Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ඔලිම්පික් කමිටුව රාජ්‍ය විරෝධී නොවේ යයි ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ශී‍්‍ර ලංකාවේ සියලූම කී‍්‍රඩා සම්බන්ධයෙන් බලපැවැත්වෙන 1973 කී‍්‍රඩා පනත සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව සහ කී‍්‍රඩා අමාත්‍යංශය අතර පසුගියදා ඇතිවූ මත ගැටුම පිළිබඳව කී‍්‍රඩා අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදන කිහිපයක් අභියෝගයකට ලක්කරමින් ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබේ.
හේමසිරි ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුත් පිටු 8 කින් සමන්විත එම නිවේදනයේ මෙසේය.
ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය පැවැත්වීමට ආසන්නව තිබියදී ඔලිම්පික් කමිටුවේ වත්මන් පරිපාලනය පිළිබඳවත් ජාතික ඔලිම්පික් කමිටුව පිළිබඳවත් පෞද්ගලිකව මා පිළිබඳවත් අසත්‍ය හා අභූත චෝදනා නගමින් ක්‍රීඩා අමාත්‍යාංශය නිකුත් කොට ඇති මාධ්‍ය නිෙව්දන මගින් පාඨකයා නොමග යැවීමක් සිදුවන බැවින් ඒ සඳහා කරුණු පැහැදිලි කිරීම ජාතික ඔලිම්පික් කමිටුවේ වගකීමක් ලෙස සලකමි.
මෙම ප්‍රවෘත්ති නිවේදනය නිකුත් කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුවත් පෞද්ගලිකව මාත් අපහසුතාවයට පත් කිරීමත් එමගින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ හිතවතුන් හා ඔහුගේ අනුග්‍රහය ලබන කිහිප දෙනෙකු ජාතික ඔලිම්පික් කමිටු නිල වරණයේදී ජයග්‍රහණය කරවීමත්ය. මා විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට යවා ඇති ලිපිය පිළිබඳ සාවද්‍ය තොරතුරු හුවා දක්වමින් ජාතික ක්‍රීඩා සංගම් නොමග යැවීමත් එමගින් ක්‍රීඩාවේ අනාගතයට බලපෑමක් එල්ලවන බවටත් භීතිකාවක් ඇතිකොට තිබේ.
එම නිවේදනය මගින් ඔවුන් දක්වන්නේ මා විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට ලිපියක් යැවීමට හේතු වී ඇත්තේ ඔලිම්පික් කමිටුවේ වාර්ෂික ගිණුම් විගණනය, විගණන දෙපාර්තමේන්තුවට පැවරීමට අමාත්‍යාංශය ගත් තීරණය දේශපාලන අතපෙවීමක් ලෙස හුවා දැක්වීමට බවයි. මෙම වගකීමෙන් තොර කරුණු දැක්වීම පිළිබඳව මා පුදුමයට පත් වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය වැනි වගකිව යුතු අමාත්‍යාංශයක් ඔලිම්පික් කමිටු ගිණුම් වාර්තා, විගණන දෙපාර්තමේන්තුව මගින් 2009 වර්ෂයේ සිටම විගණනය වන බව නොදන්නේ ද යන්නයි.
වර්ෂ 1973 සිට පිළිගත් විගණන ආයතනයක් මගිනුත් 2006 සිට විගණන දෙපාර්තමේන්තුව විසින් නම් කල පිළිගත් ආයතනයක් මගිනුත් වාර්ෂික ගිණුම් විගණනය කරනු ලැබූ අතර පසුගිය වසර 4 කාලය සිට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉල්ලීම මත රජයේ විගණන දෙපාර්තමේන්තුව මගින් ගිණුම් විගණය කලද කිසිදු විගණනයකදී අවවාද කිරීම් වලට ඔලිම්පික් කමිටුව ලක්ව නොමැත. ඔවුන් විසින් පෙන්වා දී ඇත්තේ විධිමත් කර ගත යුතු කරුණු කිහිපයක් පමණි. අනෙක් අතට අමාත්‍යාංශ මාධ්‍ය නිවේදනයේ සඳහන් පරිදි