Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ මීළඟ නිලවරණයට (2015-17) තමන්ගේ ඉදිරිපත්වීම පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි එහි වත්මන් සභාපති, විදෙස් රැකියා හා සුබසාධන හිටපු ඇමති ඩිලාන් පෙරේරා මහතා එහි විධායක සභාවට දැනුම් දී තිබේ.
ජාතික ඔලිම්පික් කමිටුවේ උපසභාපතිවරයකු ද වන ඩිලාන් පෙරේරා මහතා මෙරට වොලිබෝල් මුල් පුටුව හොබවන්නේ 2005 සිට ය. ඩිලාන් පෙරේරා මහතාට ඇමැති ධුුරය අහිමිවීමත් සමග මේ වනවිට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට නරක දසාවක් උදාවී ඇතැයි ක්‍ෂේත‍්‍රයේ අය පවසති.
සිය ඇමති ධුරයේ බලතල පාවිච්චි කරමින් ඔහු සිය අමාත්‍යාංශ ගොඩනැගිල්ලේ වොලිබෝල් සම්මේලන මූස්ථානය පවත්වාගෙන යාමට අවසර දුන්නේය. එහෙත් මේ වනවිට එම ස්ථානය අහිමිවී තිබෙන වොලිබෝල් සම්මේලනය එයින් පසු පළමු වරට පසුගිය සිකුරාදා (23) සිය විධායක සභාව කැඳවනු ලැබීය. ඒ කොළඹ පෞද්ගලික ස්ථානයක දීය.
එදින විධායක සභාව තීරණය කර ඇත්තේ වොලිබෝල් සම්මේලනයේ මීළඟ නිලවරණය ලබන මාර්තු 28 වැනිදා පැවැත්වීමටය. එහිදී මූලාසනය දරමින් අදහස් දක්වා තිබෙන හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතා මීළඟ නිලවරණයට තමන් තරග වැදීම සම්බන්ධයෙන් එතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි පවසා තිබේ.
එහිදී ඔහු ඉඟිකර ඇත්තේ ප‍්‍රතිවාදී දේශපාලනඥයකු වොලිබෝල් සභාපති ධුරයට ඉදිරිපත් වන්නේ නම් තමන් ඊට තරග වැදීම බැහැර නොකරන බවය. ඔහු මීට පෙර අවස්ථාවක දී ප‍්‍රකාශ කර තිබුණේ පත්වන නව ක‍්‍රීඩා ඇමැතිවරයා මත තමා ඒ පිළිබඳව අවසන් තීරණයක් ගන්නා බව ය.
මේ අතර උද්ගතවී තිබෙන තත්ත්වය හමුවේ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් වටය හා අවසන් මහ තරග එකම ස්ථානයක දී පැවැත්වීමට වොලිබෝල් විධායක සභාව තීරණය කර ඇත්තේ වියදම් අවම කර ගැනීමේ අදහසිනි.
ඒ අනුව සීදුව ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ ගෘහස්ථ පිටියේ දී ජනාධිපති රන් කුසලාන වොලිබෝල් අවසන් වටය පැවැත්වීමට එහිදී තීරණය කර තිබේ.
වොලිබෝල් සම්මේලනයේ දීර්ඝ කාලයක් භාණ්ඩාගාරික ධුරය දැරූ රොහාන් සෝමවංශ මහතාද මීළඟ නිලවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි ද විධායක සභා ආරංචිමාර්ග සඳහන් කරයි.
වොලිබෝල් සම්මේලනයේ වත්මන් පාලනයට අයත් විධායක සභාවේ දේශපාලනඥයන් ගණන පහකි. දැනට ඉන් තිදෙනෙක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු වෙති. උප සභාපතිවරු හය දෙනාගෙන් සිවු දෙනෙක්ම දේශපාලනඥයෝ වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.