Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දහඅට වැනි ආසියානු කනිෂ්ඨ වොලිබෝල් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා වෙන්නප්පුව ජොශප් වාස් විදුහලේ ෂෙහාන් ලක්සිත බණ්ඩාර තෝරාගනු ලැබ ඇත. මෙම තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 12 දෙනාගෙන් පස් දෙනෙක්ම වෙන්නප්පුව ජෝශප් වාස් විදුහලේ ක්‍රීඩකයෝ වෙති.
ජාතික කනිෂ්ඨ වොලිබෝල් සංචිතයේ සිටි ක්‍රීඩකයන් 18 දෙනාගෙන් මෙම අවසන් ක්‍රීඩකයන් 12 දෙනා තෝරාගත් බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.
සීදුව දවිසමර විදුහලෙන් ක්‍රීඩකයන් සිවු දෙනකු කණ්ඩායමට ඇතුළත්ව සිටින අතර කොළඹ රාජකීය, මීගමුව මාරිස්ටෙලා සහ හුංගම විජයබා යන විදුහල්වලින් ක්‍රීඩකයෙක් බැගින් කණ්ඩායමට ඇතුළත්ව සිටිති.
මෙම තරගාවලිය ජුලි මස 9 වැනිදා සිට 17 වැනිදා දක්වා චීන තායිපේහිදී පැවැත්වේ.
ශ්‍රී ලංකා කනිෂ්ඨ වොලිබෝල් කණ්ඩායම:
ෂෙහාන් ලක්සිත බණ්ඩාර (නායක), පබසර චන්ද්‍රසිරි, විනෝද් මධුරංග, නුවන් තාරක, රොෂාන් මධුභාෂණ (වෙන්නප්පුව ජෝශප් වාස්), රොහාන් මධුෂංක (උප නායක), මිහිරංග උදය කුමාර, විශ්මන චංකම, චාමික සඳරුවන් (සීදුව දවිසමර), ලක්ෂාන් චමුදිත (කොළඹ රාජකීය), නිපුන් සචින්ත (මීගමුව මාරිස්ටෙලා), ගිහාන් අංජු (හුංගම විජයබා)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.