ඔලිම්පික් කමිටුවේ පරිපාලන වියදම් සඳහා 100% මුදලක් සපයනුයේ අන්තර්ජාතික සංවිධාන වලින් වන අතර අමාත්‍යාංශය කිසිදු මුදලක් සපයනු නොලබයි. ක්‍රීඩා අමාත්‍යාංශය හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ජාතික ඔලිම්පික් කමිටුවට මුදල් ප්‍රතිපාදන ලබාදෙන්නේ අන්තර් ජාතික තරඟවලට සහභාගී වන ක්‍රීඩා කංඩායම් වෙනුවෙන් දැරිය යුතුවන වියදම් පියවා ගැනීම සඳහා පමණි. කෙසේ වුවද එයින් ජනතාවට හුවා දැක්වීමට උත්සාහ දරන්නේ ජාතික ඔලිම්පික් කමිටුවට සියලු මුදල් සපයන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය බවත් එම මුදල් විගණනය කිරීමට උත්සාහ දැරීමේදී එය දේශපාලන අත පෙවීමක් බව මා විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට දන්වා ඇති බවත්ය. අනෙක් අතට අමාත්‍යාංශය ඉන් පෙන්වීමට උත්සාහ කරන්නේ ගිණුම් විගණනයට ඉඩ නොදීමෙන් ජාතික ඔලිම්පික් කමිටු පරිපාලනය වංචා සහගත හා දූෂණයෙන් පිරි තැනක් බවට මහජනතාවට පෙන්වීමටයි. සෑම වසරකම ජාතික ඔලිම්පික් කමිටු ගිණුම් වාර්තා ප්‍රකාශයට පත් කරනු ලබන අතර උන්දුවක් දක්වන ඕනෑම අයෙකුට එය ලබාගැනීමේ හැකියාව පවතී. මෙම මාධ්‍ය නිවේදනය ජාතික ඔලිම්පික් කමිටු ගිණුම් වාර්තා පිළිබඳ අවබෝධයකින් තොරව නිකුත්කර තිබීම කණගාටුවට කරුණකි.
අනෙක් අතට මා ලියන ලද ලිපිය නිසා ජාතික සංගම් සඳහා ලබන වසරේ මුදල් ලබාදීමට නොහැකි බව අමාත්‍යාංශය මගින් එම සංගම් පරිපාලනය කෙරෙහි භීතිකාවක් හා අනිසි බලපෑමක් ඇති කර තිබේ. අමාත්‍යාංශය ප්‍රකාශ කරන ආකාරයට ජාතික සංගම් සඳහා වාර්ෂික අරමුදල් ලබා දුන් ක්‍රමෙව්දය කුමක්ද යන්න විමසිය යුතු කරුණකි. හිතවත්කම් හා වෙනත් සබඳතා හා බලපෑම් මත ඒ ඒ සංගම් සඳහා විවිධ හැඳි වලින් බෙදනවා හැරෙන්නට විධිමත් ක්‍රමවේදයක් අනුව අරමුදල් බෙදා නොමැත. එය සියලු ජාතික සංගම්ද දන්නා කරුණකි. මෙම අවස්ථාවේදී ඉතා පැහැදිලි හා සරල ඉල්ලීමක් කිරීමට මට සිදුව ඇත. එනම් 2009 වසරේ සිට එක් එක් ජාතික සංගමයට ක්‍රීඩා අමාත්‍යාංශය හෝ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සෘජුව හෝ වක්‍රව ලබාදුන් මුදල් ප්‍රමාණය කොපමණ දැයි සඳහන් වන සහතික කල ගිණුම් සටහනක් අපවෙත ලබාදෙන ලෙස යි. තමන්ට අවශ්‍ය කරන සංගම් වලට අති විශාල මුදල් සම්භාරයකුත් තවත් සමහර සංගම්වලට ඊට වඩා අඩු මුදල් ප්‍රමාණයකුත් තවත් සමහර සංගම් සඳහා කිසිම මුදලක් නොදීමත් අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිය වී ඇත. එහෙත් මෙම මාධ්‍ය නිවේදනය මගින් එම සංගම් භීතියට පත්කර බලපෑම් කිරීම හා ව්‍යංගව තර්ජනය කිරීම තරයේ හෙලා දැකිය යුතු කරුණකි.
ජාතික ඔලිම්පික් කමිටුවේ ඉඩම ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ලබා දුන්නක් බවට පවසමින් හා එම ගොඩනැගිල්ල ඉදි කිරීමට මිලියන 50 ක් දුන් බවට සඳහන් කරමින් අමාත්‍යාංශය සිදු කරන්නේ ජාතික ඔලිම්පික් කමිටුව නඩත්තු කරන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයෙන් වන බව පෙන්වීමට උත්සාහ දැරීමයි.
සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ කුඩා කාමර දෙකක ජාතික ඔලිම්පික් කමිටු කාර්යාලය කුලී පදනම මත පවත්වාගෙන ගිය කාලයේදී මෙම ඉඩම ලබාදෙනු ලැබුයේ එවකට ක්‍රීඩා අමාත්‍යවරයාව සිටි ජීවන් කුමාරණතුංග මැතිතුමා විසින් ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවක් මගිනි. එය ක්‍රීඩා අමාත්‍යාංශය පරිත්‍යාග කල ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉඩමක් නොවන බව සඳහන් කල යුතු අතර ඉදිකිරීම් සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා ආසියානු ඔලිම්පික් කමිටුව රුපියල් මිලියන 170 ක් ලබාදෙන විට ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදී ඇත්තේ මිලියන 50 ක් නොව මිලියන 30 ක මුදලකි. අප විසින් වාර්ෂික පරිපාලන වියදම් සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හා ආසියානු ඔලිම්පික් කමිටුව ලබා දෙන මුදලින් වසර 12 ක් පුරා ඉතිරිකරගන්නා ලද මුදලින් මෙම රුපියල් මිලියන 200ක වටිනාකමින් යුතු අංග සම්පූර්ණ සියලු පහසුකම් සහිත ගොඩනැගිල්ල ඉදිකොට තිබේ. මීට අමතරව රුපියල් මිලියන 50 ක ස්ථිර තැන්පත්ද ජාතික ඔලිම්පික් කමිටුව සතුව ඇත. මේ පිළිබඳ සියලු ගිණුම් රජයේ විගණන දෙපාර්තමේන්තුව මගින් විගණනය කොට ඇති අතර ක්‍රීඩා අමාත්‍යාංශය වෙතද ලබාදී ඇත.
ජාතික ඔලිම්පික් කමිටු වාර්ෂික ගිණුම් 2001 සිටම විගණනය කර ඇත්තේ රජයේ විගණකාධිපති විසින් පත්කරන ලද විගණන සමාගම් මගිනි. 2009 සිට එම කටයුත්ත විගණකාධිපති විසින් කරනු ලබයි. අන්තර් ජාතික සංගමයකින් දේශීය ආයතනයකට ලැබෙන විදේශ මුදල් රජයේ විගණකාධිපති විෂය පථයට වැටෙන්නේ නැත.එහෙත් දැනට ජාතික ඔලිම්පික් කමිටුවේ ගිණුම් විගණනය කෙරෙන්නේ රජයේ දෙපාර්තමේන්තුවක එය සිදුවන ආකාරයටය. මේ මගින් ජාතික ඔලිම්පික් කමිටුවේ මූල්‍ය කටයුතු දැඩි පීඩනයකට ලක්කොට ඇත.
අප විසින් ඉල්ලා ඇත්තේ අන්තර් ජාතික ආයතන වලින් ලැබෙන මුදල් එම ආයතනයන්හි විගණන නිලධාරීන් ලවා පරීක්ෂා කොට විගණනය කිරීමටත්, රජයෙන් ලැබෙන මුදල් රජයේ විගණකාධිපති මගින් විගණනය කිරීමටත් ඉඩ දෙන ලෙසය. ක්‍රීඩා අමාත්‍යාංශය මගින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදන මගින් මේ තත්ත්වය විකෘති කිරීමට උත්සාහ දැරීමත් කණගාටුවට කරුණකි.
අනෙක් අතට ජාත්‍යන්තරව පිළිගත් ක්‍රීඩා උළෙල් වන ඔලිම්පික් ක්‍රීඩා උළෙල, පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල, ආසියානු ක්‍රීඩා උළෙල, දකුණු ආසියානු ක්‍රීඩා උළෙල හා ලෝක ශූරතා වැනි ක්‍රීඩා උළෙලවල් සඳහා සෑම රටකම ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ක්‍රීඩා කණ්ඩායම් සූදානම් කරනුයේ ඒ ඒ රටවල රාජ්‍යයන් මගිනි. ඒ සඳහා සම්බන්ධීකරණය කිරීමේ නිල බලධාරිත්වය දරණුයේ ජාතික ඔලිම්පික් කමිටුව මගිනි. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීමත් සූදානම් කිරීමත් ඒ සඳහා සහභාගී කරවීෙම්ත් වගකීම දරන්නේ රජය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශයයි.
