Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ගම්පහ තිලකරත්න දිසානායක)
ගම්පහ සියනෑ තරු ආරාධිත වොලිබෝල් තරගාවලිය පැවැත්වෙන දිනයන් කාලගුණ තත්ත්වය මත වෙනස් කර තිබේ. ඒ අනුව අවසන් තරගය අප්‍රේල් මස 6 වෙනි දින පැවැත්වෙන බවත් සංවිධායකයෝ පවසති.
තරගාවලියේ අවසන් පූර්ව තරග මෙම මස 5 වෙනි දින පැවැත්වේ. පළමු අවසන් පූර්ව තරගය එදින පස්වරු 3.00 යුද හමුදා කණ්ඩායම සහ වරාය අධිකාරිය කණ්ඩායම අතරත් දෙවැනි අවසන් පූර්ව තරගය පස්වරු 6.00 ට විදුලි බල මණ්ඩල කණ්ඩායම සහ ගුවන් හමුදා කණ්ඩායම අතරත් පැවැත්වීමට නියමිතය.
අවසන් මහ තරගය ඉරිදා පස්වරු 6.00 ට පැවැත්වෙන බව සියනෑ වොලිබෝල් ක්‍රීඩා සමාජයේ සභාපති විමල් ගමගේ මහතා පවසයි.
සියලුම තරග ගම්පහ සියනෑතරු වොලිබෝල් ක්‍රීඩා පිටියේදී පැවැත්වෙන බවද හෙතෙම සඳහන් කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.