Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball කාන්තා වෙරළ වොලිබෝල් පිල බංග්ලදේශයට

කාන්තා වෙරළ වොලිබෝල් පිල බංග්ලදේශයට

editorial - 2022 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ) 

බංග්ලදේශයේ කොක්ස් බසාර් හි දී අද (26 වැනිදා) ආරම්භ වන මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් (කාන්තා) තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියේය. 

චතුරිකා මධුෂානිගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් (කාන්තා) කණ්ඩායමේ අනෙක් ක්‍රීඩිකාව වන්නේ දීපිකා බණ්ඩාරය. 

නේපාලය, උස්බෙකිස්ථානය, ශ්‍රී ලංකාව හා සත්කාරක බංග්ලාදේශය තරගාවලියට සහභාගි වන රටවල්ය. ප්‍රතිවාදීන් තිදෙනකු සමග  ශ්‍රී ලංකාව මූලික වටය සඳහා සහභාගිවීමට නියමිතය. 

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනාගේ පුහුණුකාරිණිය ලෙස තක්ෂිලා ගුණසිංහ මහත්මිය කටයුතු කරන්නීය. මෙම තරග සංචාරය සඳහා විනිසුරුවරියක ලෙස සාගරි ගුණසිංහ මෙනෙවිය එක්ව සිටියි. 

ඡායාරූපය: සංචාරක වෙරළ වොලිබෝල් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති කංචන ජයරත්න මහතා සමග. එහි ලේකම් ඒ. එස්. නාලක මහතා ද මෙහි වේ. 


අදහස් (0)

කාන්තා වෙරළ වොලිබෝල් පිල බංග්ලදේශයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.