Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩී. එස්. අයි. සුපර් ස්පෝට්ස් පාසල් වොලිබෝල් තරගාවලියේ වයස 18 න් පහළ සහ 16 න් පහළ වයස් කාණ්ඩ දෙකේම බාලක අවසන් මහා තරග සඳහා නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයීය කණ්ඩායම් සුදුසුකම් ලබාගත්හ.
අවුරුදු 18 න් පහළ වයස් කාණ්ඩයේ අවසන් මහ තරගය සඳහා වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල සුදුසුකම් ලබාගත්තේය. අවුරුදු 16 න් පහළ වයස් කාණ්ඩයේදී අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගත්තේ මාරවිල ශාන්ත සේවියර් මධ්‍ය මහා විද්‍යාලයයි.
අවසන් වරට 2013 වසරේ පැවැති මෙම තරගාවලියේදී වයස 18 න් පහළ බාලක ශූරතාව දිනාගත් සීදුව දවිසමර මධ්‍ය මහා විද්‍යාලයට මෙන්ම වයස 16 න් පහළ ශූරයන් වු රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට ද මෙවර අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ වරම් අහිමිව යාම කැපී පෙනෙන සිදුවීමකි.
මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති වයස 18 න් පහළ බාලක අවසන් පුර්ව වටයේ පළමු තරගයේදී සීදුව දවිසමර විදුහල පරදවා නාත්තන්ඩිය ධම්මිස්සර විදුහල් ක්‍රීඩකයෝ තරග වට 3--0 ක ජයක් ලැබුහ. එහි ලකුණු තත්ත්වය 25/17, 28/26, 25/18 ක් ලෙසින් සටහන් විය.
රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය සහ වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය අතර පැවැති 18 න් පහළ දෙවැනි අවසන් පුර්ව වටයේ තරගයෙන් ජෝශප් වාස් විද්‍යාලය තරග වට 3--1 ක ජයක් ලැබීය. එම තරගයෙන් ජෝශප් වාස් විදුහල ජය ලැබුවේ 14/25, 25/11, 25/19, 25/17 ක් ලෙසිනි.
දවිසමර මධ්‍ය මහා විද්‍යාලය තරග වට 2--0 කින් පරාජය කළ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයට තෙවැනි ස්ථානය හිමිවිය.
මීගමුව මාරිස්ටෙලා විදුහල සහ නාත්තන්ඩිය ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැති 16 න් පහළ පළමු අවසන් පුර්ව තරගයෙන් තරග වට 3--0 ක ජයක් ධම්මිසර මධ්‍ය මහා විද්‍යාලය ලැබීය.
සීදුව දවිසමර විදුහල තරග වට 3--0 කින් පරදවා මාරවිල ශාන්ත සේවියර් මධ්‍ය මහ විද්‍යාලය දෙවැනි අවසන් පුර්ව තරගය ජය ගත්තේය. තෙවැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් මීගමුව මාරිස්ටෙලා විදුහල තරග වට 2--0 කින් පරාජය කිරීමට දවිසමර විදුහල් ක්‍රීඩකයෝ සමත්වුහ.
මෙම තරගාවලියේ බාලිකා අවසන් පුර්ව වටයේ තරග ඉදිරියේදී පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරග ජුලි මස 15 සහ 16 දෙදින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.