Last Update  :  2025-03-31 15:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් පදක්කම්ලාභීන්ට හරසර

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් පදක්කම්ලාභීන්ට හරසර

editorial - 2025 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මීගමුවේදී පැවැති මධ්‍යම ආසීයානු වෙරළ වොලිබෝල් තරගමාලාවේදී පදක්කම් හා ජයග්‍රහණ ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමේ උත්සවයක් කොළඹ ජායික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

මීගමුවේදී පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකාව පිරිමි අනුශූරතාවක්, කාන්තා අනුශූරතා දෙකක් හා තෙවැනි ස්ථානයක් හිමි කර ගත්තේය.එහිදී  අනුශූරතා ලද

ශ්‍රී ලංකා කණ්ඩායම්හි දිලීප චාමික, මලිත් දිල්ෂාන්, දීපිකා බණ්ඩාර, කසුනි තාරකාට රුපියල් ලක්ෂයක් බැගින්ද, තෙවැනි ස්ථාන ලද

ශ්‍රී ලංකා කණ්ඩායම්හි චතුරිකා මධුෂාණි,  ෂෙහානි අසංගාට රුපියල් 50000 ක් බැගින්ද ප්‍රදානය කෙරුණි.

රුපියල් 60000 ක් බැගින් එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම්හි පුහුණුකරුවන්ට ප්‍රදානය කෙරුණි. ඉන්දික ටිරෝන් ජයතිලක මහතාට හා තක්ෂිලා ගුණසිංහ මහත්මිය එහිදී එම ප්‍රදානයන් ලබා ගත්තේය.

මෙම ශ්‍රී ලංකා කණ්ඩායම්හි කළමනාකරුවන් ලෙස කටයුතු කළ ධනපාල ජයපත්ම හා සජිත් නන්දසිරි යන මහත්වරුන්ටත් වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්මාල් කරුණානායක හා සම්භාහක ලෙස කටයුතු කළ එච්.පී.සී.සමීර යන මහත්වරුන්ට රුපියල් 40000 ක් බැගින් ද මෙම ඇගයීමේදී තිළිණ කෙරුණි.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති හා ජාතික ඔලිම්පික් කමිටුවේ උප සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

එම අවස්ථාවට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් හා මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ මහ ලේකම් ඒ.එස්.නාලක, එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති, ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත, භාණ්ඩාගාරික තුෂාර පෙරේරා, උප සභාපති කොමදෝරු සිල්වා, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික හා ප්‍රවීණ ක්‍රීඩා විමර්ෂණ නිලධාරී සී.රත්නමුදලි, ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ සිසිර වැල්ලේගෙදර, වොලිබෝල් සම්බන්ධ්කරණ නිලධාරිනී රංගිකා මහවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ විධායක සභාවේ සෙසු සාමාජිකයෝ සහභාගි වූහ.


අදහස් (0)

මධ්‍යම ආසියානු වෙරළ වොලිබෝල් පදක්කම්ලාභීන්ට හරසර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.