Last Update  :  2024-10-18 11:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ශ්‍රී ලංකාවට විස්මිත ජයක්
මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලිය

ශ්‍රී ලංකාවට විස්මිත ජයක්

editorial - 2024 මැයි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පාකිස්තානයේ  ලාහෝර් නුවරදී පැවැත්වෙන  මධ්‍යම  ආසියානු  ජාතින්ගේ  වොලිබෝල් ලීග් තරගාවලියේදී අද (15) පැවැති තරගයෙන් ශ්‍රී  ල‍‍ංකාව  ප්‍රබල  ඉරානයට එරෙහිව  වට 3 - 0 අනපේක්ෂිත  ජයක් ලැබීය.ඒ ලකුණු 25/22 -25/17 - 25/21ක් පරිදිය.

මෙම ජයග්‍රහණයේ සුවිශේෂීත්වය  වන්නේ මෑතදී වොලිබෝල්  සියවස සැමරූ ශ්‍රී  ල‍‍ංකාව  ජාත්‍යන්තර වොලිබෝල් තරගයදී ඉරානය පරාජයට පත් කළ පළමු අවස්ථාව  බවට එය පත් වීමයි.

මෙම  තරගයට සහභාගි  වන  විට ඉරානය ලෝක වොලිබෝල් (පිරිමි) කණ්ඩායම් ශ්‍රේණි ගත කිරීම් අනුව 15 වැනි ස්ථානය තරම් ඉහළම ස්ථානයක පසු වෙද්දී ශ්‍රී  ලංකාව එහි පසු වුයේ 60 වැනි ස්ථානයේය.

ඒ අනුව ශ්‍රී  ලංකාවේ අද ජයග්‍රහණය  මැනවින් කැපී පෙනුණි.මෙම ජයග්‍රහණයත් සමග එතෙක්  තරගාවලියේ පසු බැසීමකට ලක්ව සිටි ශ්‍රී  ලංකාව  නැවත  තරගාවලියේ ඉදිරියට යාමේ බලාපොරොත්තු  ඇති කර ගෙන තිබේ.

එහිදී  ශ්‍රී  ල‍‍ංකාව හෙට (16) තුර්ක්මෙනිස්ථානය  සමග  පැවැත්වෙන  තරගය ජය ගැනීමට සමත් වන්නේ  නම් අනිද්දා (17) පැවැත්වෙන  තරගාවලියේ අවසන් මහ තරගයට නිර්දේශවීමේ අවස්ථාව හිමි වේ.

එසේ නොවන්නට ඉරානය  අද පරාජය  කිරීමේ වාසිය තුළින් ශ්‍රී  ල‍‍ංකාවට තරගාවලියේ තෙවැනි ස්ථානයට තරග වැදීමේ අවස්ථාව  හිමිව තිබුණි.

ශ්‍රී ල‍‍ංකාව  මෙතෙක්  තරගාවලියේ සහභාගි වූ තරග හතරකදී දෙකක්  ජය ගත්තේය.ඇෆ්ගනිස්තානයඩ්ක් එරෙහිව  සදුදා (13) පැවැති  තරගයදී වට  3/0 ක ජයක් ලැබීය.ඒ ලකුණු  25/19 - 25/20 - 25 - 14 ක් පරිදිය.

එහෙත්  කිරිගිස්තානයට වට 3/2 කින්ද හා පාකිස්තානයට එරෙහිව  වට 3/0කින්ද මූලික  වටයේ  තරග දෙකකදීම ශ්‍රී  ලංකාව පරාජය  වීමෙන් තරගාවලියේ මුල් අවස්ථාවේදී ශ්‍රී  ල‍‍ංකාව  පසුබැසීමකට ලක් විය.

කෙසේවුවත්  ජාත්‍යන්තර  වොලිබෝල්  ඉතිහාසයේ  පළමු වරට ශ්‍රී  ල‍‍ංකාව  ඉරාන ජාතික  වොලිබෝල් (පිරිමි) කණ්ඩායම  පරාජය කිරිමට  සමත්ව  සිටීම ශ්‍රී ල‍‍ංකාව ලෝක  වොලිබෝල්   වාර්තා පොතට එක් වන්නකි.

අද ශ්‍රී ලංකාවට එරෙහිව  තරග  වැදුණු  ඉරාන වොලිබෝල්  කණ්ඩායමට බහූතරයක් යොවුන්  නවක ක්‍රීඩකයන්  ඇතුළත්ව සිටි  බවද වාර්තාවේ. සංචාරක  ශ්‍රී  ල‍‍ංකා  ජාතික  වොලිබෝල්  කණ්ඩායමේ  නායකයා  ලෙස දීප්ත රොමේෂ්  කටයුතු  කරයි.ප්‍රධාන  පුහුණුකරු  ලෙස චන්න ජයසේකර  මහතා  ලාහෝර්  නුවරදී  ශ්‍රී  ල‍‍ංකා  කණ්ඩායමට  සේවය  ලබා දෙයි.

 

අදහස් (0)

ශ්‍රී ලංකාවට විස්මිත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.