Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ටෙනිස් සංගමයෙන් මැක්ස්වෙල්ට තල්ලූවක්

ටෙනිස් සංගමයෙන් මැක්ස්වෙල්ට තල්ලූවක්

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී (2013-15) ලේකම් ධුරයට නාමයෝජනා  බාරදී  තිබෙන එහි වත්මන් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ විධායක සභාව නියෝජනය කරන බව එම සංගමය ලිපියක් මගින් ජාතික ඔලිම්පික් කමිටුවට දැනුම් දී ඇතැයි වාර්තා වේ.


ටෙනිස් සංගමයේ සාමාජිකයෙකු නොවන බවට මීට පෙර ප‍්‍රකාශ වී තිබූ බැවින් සිල්වා මහතාගේ නාමයෝජනාව පිළිගැනීම සම්බන්ධයෙන් මතභේද පැන නැග තිබුණි. නාමයෝජනා විමර්ශනය කළ කමිටුවේ නිගමනය වී ඇත්තේ මැක්ස්වෙල් ද සිල්වා මහතා ටෙනිස් සංගමයේ නිලයක් උසුලන අයකු බවට සනාථ කර නොමැති බවයි.


කෙසේ වුවත් පසුගිය බ‍්‍රහස්පතින්දා (22 වැනිදා) ටෙනිස් සංගමය විසින් ජාතික ඔලිම්පික් කමිටුවට යොමු කරන ලද ලිපියක දක්වා ඇත්තේ එම සංගමයේ හිටපු සභාපතිපතිවරයා ලෙස මැක්ස්වෙල් ද සිල්වා මහතා එහි විධායක සභාව නියෝජනය කරන බැවින් ඔහු ටෙනිස් සංගමයේ  විධායක සභිකයෙකු ලෙස සලකන බවය.


ටෙනිස් සංගමය විසින් ඉදිරිපත් කරන ලද ලිපිය නාමයෝජනා විමර්ශන කමිටුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.


අදහස් (0)

ටෙනිස් සංගමයෙන් මැක්ස්වෙල්ට තල්ලූවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.