එහෙයින් එම ක්‍රීඩා තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කරවීමේ වියදම් දැරීම රජයේ කාර්යය භාරයක් වන අතර ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් වාර්ෂික මුදල් ප්‍රතිපාදන ලබා දෙන්නේ එකී වගකීම ඉටුකිරීමටයි. එහෙත් මෙම මාධ්‍ය නිවේදනයෙන් පෙන්වීමට උත්සාහ දරා ඇත්තේ එය ජාතික ඔලිම්පික් කමිටුවේ වගකීමක් ලෙසත් ජාතික ඔලිම්පික් කමිටුව එය පැහැර හැරීම නිසා අමාත්‍යාංශය මගින් එය ඉටුකිරීමක් ලෙසත්ය. මෙම සියලු ක්‍රීඩා උළෙලවල් සඳහා ඕනෑම රටක අමාත්‍යවරයා, ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු ඕනෑම අයෙකු සහභාගී විය යුත්තේ ඒ ඒ රටවල ජාතික ඔලිම්පික් කමිටුව මගින් ලබා ගන්නා ලියපදිංචිය හා පමණි. මෙම හේතුව නිසා ජාතික ඔලිම්පික් කමිටුව “ටිකට් ඒජන්සියක්” ලෙස අතිශෝක්තියෙන් හුවා දැක්වීමට ඇතැම් පාර්ශව උත්සාහ දැරුවත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තර ක්‍රීඩා කේෂත්‍රයේ අනිවාර්ය්‍ය සාධකයක් වනබව ඔවුන් නොදැනීම ඔවුන්ගේ ක්‍රීඩා පරිපාලන දැනුමේ තරම පෙන්වන්නකි.
1973 ක්‍රීඩා පනතේ “ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවක්” පිහිටුවා වාර්ෂිකව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මට්ටම ඉහල නැංවීම සඳහා භාණ්ඩාගාරය අවශ්‍ය අරමුදල් ලබාදෙන අතර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය පිළිබඳ පූර්ණ වගකීම දැරිය යුත්තේ ඉහත දෙපාර්තමේන්තුව විසින් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසයේ අඳුරු පරිච්ඡේද වලදී ජාතික ඔලිම්පික් කමිටුව දෙසට ඇඟිල්ල දිගුකොට ක්‍රීඩා අමාත්‍යාංශයත් දෙපාර්තමේන්තුවත් අත සෝදා ගත් වාර අනන්තය. වර්ථමානයේ ඒ තත්ත්වය දෙගුණ තෙගුණවී ඇත.
එලෙසම ක්‍රීඩා පරිපාලනය පිළිබඳ අල්ප හෝ දැනුමක් ඇති අයෙකු දන්නා කරුණක් වන්නේ ඒ ඒ රටවල ඔලිම්පික් කමිටු නියාමනය හා පරිපාලනය වන්නේ අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාවට අනුව බවත් එය ස්වාධීනව ක්‍රියත්මක වන දේශපාලන අතපෙවීම් වලට ලක්කල නොහැකි ආයතනයක් බවත්ය. පසුගිය ඇතැම් කාලවලදී එවැනි දේ සිදුවීමට ගිය අවස්ථාවල අමාත්‍යාංශ බලධාරීන්හට ඒ පිළිබඳ පැහැදිලි කල අවස්ථාවලදී ඉන් වැලැක්වීමට උත්සාහ ගෙන ඇත. මා සමග පෞද්ගලිකව අමනාපයෙන් කටයුතු කළ මංගල සමරවීර මහතා ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී පවා කිසිදු විටෙක ඔලිම්පික් කමිටු පරිපාලනය කෙරෙහි දේශපාලන බලපෑම් එල්ල නොවූ බව අවධාරණය කරනු කැමැත්තෙමි.
එහෙත් වර්තමානයේ ක්‍රීඩා පනතේ ඇතැම් නීති රීති වෙනස් කිරීම් සිදුකරන විටදී මේ පිළිබදව ජාතික ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩා අමාත්‍යාංශය දැනුවත් කලද ඉන් කිසිදු ප්‍රතිඵලයක් අත්නොවන විට ඔලිම්පික් කමිටුවේ ස්වාධීනත්වය සඳහා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට දැන්වීම මාගේ වගකීම නිසා මම එම යුතුකම ඉටු කළෙමි. අනෙක් අතට කිසිදු විධායක සභාවකට සහභාගී නොවූ බොහෝ නිළධාරීන් අද විධායක සභාවේ අනුමැතිය පිළිබද ප්‍රශ්න කිරීම හාස්‍යයට කරුණකි. ඔලිම්පික් මූලධර්මයන්ට පටහැනිදේ සිදුවන අවස්ථාවලදී ඊට එරෙහිව කටයුතු කිරීමට අනුමැතියක් ලැබෙනතෙක් බලා සිටීම මාගේ වගකීමක් නොවන අතර එය මාගේ තනතුරෙන්ම මට පැවරී ඇති වගකීමක් හා යුතුකමකි.
