Last Update  :  2025-04-18 17:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වෙරළ වොලිබෝල් කාන්තා පිල තායිලන්තයට

වෙරළ වොලිබෝල් කාන්තා පිල තායිලන්තයට

රොෂාන් ගුණරත්න - 2016 මැයි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ වෙරළ (බීච්) වොලිබෝල් තරගාවලියට සුදුසුකම් ලැබීමේ ආසියානු කලාප III වැනි වටයේ තරගාවලියට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා කාන්තා වෙරළ වාලිබෝල් කණ්ඩායම අද (10) තායිලන්තය බලා පිටත්ව යාමට නියමිතය.


ආසියානු වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන මෙම තරගාවලිය මැයි මස 12 වැනිදා සිට 14 වැනිදා දක්වා තායිලන්තයේ ක්ලාසින්ග් වෙරළ තීරයේදී පැවැත්වේ.


තරගාවලියේ ශූරතාව සහ අනුශූරතාව දිනාගන්නා කණ්ඩායම් දෙකට රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවසන් වටයේ තරගාවලියට සහභාගිවීමේ වරම් හිමි වේ. මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලිය  ඕස්ටේ‍්‍රලියාවේදී පැවැත්වීමට නියමිතය.


සංචාරක ශ්‍රී ලංකා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම:

ගීතිකා ලලනි ගුණවර්ධන (ගුවන් හමුදාව), සාගරි ගුණසිංහ (නාවික හමුදාව), චතුරිකා වීරසිංහ (යුද හමුදාව), කසුනි තාරිකා (නාවික හමුදාව) මධුනි වීරක්කොඩි (කැෂුවලයින්), ධනපාල ජයපත්ම මහතා (කළමනාකරු), ඞී. ජයරංජන (සහය කළමනාකරු), ධම්මික රොහාන් සිල්වා මහතා (පුහුණුකරු)

 


සංචාරක ශ්‍රී ලංකා කාන්තා වෙරළ වොලිබෝල් කණ්ඩායම

 


අදහස් (0)

වෙරළ වොලිබෝල් කාන්තා පිල තායිලන්තයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.