Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික යොවුන් පෙරමුණේ බියගම ආසනයේ, වල්ගම නැගෙනහිර කොට්ඨාසය සංවිධානය කළ ‘සුජී උදයංග’ අභියෝග ශූරතා වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බියගම ගෝල්ඩන් ලයන්ස් කී‍්‍රඩා සමාජය සමත් විය. අවසන් මහ තරගයේදී ගෝල්ඩන් ලයන්ස් කී‍්‍රඩා සමාජය හමුවේ තරග වට 2-1 ක් ලෙස පරාජයට පත් වූ බියගම රන්තරු කී‍්‍රඩා සමාජයට එහි අනුශූරතාව හිමිවිය.
අවසන් මහ තරගයේ පළමු වටය ලකුණු 25/18 ලෙස ජය ගැනීමට රන්තරු කී‍්‍රඩා සමාජය සමත් වුවද, දක්ෂ ලෙස තරගයට අවතීර්ණ වෙමින් දෙවැනි වටය 25/16 ක් ලෙසත්, තෙවැනි වටය 25/21 ක් ලෙසත් ජයගත් ගෝල්ඩන් ලයන්ස් කී‍්‍රඩා සමාජය තරගාවලියේ ශූරතාව තමන් සතු කරගත්තේය.
තරගාවලියේ ශූරතාව දිනාගැනීම වෙනුවෙන් ගෝල්ඩන් ලයන්ස් කී‍්‍රඩා සමාජයට රුපියල් 15,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමුණ අතර අනු ශූරතාව දිනාගැනීම වෙනුවෙන් රන්තරු කී‍්‍රඩා සමාජයට රුපියල් 10,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමිණ.
තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ගෝල්ඩන් ලයන්ස් කී‍්‍රඩා සමාජයේ චමෝද් නිර්මාල් සම්මාන දිනාගත් අතර එම කී‍්‍රඩා සමාජයේම මහේෂ් මධුසංක දක්ෂතම පන්දු සකසන්නා ලෙසද, මාලිංග සුරාජ් දක්ෂතම පන්දු පිරිනමන්නා ලෙසද, සුසන්ත පි‍්‍රයදර්ශන දක්ෂතම පන්දු ආවරණය කරන්නා ලෙසද සම්මාන දිනාගත්හ.
දක්ෂතම ප‍්‍රහාරකයාට හිමි සම්මානය තමන් සතු කරගැනීමට රන්තරු කී‍්‍රඩා සමාජය චාමර මිහිරාන් සමත් විය.
සුභාෂි විදුහල් කී‍්‍රඩා පිටියේදී පැවැති මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 12 ක් සමහභාගී වූ අතර ඉන් දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් කණ්ඩායම් 6 ට වොලිබොල් කී‍්‍රඩා උපකරණ පිරිනැමීමටද සංවිධායකයෝ පියවර ගත්හ.
මෙම තරගාවලියට සමගාමීව සුභාෂි රාජකීය විදුහල සහ හේනේගම මැදි විදුහල අතර පැවැති ප‍්‍රදර්ශන වොලිබෝල් තරගයෙන් ජය ලැබීමට සුභාෂි රාජකීය විදුහල සමත් විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.