Last Update  :  2024-12-26 18:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ධම්මිස්සර කුසලාන හයක් දිනයි

ධම්මිස්සර කුසලාන හයක් දිනයි

editorial - 2024 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී  නිමාව දුටු අන්තර් පාසල් ඩී එස් අයි සුපර් ස්පෝට්ස් වොලිබෝල් තරගමාලාවේ අවසන් මහ තරග 10 න්  නිර්දේෂ ලැබූ හයම ජය  ගනිමින් ශූරතා කුසලාන හයක් හිමි කර ගැනීමට නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල සමත් විය.

තරගමාලාවේ වයස 15 න් පහළ කාණ්ඩයේ බාලක හා බාලිකා අවසන් මහ තරග දෙකම මෙන්ම වයස 17 න් පහළ බාලක අවසන් මහ තරගයද වට පහක් දක්වා ඇදී ගිය කරට කර සටන් බවට පත්වීමෙන් සෙසු අවසන් මහ තරග අතර සුවිශේෂයෙන්ම කැපී පෙණුනි.

වසරේ ප්‍රධානතම පාසල් වොලිබෝල් තරගමාලාවේ නිර්දේෂ කිරීම් හමුවේ වසරේ වොලිබෝල් ක්‍රීඩිකාව ලෙස ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසලේ හර්ෂණී නිසංසලාද (වයස 17 න් පහළ), වසරේ වොලිබෝල් ක්‍රීඩකයා ලෙස රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහ විදුහලේ ඉන්දුරංග රත්නායකද ( වයස 19 න් පහළ) අධි සම්මාන ලැබූහ.

 

අවසන් මහ තරග ප්‍රතිපල හා විශේෂ සම්මාන

(වයස 11 න් පහළ)
• බාලිකා  : - නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල ව්සින් අනුරාධපුරය ශ්‍රී  රාහුල විදුහල වට 2 - 0 කින් ( 15/07 - 15/12) පරාජය කරන ලදී.
• විශේෂ සම්මාන : -   දක්ෂතම පන්දු ඔසවන්නිය - ඔනේජා සයුමිණී සිල්වා (ධම්මිස්සර), දක්ෂතම ප්‍රහාරිකාව - සෙනුලී බිමල්යා නිමන්දි (ධම්මිස්සර), දක්ෂතම ක්‍රීඩිකාව - රසින්දි ඔමායා එදිරිසිංහ (ධම්මිස්සර)
තෙවැනි ස්ථානය : - මිනුවන්ගොඩ රෙජී රණතුංග විදුහල • බාලක
දක්ෂතම පන්දු ඔසවන්නා  : - නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල විසින් මිනුවන්ගොඩ රෙජී රණතුංග විදුහල වට 2 - 0 කින් ( 15/ 13 - 15/12) පරාජය කරන ලදී.
• විශේෂ සම්මාන : - දක්ෂතම පන්දු ඔසවන්නා - තාරුක් මෙත්දිනූ  (ධම්මිස්සර), දක්ෂතම ප්‍රහාරකයා - එසදු අයෝධ්‍ය ( රෙජී රණතුංග), දක්ෂතම ක්‍රීඩකයා - සුජාන් මනෙත් රත්නායක (ධම්මිස්සර)
• තෙවැනි ස්ථානය -: නාත්තන්ඩිය ලුර්දු මහ විදුහල


(වයස 13 න් පහළ)
• බාලිකා - : නාත්තන්ඩිය  ධම්මිස්සර ජාතික පාසල විසින් මාබිම විද්‍යාකර මහ විදුහල වට 2 - 0 කින් ( 21/14 - 21/ 15) පරාජය කරන ලදී
• විශේෂ සම්මාන -: දක්ෂතම පන්දු ඔසවන්නිය - මදුෂිකා ගුණවර්ධන (ධම්මිස්සර), දක්ෂතම ප්‍රහාරිකාව - සහන්සා ලින්සරී (ධම්මිස්සර), දක්ෂතම ක්‍රීඩිකාව - : පී.පී. වයි. ඉමායා ධම්මිස්සර)
• තෙවැනි ස්ථානය - කොළොන්න මහ විදුහල
• බාලක : - නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල විසින් ඉඹුලාන ශ්‍රී සේන විදුහල වට 2 - 0 කින් (21/07 - 21/ 03)   පරාජය කරන ලදී
• තෙවැනි ස්ථානය - :ඇහැළියගොඩ ධර්මපාල විදුහල
• විශේෂ සම්මාන
දක්ෂතම පන්දු ඔසවන්නා - හසදු නෙත්මීර  (ධම්මිස්සර), දක්ෂතම ප්‍රහාරකයා - රන්සිළු වීරසිංහ (ධම්මිස්සර), දක්ෂතම ක්‍රීඩකයා - කොනුජ තරුල් ( ධම්මිස්සර)