මා විසින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව වෙත මීට මාස 6 කට පෙර ලිපියක් යොමුකිරීමට හේතුවූයේ අමාත්‍යාංශ මාධ්‍ය නිවේදනයේ සඳහන් වන සාවද්‍ය හා ඉතා ලඝු කරුණු කිසිවක් නොවන බව අවධාරණයෙන් ප්‍රකාශ කරන අතර, ඊට හේතුවූයේ අමාත්‍යවරයාගේ බලතල යොදාගනිමින් ජාතික සංගම්වල නිදහස් පැවැත්මට හා ස්වාධීනත්වයට බලපෑමක් වන රෙගුලාසීන් කිහිපයක් අන්තනෝමතික ලෙස වෙනස් කිරීමට ලක්කිරීමයි.
මෙම රෙගුලාසී අනුව ජාතික සංගම් පරිපාලනයටත් නිලවරණ පැවැත්වීමටත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීමේ බලය අසීමිත ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් වෙත පවරා ඇත. එසේම අමාත්‍යවරයා ජාතික සංගම් හි භාණ්ඩාගාරික තනතුරු හැරුණු විට සියලුම තනතුරු තීරණය කිරීමේ අසීමිත බලයක් මෙම සංශෝධන මගින් රඳවා ගෙන ඇත. තනතුරු සඳහා තරඟ කිරීමට අපේක්ෂා කරන තැනැත්තන් අමාත්‍යවරයාගේ පූර්ව අනුමැතිය ලබා ගතයුතුවීම නිසාම මෙම තත්ත්වය උද්ගත වී ඇත.
අනෙක් අතට ජාතික සංගමයක තනතුරු සඳහා ඉදිරිපත්වන අයකු නාම යෝජනා පත්‍රය වර්ථමාන රෙගුලාසී යටතේ දැන් යැවිය යුත්තේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් වෙතය. එම නාම යෝජනාව පිළිගන්නවාද යන්න තීරණය කරන්නේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් මිස අදාල ජාතික සංගමයේ විධායක කමිටුව නොවේ. මෙය මෙතෙක් අනුගමනය කල දේශීය හා විදේශීය සම්ප්‍රදායයන් සියල්ල කඩා බිඳ දමා ජාතික ක්‍රීඩා සංගම්වල ස්වාධීනත්වය අමු අමුවේ විනාශ කිරීමකි. මෙවැනි ඉතාමත් අන්තරාකාරි ලෙස බලපාන නව රෙගුලාසි 24ක් අප විසින් හඳුනාගත් අතර ඒ පිළිබඳව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව නිසි ලෙස දැනුවත් කිරීමටද කටයුතු කරන ලදි.
උදාහරණයක් ලෙස බැඩ්මින්ටන් සංගමයේ පසුගිය නිලවරණයේදී ජාතික ශූරතා පවා දිනා ඇති රංජිත් සිල්වා, සෑම් චන්ද්‍රසේන හා ආරිය නන්ද වැනි ප්‍රවීන පරිපාලකයන්ගේ නාම යෝජනා ප්‍රතික්ෂේප කරවා පිළිගත් කිසිදු තරඟාවලියක් නියෝජනය කොට නොමැති අයකු සඳහා ප්‍රධාන තනතුරු පිරිනැමීම කර ඇත. ඒ සඳහා ඉදිරිපත් කළ විරෝධය හමුවේ නිළවරණය දින කීපයක් කල් දමා ජන්ද බලය හිමි සංගම් තේරීමේදී සිදුකළ අසාධාරණය හේතුවෙන් නාම යෝජනා ඉදිරිපත් කළ බොහෝ දෙනෙකු ජන්ද වර්ජනය කර මේ පිළිබඳව මානව හිමිකම් කොමිසමට පවා පැමිණිලි ඉදිරිපත් කර ඇත. එහෙත් අමාත්‍යාංශය විසින් මෙම නිලවරණය සාධාරණ ලෙස පැවැති බවට වාර්තාවන් දී මෙම රෙගුලාසි භාවිතා කරමින් සිදුකළ ප්‍රථම අක්‍රමිකතාවය සිදුකළේය.
