Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු කුසලාන කනිෂ්ඨ වොලිබෝල් තරගමාලාව සඳහා ශ‍්‍රී ලංකා පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීමේ කනිෂ්ඨ වොලිබෝල් තරගාවලියක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු යොදා තිබේ.
දිස්ති‍්‍රක් පදනම මත ආරම්භ වන මෙම තරගාවලිය එතැන් සිට ජාතික මට්ටමට ගෙන එමින් පැවැත්වේ
ආසියානු කුසලාන කනිෂ්ඨ වොලිබෝල් තරගමාලාවේ පිරිමි තරගාවලිය (වයස 20 න් පහළ) ජුලි මස තායිලන්තයේදී ද, කාන්තා තරගාවලිය (වයස 19 න් පහළ) අගෝස්තු මස චීන තායිපේහිදී ද පැවැත්වීමට නියමිතය.
ජාතික තරුණ සේවා සභාවේ සහයෝගයෙන් ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන මෙම කනිෂ්ඨ වොලිබෝල් තරගාවලියේදී දස්කම් දක්වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරා ඔවුන් සංචිතයකට ඇතුළත් කරන බව වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා පැවසීය. ආසියානු තරගමාලාව පැවැත්වෙන පරිදි 20 න් පහළ පිරිමි සහ 19 න් පහළ කාන්තා වයස් කාණ්ඩ දෙකින් තරගාවලිය පැවැත්වේ.
පිරිමි තරගාවලියට සහභාගිවන කණ්ඩායම්වල ක‍්‍රීඩකයන් 1997 ජනවාරී මස 1 වැනිදායින් පසුව ද, කාන්තා තරගාවලියට සහභාගිවන කණ්ඩායම්වල ක‍්‍රීඩිකාවන් 1998 ජනවාරී මස 1 වැනිදායින් පසුව උපන් අය විය යුතු යැයි ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය දන්වා සිටියි.
පිරිමි සහ කාන්තා සංචිත දෙකට 30 දෙනකු බැගින් තෝරා එමගින් ශ‍්‍රී ලංකා කණ්ඩායම් දෙකට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇතුළත් කිරීමට නියමිතය.
මෙම තරගාවලිය සඳහා අයැදුම්පත් බාර ගැනීම මේ මස 31 වැනිදායින් අවසන් වන බවත්, ඉන්පසුව තරගාවලිය දිස්ත‍්‍රික් වටයෙන් ආරම්භ කිරීමට කටයුතු යොදන බව නාලක මහතා පවසයි. තරගාවලියේ අවසන් වටය මාර්තු මසදී පැවැත්වීමට නියමිතය.
අයැදුම්පත් දිස්ත‍්‍රික් තරුණ සේවා නිලධාරී කාර්යාලවලට බාර දිය හැකි අතර ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට ද යොමු කළ හැකිය. ලේකම්, ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, නො: 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 7 යන ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.