Last Update  :  2025-04-18 17:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වෙළෙඳ සේවා තරගාවලියට අයැඳුම්පත් කැඳවයි

වෙළෙඳ සේවා තරගාවලියට අයැඳුම්පත් කැඳවයි

රොෂාන් ගුණරත්න - 2016 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳසේවා වොලිබෝල් සංගමය සංවිධානය කරන වෙළෙඳසේවා වොලිබෝල් තරගාවලියට (2016) සහභාගිවන කණ්ඩායම්වලින් අයැඳුම්පත් කැඳවයි. තරගාවලියේ මුලික වටයේ තරග අගෝස්තු මස 20 සහ 21 දෙදින මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.


සුපර් ලීග්, ශූරතා සහ සහ ‘ඒ’ කාණ්ඩය ලෙස කාණ්ඩ තුනක් යටතේ පිරිමි සහ කාන්තා දෙඅංශයෙන්ම තරග පැවැත්වේ. මෙම අංශ තුනෙන්ම ජයග්‍රාහී කණ්ඩායම් සඳහා රුපියල් මිලියනකට අධික ත්‍යාග මුදලක් පිරිනැමේ.


පසුගිය වසරේ මෙන්ම මෙවර තරගාවලියේද දක්‍ෂතම ක්‍රීඩකයාට සහ ක්‍රීඩිකාවට යතුරු පැදි පිරිනමන බව සංවිධායකවරු පවසති.


වෙළෙඳසේවා වොලිබෝල් සංගමයට අනුබද්ධ ආයතනයක මාස දෙකක අවම සේවා කාලයක් සපුරා තිබෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම්වලට තරගාවලිය විවෘතවේ.


පසුගිය වසරේ පැවැති තරගාවලියට පිරිමි කණ්ඩායම් 64 ක් සහ කාන්තා කණ්ඩායම් 28 ක් ලෙස කණ්ඩායම් 92 ක් සහභාගි වුහ. මෙවර තරගාවලියට කණ්ඩායම් 120 ක් පමණ අපේක්ෂා කරන බව වෙළෙඳසේවා වොලිබෝල් සංගමයේ සභාපති, බ්‍රැන්ඩික්ස් ලංකා සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) කර්නල් සුජිත් ජයසේකර මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.


සුපර් ලීග් කාණ්ඩයේ පිරිමි ශූරතාව දිනාගන්නා කණ්ඩායමට රුපියල් 150,000 ක් සමග ශූරතා කුසලානය පිරිනමන අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා පිළිවෙලින් රුපියල් 100,000 ක් සහ රුපියල් 50,000 ක් ලෙස මුදල් ත්‍යාග පිරිනැමේ.


සුපර් ලීග් කාණ්ඩයේ ශූරියන්ට රුපියල් 100,000 ක් පිරිනැමෙන කාන්තා තරගාවලියේ අනුශූරතාව දිනාගන්නා කණ්ඩායමට රුපියල් 50,000 ක්ද, තෙවැනි ස්ථානය හිමිකර ගන්නා කණ්ඩායමට රුපියල් 25000 ක්ද ලෙස මුදල් ත්‍යාග සහ කුසලාන පිරිනැමේ.


ශූරයන්ගේ කාණ්ඩයේ සහ ‘ඒ” කාණ්ඩයේ ප්‍රථම ස්ථානයේ සිට තෙවැනි ස්ථානය ලබන කණ්ඩායම සඳහා ද මුදලින් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා තිබේ.


 සන්ක්වික්, ලංකා ටයිල්ස් සහ ඬේවිඞ් පීරිස් මෝටර්ස් ප්‍රධාන අනුග්‍රහය දක්වන මෙම තරගාවලියේ දම්රෝ, එක්ස්පෝ ලංකා සම අනුග්‍රහය දක්වති. සිංගර්, ටෙක්ස්ටර්ඞ් ජර්සි ලංකා, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ඩයලොග් ආසියාටා සහ වෝග් ටෙක්ස් සෙසු අනුග්‍රහකත්වය දරති.


අයැදුම්පත් බාර ගැනීම ජුලි මස 31 වැනිදා අවසන්වේ. තැපැල් මඟින් අයැදුම්පත් එවීමේදී ලියුම් කවරයේ වම්පස ”වෙළෙඳ සේවා වොලිබෝල් 2016’ සඳහන් කර වෙළෙඳසේවා වොලිබෝල් සංගමය, නො:33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 07 යන ලිපිනයට යොමු කළ යුතුය.   


මේ පිළිබඳ වැඩි විස්තර 0710682682 (චන්දන) හෝ 0772963170 (හිරන්ය) ඇමැතීමෙන් ලබාගත හැකිය. තරගාවලියේ අවසන් මහා තරග සැප්තැම්බර් මස 16 සහ 17 දෙදින මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

 


සන්ක්වික් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී දුමින්ද කොතලාවල මහතා විසින් වෙළෙඳසේවා වොලිබෝල් සංගමයේ සභාපති කර්නල් සුජිත් ජයසේකර මහතාට නිල අනුග්‍රහකත්වය පිරිනමන ලද අයුරු. වෙළෙඳසේවා වොලිබෝල් සංගමයේ ලේකම් ඒ. එස්. නාලක මහතා ද ඡායාරූපයේ සිටියි.

 


අදහස් (0)

වෙළෙඳ සේවා තරගාවලියට අයැඳුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.