( වයස 15 න් පහළ)
• බාලිකා : - හුංගම විජයබා ජාතික පාසල විසින් මහව විජයබා මධ්‍ය මහ විදුහල වට 3 - 2 කින් ( 25/21 - 23/25 - 22/25 - 25/22 - 15/10) පරාජය කරන ලදී
• විශේෂ සම්මාන - දක්ෂතම පන්දු ඔසවන්නිය - නුවංගි අප්සරා (හුංගම විජයබා), දක්ෂතම ප්‍රහාරිකාව - ටී එම්. කේ. එන්. තෙන්නකෝන් (මහව විජයබා), දක්ෂතම ක්‍රීඩිකාව - : වත්සිකා දිල්ෂානී (හුංගම විජයබා)
• තෙවැනි ස්ථානය : -වාඩියගොඩ මහ විදුහල
• බාලක : - නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල විසින් රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය  මහ විදුහල වට 3 -2 කින් ( 22/25 - 25/14 - 25/19 - 20 /25 - 15/13) පරාජය කරන ලදී.
• තෙවැනි ස්ථානය  - වාඩියගොඩ මහ විදුහල
• විශේෂ සම්මාන - : දක්ෂතම පන්දු ඔසවන්නා - දින්සර සිල්වා (ධම්මිස්සර), දක්ෂතම ප්‍රහාරකයා - කේ. ඩී.කේ.ජේ. සන්දීප (රාජසිංහ), දක්ෂතම ක්‍රීඩකයා - : දහම් අධිකාරී (ධම්මිස්සර)

(වයස 17 න් පහළ)
• බාලිකා - ගිරිඋල්ල වික්‍රමශිලා ජාතික පාසල විසින් හුංගම විජයබා ජාතික පාසල වට 3 - 0 කින් ( 25/21 - 25/11 - 25/12) පරාජය කරන ලදී
• තෙවැනි ස්ථානය - ගලපිටමඩ වලගම්බා මහ විදුහල
• විශේෂ  සම්මාන
• බාලිකා  : - දක්ෂතම පන්දු ඔසවන්නිය - එච්. එම්. ඒ. මධුෂානී (වික්‍රමශිලා), දක්ෂතම ප්‍රහාරිකාව හා වසරේ දක්ෂතම ක්‍රීඩිකාව - හර්ෂනී නිසංසලා (වික්‍රමශීලා), දක්ෂතම ක්‍රීඩීකාව - සුලක්ඛනා පසිදුනී (වික්‍රමශිලා)
• බාලක  : -නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසල විසින් නාත්තන්ඩිය ජනාධිපති  ජාතික පාසල වට 3 - 2 කින් ( 25/21 - 25/21 - 24/26 - 17/ 25 - 15/11) පරාජය කරන ලදී.
• විශේෂ  සම්මාන
දක්ෂතම  පන්දු ඔසවන්නා - එස්. පී.ඒ. එස්. පී. සූරංග (ජනාධිපති), දක්ෂතම ප්‍රහාරකයා - දෙව්මින් තෙසර (ධම්මිස්සර), දක්ෂතම ක්‍රීඩකයා : -බිහදු නිම්සත් (ධම්මිස්සර)

( වයස 19 න් පහළ)
• බාලිකා : හුංගම විජයබා ජාතික පාසල විසින් රුවන්වවැල්ල රාජසිංහ  මධ්‍ය මහ විදුහල වට 3 - 0 කින් (25/13 - 25/11 - 25/07 ) පරාජය කරන ලදී
• තෙවැනි ස්ථානය - :කිරිඳිවැල සංඝමිත්තා බාලිකා මහ විදුහල
• විශේෂ සම්මාන : -දක්ෂතම පන්දු ඔසවන්නිය  හා දක්ෂතම ක්‍රීඩිකාව  - හිරුණි ප්‍රබෝධා (විජයබා), දක්ෂතම ප්‍රහාරිකාව - නෙත්මී දිව්‍යාංජලී  (විජයබා)
• බාලක - : රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය මහ විදුහල විසින් පන්නල ජාතික පාසල වට 3 -1 කින් (25/16 -21/25 - 25/20 - 25/23) පරාජය කරන ලදී.
• තෙවැනි ස්ථානය - : නාත්තන්ඩිය  ධම්මිස්සර ජාතික පාසල
• විශේෂ සම්මාන
දක්ෂතම පන්දු ඔසවන්නා - එම්. පී.පී. සුවහස් (රාජසිංහ), දක්ෂතම ප්‍රහාරකයා හා වසරේ දක්ෂතම ක්‍රීඩකයා - ඉන්දුරංග රත්නායක (රාජසිංහ), දක්ෂතම ක්‍රීඩකයා -: තිසර දේශාන් (පන්නල)


අදහස් (0)

ධම්මිස්සර කුසලාන හයක් දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.