Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball වොලිබෝල් සංගම් 25 කට ඡන්ද බලය අහිමිවේ

වොලිබෝල් සංගම් 25 කට ඡන්ද බලය අහිමිවේ

editorial - 2025 අප්‍රේ මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මැයි 31 වැනිදා පෙරවරු 10.00 ට කැදවා තිබෙන ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ නිලවරණය (2025 - 29) සදහා නාමයෝජනා කැදවීම අප්‍රේල් 21 වැනිදා පෙරවරු 10 ට අවසන් කිරීමට නිලවරණ කමිටුව තීරණය කර තිබේ.

සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උප භාණ්ඩාගාරික, තරග ලේකම්, ප්‍රධාන සංවිධායක යන ධූර හැරෙන්නට උප සභාපති ධූර හතක්, උප ලේකම් ධූර දෙකක් හා විධායක සභිකවරු 11 ක් නව වොලිබෝල්  විධායක සභාවට නිර්දේෂ කර ගැනීම සදහා මෙම නිලවරණය කැඳවේ.

ඒ සදහා දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොඨ්ථාශ වොලිබෝල් සංගම්, ව්‍යවස්ථාපිත  සංගම් හා විශේෂිත සංගම් 72 කට ඡන්ද බලය හිමිව තිබේ. වොලිබෝල් සම්මේලනයේ සාමාජික එකී මුළු සංගම් ගණන 97 කි. ඒ අනුව ක්‍රියාකාරී නොවීමේ චෝදනා ලැබ සිටින සංගම් 25 කට ඡන්ද බලය අහිමිව තිබේ.

වාර්තා වන පරිදී වත්මන් වොලිබෝල් විධායක සභාවේ කල් ගෙවන ඉහළ පෙළේ නිලධාරීන් රැසක් තනතුරු අත් හරිමින් එළඹෙන නිලවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ. කෙසේවූවත් විධායක සභාවේ උප සභාපති ධූර සදහා ත්‍රිවිධ හමුදාපතිවරුන්ට ආරාධනා කිරීමට තීරණය කර තිබේ.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් (සභාපති), විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එන්. ඒ. ටී. ජයසිංහ හා විශ්ව විද්‍යාල ජේය්‍යෂ්ඨ කථිකාචාර්ය අයි.එම්.රණසිංහ යන මහත්වරු නිලවරණ  කමිටුව ලෙස ක්‍රියා කරයි.

නිලවරණය කැඳවමින් වොලිබෝල් සම්මේලනයේ වත්මන් විධායක සභාව යෝජනා කර ඇත්තේ පසුගිය කාලය පුරා සිය පාලනය විවේචනය කරමින් හැසිරුණු බව කියන පාර්ශව වෙත නිතරගයෙන් වොලිබෝල් සම්මේලනයේ නව විධායක සභාවට පත්වීම සදහා තමන් මෙවර ඊට තරග වැදීමෙන් ඉවත්වීමටසූදානම් බවයි. එහෙත් ඊට ඔවුන්ගෙන් මෙතෙක් ප්‍රතිචාර පළවී නැතැයිද වාර්තාවේ. 

කෙසේවූවත් වොලිබෝල් සම්මේලනයේ වත්මන් සභාපති කංචන ජයරත්න හා එහි ප්‍රධාන ලේකම් ඒ.එස්. නාලක යන මහත්වරු මෙවර එම තනතුරු අත් හැරීමට තීරණය කර තිබේ. නාලක මහතා මේ වන විට මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ වත්මන් මහ ලේකම්වරයා ලෙසත් කටයුත් කරයි.

නාමයෝජනා සම්බන්ධයෙන් විරෝධතා අප්‍රේල් 21 වැනිදා දහවල් 12 සිට පස්වරු 2 දක්වා කොළඹ රීඩ් මාවත වොලිබෝල් සම්මේලන මූලස්ථානයේදී බාර ගැනේ. විරෝධතා පරීක්ෂා කිරීම අප්‍රේල් 22 වැනිදා පෙරවරු 10.00 ට සිදු කෙරේ.


අදහස් (0)

වොලිබෝල් සංගම් 25 කට ඡන්ද බලය අහිමිවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.