Last Update  :  2025-04-18 17:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් පුහුණුකරුවන් සොයයි

වොලිබෝල් පුහුණුකරුවන් සොයයි

අමිල හේරත් - 2016 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන කනිෂ්ඨ වොලිබෝල් තරගමාලාව සඳහා සහභාගිවන ශ‍්‍රී ලංකා පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකට පුහුණුකරුවන් තෝරා ගැනීම සඳහා අයැදුම්පත් බාර ගැනේ. ප‍්‍රධාන පුහුණුකරුවන්ට අමතරව සහය පුහුණුකරු සහ අභ්‍යාසක සඳහා ද අයැදුම්පත් කැඳවන බව වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා පැවසීය.


ආසියානු කුසලාන කනිෂ්ඨ වොලිබෝල් තරගමාලාවේ (වයස 20 න් පහළ) පිරිමි තරගාවලිය අගෝස්තු මස චීන තායිපේහිදීද, (වයස 19 න් පහළ ) කාන්තා තරගාවලිය සැප්තැම්බර් මස තායිලන්තයේදීද පැවැත්වීමට නියමිතය.                       

                                                                                                                                                                                                                                                                                                                      
අයැදුම්පත් බාර ගැනීම මාර්තු මස 15 වැනිදායින් අවසන්වන බවත්, පුහුණුකරු සහ අභ්‍යාසක තනතුරු සඳහා සුදුසුකම් ඇතුළත් අයැදුම්පත් යොමු කිරීමෙන් මේ අවස්ථාව හිමිකර ගත හැකි බවත් වොලිබෝල් සම්මේලනයේ ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.


සියලූම අයැදුම්පත් ලේකම්, ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, නො: 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 7 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.


- 090

 


අදහස් (0)

වොලිබෝල් පුහුණුකරුවන් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.