Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ට සටනකින් පසුව සීදුව දවිසමර විදුහල් කණ්ඩායම අන්තර් පාසල් ”ඞී.එස්.අයි. සුපර් ස්පෝට්ස්” වොලිබෝල් තරග මාලාවේ වයස 18 න් පහළ බාලක ශූරතාව දිනා ගත්තේය.
නාවලපිටිය ”ජයතිලක” ගෘහස්ථ පිටියේදී දෙදිනක් පුරා පැවැති මෙම තරගමාලාවේදී නරඹන්නන්ගේ ඉහළම අවධානයක් දිනා ගත් වයස 18 න් පහළ බාලක අවසන් මහ තරගයේදී දවිසමර ක‍්‍රීඩිකයෝ වට 3 - 0 ක ජයක් ලැබුවත් ප‍්‍රතිවාදී මීගමුව මාරිස්ටෙලා විදුහල් කණ්ඩායමේ දස්කම් ද ඉතා ඉහළ මට්ටමක විය.
මාරිස්ටෙලා විදුහල් ක‍්‍රීඩකයන් එහිදී දැඩි පීඩනයකට ලක්වූ බවක් පෙණුනු අතර ඊට ඔවුන්ගේ පුහුහුණුකරුගේ හැසිරීම් රටාව ද බලපෑ බව තරගය නැරඹූ වොලිබෝල් ප‍්‍රවීණයෝ කීප දෙනෙක් පැවසූහ. තරගය පුරාම මාරිස්ටෙලා ක‍්‍රීඩකයන්ට උපදෙස් දෙමින් පුහුණුකරුවා පිටිය වටා ගියත් එය බොහෝ ක‍්‍රීඩකයන්ට එය අනවශ්‍ය පීඩනයක් ගෙනදුන් බව සෙසු පුහුණුකරුවෝ පැවසූහ.
වයස 18 න් පහළ බාලක අවසන් මහ තරගයේදී සීදුව දවිසමර විදුහලේ ජයග‍්‍රහණයට වඩාත් බලපෑමක් කළ ක‍්‍රීඩකයෙකු වූ ඉසුරු මධුශංඛ එහිදී වඩාත් ඇගයීමට ලක්වෙමින් තරගයේ දක්‍ෂතම ක‍්‍රීඩකයාට පමණක් නොව තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයාට ද හිමි ද්විත්ව සම්මාන ලැබීය.
වයස 18 න් පහළ බාලිකා වොලිබෝල් ශූරතාව මෙවර දිනාගත්තේ ආනමඩුව මැදි විදුහලයි.
වයස 16 න් පහළ බාලක අවසන් මහ තරගයේදී පළමු වටය පරාජයට පත්ව තිබියදී ඉතිරි වට තුනම පිට පිට ජය ගනිමින් එහි ශූරතාව ජය ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මැදි විදුහල සමත් විය.
වයස 14 න් පහළ බාලිකා ශූරතාව දිනා ගත් රක්වාන රත්නාලෝක විදුහල් කණ්ඩායමේ ජයග‍්‍රහණය කැපී පෙනෙන්නේ එහි පුහුණුකරු ලෙස භික්‍ෂූන් වහන්සේ නමක් කටයුතු කිරීමය.
රක්වාන ඔබේතිලකාරාමාධිපති පුස්සැල්ලේ ඥානතිලක හිමියෝ වසර පහක් තිස්සේ රක්වාන රත්නාලෝක විදුහල් කණ්ඩායමේ වොලිබෝල් පුහුණුකරු ලෙස කටයුතු කරති. ඥානතිලක හිමියන්ගේ ගුරුහරුකම් යටතේ රක්වාන රත්නාලෝක විදුහල් කණ්ඩායම පසුගිය වසරේදීත් මෙම ශූරතාව දිනා ගත්තේය.
වයස 14 න් පහළ බාලිකා ශූරතාව දිනා ගත් රක්වාන රත්නාලෝක විදුහල් වොලිබෝල් කණ්ඩායමට අඩුවක්ව පැවැති පාවහන් අවසන් මහ තරගයට පෙර වොලිබෝල් සම්මේලනයේ උපසභාපති, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතා සිය පෞද්ගලික වියදමින් ප‍්‍රදානය කළේය.
මෙම තරගමාලාවට කණ්ඩායම් 4000 ක් පමණ තරග වැදුණු බව වොලිබෝල් සම්මේලනය පවසයි.
අවසන් මහ තරග ප‍්‍රතිඵල
වයස 16 න් පහළ (බාලක)
වයස 16 න් පහළ (බාලිකා)
වයස 18 න් පහළ (බාලක)
වයස 18 න් පහළ (බාලිකා)
වයස 14 න් පහළ විශේෂ කුසලතා සම්මාන
බාලක:-
බාලිකා :-
වයස 16 න් පහළ විශේෂ කුසලතා සම්මාන
බාලක:-
බාලිකා:-
වයස 18 න් පහළ විශේෂ කුසලතා සම්මාන
බාලක:-
බාලිකා:-
තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව - තක්‍ෂිලා මධුරංගි (ආනමඩුව)
තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා - ඉසුරු මධුශංඛ (දවිසමර)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.