිකා ප්‍රමෝද්‍යා ද, දක්‍ෂතම පන්දු ඔසවන්නිය ලෙස එම විදුහලේම ක්‍රීඩිකා සුදීපා නිල්මිණී ද සම්මාන ලැබුහ.

ගලිගමුව මැදි විදුහලේ දිලුක්‍ෂි හර්ෂණී දක්‍ෂතම පන්දු ප්‍රහාරිකාව ලෙස සම්මාන ලැබුවාය.

ගලිගමුව මැදි විදුහල, අවසන් වරට 2013 දී පැවැති තරගාවලියේ 16 න් පහළ බාලිකා අවසන් තරගයට සුදුසුකම් ලබා එහිදී රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහල හමුවේ පරාජය ලබා තිබේ.  රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහල මෙවර තරගාවලියේ මුලික වටයේදී පරාජයට පත්විය.

බාලිකා ශූරතාව (වයස 16න් පහළ)දිනා ගත් ආණමඩුව මහඋස්වැව
රතනපාල මැදි විදුහල් කණ්ඩායම

 

 


අදහස් (0)

16 න් පහළ බාලිකා ශූරතාව ආණමඩුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.