එසේම ජාතික හෑන්ඩ්බෝල් සංගමයේ නිළවරණය සඳහා අමාත්‍යවරයාගේ හිතවතුන් බලයට ගෙනඒමේ අරමුණින් අධ්‍යක්ෂ ජෙනරාල් ලවා විවිධ බලපෑම් එල්ල කරමින් නිළවරණය අත්හිටවනු ලැබුවේ මා එහි උප සභාපතිවරයෙකු ලෙස පත්වීම වලක්වා ලමින් ඔලිම්පික් නිළවරණය සඳහා මා ඉදිරිපත්වීම වැළැක්වීම සඳහායි. මීට අමතරව අමාත්‍යවරයාගේ අභිමතයට ජන්දය නොදේ යයි විශ්වාස කරන සංගම් 04 ක් සඳහා දැනට අතුරු කමිටු පත්කර ඇති අතර ජාතික ඔලිම්පික් කමිටු නිළවරණය දෙසැම්බර් 27 දින පැවැත්වීමට තීරණය කිරීමෙන් පසු ඉහත අතුරු කමිටු සඳහා නිලවරණ පැවැත්වීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව දැන් කටයුතු සිදුකරමින් සිටී.
මෙලෙස ඔලිම්පික් මූලධර්ම හා ව්‍යවස්ථාවට පටහැනි ලෙස රෙගුලාසි ගෙන එන්නේ නම් හෝ බලපෑම් එල්ල වන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීමේ වගකීම වත්මන් සභාපතිවරයා ලෙස මා වෙත පැවරී ඇත. ක්‍රීඩා අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශනයෙන් පෙන්වීමට උත්සාහ කරන්නේ අපේ ව්‍යායාමය රටට එරෙහි කුමන්ත්‍රණයක් ලෙසයි. රටක් ලෙස පිළිතුරු දීමට “ජිනීවා යනවා” යනුවෙන් පෙන්වීමට උත්සාහ කරන්නේ මානව හිමිකම් කවුන්සලයේ පෙනීසිටිනවා මෙන් බරපතල තත්ත්වයන්ට අප රජය තල්ලු කර ඇති බවය.
අන්තර් ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විට්සර්ලන්තයේ “ලූසාන්” නගරයේ මිස “ජිනීවා” නගරයේ නොවේ. ක්‍රීඩා අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශයෙන් ජාතික ඔලිම්පික් කමිටුව හා “ජිනීවා” නගරය සම්බන්ධ කර රටට පෙන්වීමට උත්සාහ කරන්නේ ජාතික ඔලිම්පික් කමිටුව රටට හා රජයට විරුද්ධව ජිනීවා නගරයේ පිහිටා ඇති අන්තර් ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානය සමග කුමන්ත්‍රණය කරමින් සිටින බවය. මෙය ජනතාව නොමග යවමින් ජාතික ඔලිම්පික් කමිටුව අපකීර්තියට පත්කිරීම උදෙසා ක්‍රීඩා අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය විසින් නිර්මාණය කරන ලද ඉතා සාහසික වෘත්තාන්තයකි.
මා විසින් අන්තර් ජාතික ඔලිම්පික් කමිටු සභාපති වෙත යවන ලද කිසිම ලිපියක සෘජුව හෝ වක්‍රව රජයට කිසිම චෝදනාවක් එල්ල කොට නැත. ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ට වැරදි උපදෙස් දෙන නිලධාරීන් හා පෞද්ගලික හිතවතුන් කිහිපදෙනෙකුගේ මග පෙන්වීම මත ඉතාමත් අන්තනෝමතිකව ගන්නා ලද තීරණ කිහිපයක් අවාසනාවන්ත ලෙස ජාතික ක්‍රීඩා සංගම් වල ස්වාධීනත්වය කෙරෙහි ඉතා අනිසි ලෙස බලපා ඇති බව පමණක් පැහැදිලිව එම ලිපිවල සඳහන් කොට ඇත.
ක්‍රීඩා අමාත්‍යාංශයීය මාධ්‍ය ප්‍රකාශණ පුන පුනා හුවා දක්වන්නේ අවුරුදු 40 කට පසු 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත ජාතික ඔලිම්පික් කමිටුව අභියෝගයකට ලක්කොට ඇති බවය. මෙය සම්පූර්ණයෙන් වැරදි තොරතුරකි. 1973 අංක 25 දරණ ක්‍රීඩා පනත අවස්ථා ගණනාවකදී සංශෝධනයට ලක්ව ඇති අතර, ක්‍රීඩා පනත පදනම් කරගෙන ඉදිරිපත් කරන ලද රෙගුලාසිද නොයෙක් අවස්ථාවලදී සංශෝධනය කර ඇත. එහෙත් ඒ කිසිම අවස්ථාවක ජාතික සංගම්වල ස්වාධීනත්වය මේ අයුරින් විනාශ කිරීමක් සිදු නොවුනි. අඩුම තරමේ මෙතෙක් පැවැති ක්‍රීඩා පනතේ වගන්ති හෝ වරින් වර සංශෝධනය කරන ලද රෙගුලාසි පිළිබඳව අදහස් ප්‍රකාශ කිරිමට හෝ ජාතික ඔලිම්පික් කමිටුවට අවශ්‍යතාවයක් පැන නොනැගි බව ඉතා පැහැදිලිව ප්‍රකාශ කල යුතුය.
