Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොළඹදී පැවැත්වෙන මධ්‍යම ආසියානු වොලිබෝල් (වයස 20 න් පහළ - බාලක) තරගාවලියේ ඊයේ (8) පස්වරුවේදී පැවැති මූලික වටයේ තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකාව වට 3 - 2 කට කිරිගිස්ථානයට පරාජය විය. ඒ ලකුණු 25/16 - 19/25 - 20/25 - 25/23 - 09/15 ක් පරිදිය.
කෙසේවූවත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මොහොත දක්වා ප්‍රතිවාදීන්ට කරට කර සටනක් දෙමින් මෙම තරගයේ දැක්වූ දක්ෂතා කැපී පෙණුනි.
ඊයේ තරගයේදී කිරිගිස්ථානයට පරාජය වීමත් සමග ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට නිර්දේශ ලැබීමේ අවස්ථාව වඩාත් සීමාසහිතවී තිබේ.එතෙක් මාලදිවයින සමග පැවැති තරගය පමණක් ජය ගෙන තිබෙන ශ්‍රී ලංකාව අද ( 9) තර්ක්මෙනිස්ථානය සමගද හා හෙට (10) උස්බෙකිස්තානය සමගද මූලික වටයේ තවත් තරග දෙකකට සහභාගිවීමට නියමිතය.
අවසන් පූර්ව වටයට පිවිසීමට නම් ශ්‍රී ලංකාව එම තරග දෙකම ජය ගැනීමත් ප්‍රමාණවත් නොවන අතර ඉතිරිව තිබෙන මූලික වටයේ සෙසු තරගවල ප්‍රතිපලත් ඊට දැඩි බලපෑමක් කෙරෙනු ඇත.
ඊයේ පැවැති මූලික වටයේ තවත් තරගයකදී නේපාලය විසින් වට 3 - 0 කින් මාලදිවයින පහසුවෙන් පරාජය කරන ලදී.
ඊෙය් පැවැති සෙසු තරගයේදී උස්බෙකිස්තානය විසින් වට 3 - 2 කට කිරිගිස්ථානය පරාජය කරන ලදී. මූලික වටයේ තවත් තරග හයක් අද හා හෙට පැවැත්වෙන අතර අවසන් පූර්ව තරග සිකුරාදා (11) පැවැත්වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.