Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ක‍්‍රීඩා සංගම් තනතුරු සඳහා නිතරගයෙන් පමණක් පත්වීමේ තමාගේ ප‍්‍රතිපත්තිය ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී වෙනස් විය හැකි බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
මීළඟ ඔලිම්පික් කමිටු නිලවරණයේදී තමා එහි සභාපති ධුරයට නාමයෝජනා බාරදීමට බලාපොරොත්තු වන බව ඩිලාන් පෙරේරා මහතා ප‍්‍රකාශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් ඔහු ලංකාදීපයට පැවසුවේ ක‍්‍රීඩාවේ උන්නතියට හේතුවේ නම් එම ප‍්‍රතිපත්තිය වෙනස් කිරීමට තමා සූදානම් බවය.
වසර හයක් තිස්සේ වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරය නිතරගයෙන් හොබවන ඇමැති ඩිලාන් පෙරේරා මහතා එහි නිලවරණයට ඉදිරිපත් වන සෑම අවස්ථාවකදීම ප‍්‍රකාශ කළේ නිතරගයෙන් පමණක් වොලිබෝල් මුල් පුටුවට පත්වීමට තමා උනන්දු වී සිටින බවය.
ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරයට මා නාමයෝජනා බාරදෙනවා. ඒකට මා පළමුවෙන් උනන්දු කළේත් හේමසිරි ප‍්‍රනාන්දු මහතායි. ඒ මහතා නැතිනම් ඊළඟට ඒ තනතුරට වෙනත් සුදුස්සෙක් වේ නම් ඒ ඩිලාන් පෙරේරා ඇමැතිවරයා බව වරක් ඔහු ප‍්‍රකාශ කළා.
නිලවරණයට ඉදිරිපත් වෙන්නෙ මම තනතුර බාර ගන්නයි. තරගයක් ආවොත් මගේ ප‍්‍රතිප්තතිය ක‍්‍රීඩාවේ උන්නතියට වෙනස් කරන්න මා සූදානම්.
ඒ වගේම නිලවරණයේදී එල්ල විය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නත් මා සූදානම් යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඒ මහතා ජාතික ඔලිම්පික් කමිටුවේ වත්මන් උප සභාපතිවරයකු ද වන අතර මීළඟ වොලිබෝල් නිලවරණයේදී සභාපති ධුරයට තරග නොවදින බවත් ඔහු පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.