2013 ජනවාරී සහ අගෝස්තු මාසවලදී ඉදිරිපත් කල රෙගුලාසි මොන තරම් හානි දායකද යත් බොහොමයක් ජාතික සංගම් තම පැවැත්ම සඳහා ඇමැතිතුමා ඉදිරියේ දණින් වැටීම අනිවාර්ය කර ඇත. ලොව කිසිම ක්‍රීඩා අමාත්‍යාංශයක් හෝ ක්‍රීඩා අධිකාරියක් මෙවැනි මර්ධන කාරී රෙගුලාසි ජාතික ක්‍රීඩා සංගම් අරභයා නිකුත් කොට නොමැති බව මේ අවස්ථාවේ ඉතා වගකීමෙන් යුතුව ප්‍රකාශ කොට ඇත. ඇමැතිතුමා කැඳවනු ලබන සාකච්ඡාවලදී ජාතික සංගම් නියෝජිතයන් මුනිවත රකින්නේත්, ඇමතිතුමා විසින් ගනු ලබන සියලුම තීරණ හෘද සාක්ෂියට විරුද්ධව අනුමතකොට වන්දි භට්ටකම් කරන්නේත් මෙම නව රෙගුලාසිවලින් නිර්මාණය කොට ඇති භීෂණය හමුවේ වෙන කල හැකි දෙයක් නොමැති නිසාය.
රටක ජාතික ක්‍රීඩා සංගම්වල වැඩ කටයුතු පිළිබඳව අධීක්ෂණයක් ඒ ඒ රටේ ක්‍රීඩා අමාත්‍යාංශය හෝ අදාල අනෙකුත් ක්‍රීඩා අධිකාරියන් විසින් අනිවාර්යයෙන් කල යුතුය. එසේ නොවුව හොත් ක්‍රීඩා සංගම් දඩබ්බර ලෙස හැසිරිමට ඉඩ ඇතිවාක් මෙන්ම ක්‍රීඩා පරිපාලන මූලධර්මවලට පිටින් කටයුතු කිරීමටද හැකියාවක් ඇත. එහෙත් ක්‍රීඩා සංගම් වල කටයුතු අධීක්ෂණය කොට ඒවා නිසි පරිදි හැසිරවීමට කලයුත්තේ අප මෙතෙක් කථා කල “කැකිල්ලේ” රෙගුලාසි උපයෝගී කොටගෙන නොවේ. මේ සඳහා සියලු සංගම් සහ ක්‍රීඩා පරිපාලකයන් හට එකඟවිය හැකි දේශීයව හා අන්තර් ජාතික වශයෙන් අර්බුදයකට තුඩු දිය නොහැකි වන අන්දමේ තීති, රීති හා රෙගුලාසි උපයෝගී කරගත යුතු වන අතර, ඒ ආකාරයට ජාතික සංගම්වල කටයුතු අධීක්ෂණය කිරීම හෝ පාලනය කිරීම ගැන ජාතික ඔලිම්පික් කමිටුවේ කිසිම විරුධත්වයක් නොමැත.
ජාතික ඔලිම්පික් කමිටුව ස්වාධීන ආයතනයක් වන අතර එය සෘජුවම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට අනුබද්ධය. ජාතික ඔලිම්පික් කමිටුවේ පරිපාලන අරමුදල් සියයට සියයක්ම සපයනු ලබන්නේ අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කමිටුව විසිනි. ක්‍රීඩා අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව මුදල් සපයන්නේ අන්තර් ජාතික තරඟ සහභාගීත්වය සඳහා පමණි. මෙම ක්‍රියාදාමය හේතුවෙන් ඇති වෙමින් තිබෙන හිංසාකාරී විගණන හේතු කොට ගෙන අන්තර් ජාතික තරඟ සහභාගීත්වය සඳහා කටයුතු පිළියෙල කරගැනීම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කල යුතු බව අප කිහිප විටක්ම අමාත්‍යාංශයට කරුණු ඉදිරිපත් කලද එම කටයුත්ත තමනට කල නොහැකි බව ඒ හැම විටම අමාත්‍යාංශයේ ස්ථාවරත්වය වූ බවද මෙහිදී සිහිපත් කල යුතුව ඇත.
ජාතික ඔලිම්පික් කමිටුවක “බයිබලය” ලෙස හැඳින්වෙන්නේ අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථා මාලාවයි. එහි ඇති වගන්ති කිසිම රටක ජාතික ඔලිම්පික් කමිටුවකට උල්ලංඝනය කල නොහැක. එසේ කල හොත් එවැනි ජාතික ඔලිම්පික් කමිටුවකට විරුද්ධව නොයෙකුත් ක්‍රියා මාර්ග වලට එළැඹීමට හෝ අවසානයේදී තහනම් කිරීමටද අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට පුළුවන. ඉතිහාසයේ නොයෙකුත් අවස්ථා වල ජාතික ඔලිම්පික් කමිටු වලට විරුද්ධව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු කර ඇත.
අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව, ඔලිම්පික් කමිටුවේ ස්වාධීනත්වය හා සෛවරී භාවය සුරැකීමට අනිවාර්යයෙන් බැඳී සිටී. එමෙන්ම අදාල ලෝක ක්‍රීඩා සංගම් හරහා ජාතික ක්‍රිඩා සම්මේලන වල ස්වාධීනත්වය හා සෛවරීභාවය රැකීමට බැඳී සිටී.
මේ මස 27 වන දින ස්විට්සර්ලන්තයේ “ලූසාන්” නගරයේ පිහිටා ඇති අන්තර් ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයේ පැවැත්වෙන සාකච්ඡාවකට ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් කැඳවා ඇත්තේ මේ අර්බුදය සාකච්ඡා මාර්ගයෙන් සුහදව විසඳාගැනීමේ අභිප්‍රායෙනි. අර්බුදය විසඳෙන ලකුණු පහල වී ඇත.
මේ මස 20 වැනි දින ජාතික ඔලිම්පික් කමිටු නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවේදි ක්‍රීඩා ඇමතිතුමා සුභවාදී නම්‍යශීලි භාවයක් ප්‍රදර්ශනය කල අතර අවශ්‍ය නම් අනවශ්‍ය අන්තරාදායක රෙගුලාසි ලිහිල් කිරීමට හෝ ඉවත් කිරීමට තමන් සූදානම් බව ප්‍රකාශ කොට ඇත. මෙය ඉතාමත් හිතකර වර්ධනයකි. ප්‍රශ්ණ විසඳිය යුත්තේ සාකච්ඡා මගින් මිස එකිනෙකාට මඩ ගසා ගැනීමෙන් නොවේ. ඒ බව අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය තේරුම් ගත යුතුය.
අවුරුදු 16ක් තුල පූර්ණ වාර 4 කට පසු මා ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති කමින් ඉවත් වීමට තීරණය කලේ කල කිරීමකින් හෝ පසු තැවීමකින් නොවේ. කිසිවකු සදාකාලිකව නිලතල නොදැරිය යුතු නිසාය. පසුගිය අවුරුදු 16 කාල පරිච්ඡේදය දෙස ආපසු හැරී බැලිමේදී සතුටු විය හැකි ආඩම්බර විය හැකි කරුණු කාරණා රාශියක් මා සතුව ඇත. ඒවා මෙනෙහි කිරීමෙන් මා ලබන තෘප්තිය මා වෙත එල්ල කරන අසාධාරණ මඩ පහරවල් වලින් අහෝසි කල නොහැක.
එක දෙයක් මේ අවස්ථාවේදී පැහැදිලිව කිව යුතුය. නුදුරු අනාගතයේදී මා අත් හරිනු ලබන ජාතික ඔලිම්පික් කමිටු සභාපති යෂ්ටිය භාර ගත යුත්තේ ඔලිම්පික් ව්‍යාපාරයට හදවතින්ම ආදරය කරන ඒ සඳහා අවම වශයෙන් අවුරුදු 4ක් හෝ 5ක් කැපවී වැඩ කල කාර්ය ශීලී සෘජුව වැඩ කරන පුද්ගලයෙකු බවය. අවුරුදු 16ක් තුල රුපි.16,000/- කින් පටන්ගෙන රුපියල් මිලියන දෙසිය පනහක් දක්වා ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව ඉහලට ගෙන ආ මගේ අවංක පැතුම ඒකාන්තයෙන්ම ඉටුවනු ඇති බව මට විශ්වාසය.
2005 ජනාධිපති මැතිවරණයේදී මුලු රටේම එක උදෑසනක දකින්නට ලැබුනු පෝස්ටරයක තිබූ වැකිය මට දැනුදු මතකය.
“මඩින් නැතුව ගොඩින් එන්න”
හේමසිරි ප්‍රනාන්දු
සභාපති
ජාතික ඔලිම්පික් කමිටුව.
2013 නොවැම්බර් මස 26 වැනිදා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.