Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රත්නපුර දිස්ති‍්‍රක් වොලිබෝල් සංගමය සහ කුරුවිට රන්තරු ක‍්‍රීඩා සමාජය එක්ව සංවිධානය කරන ප‍්‍රධාතම වොලිබෝල් කණ්ඩායම් 08 ක් සහභාගි වන ආරාධිත සුපිරි වොලිබෝල් තරගාවලිය හෙට (23) කුරුවිට ගෝණපිටිය රන්තරු ක‍්‍රීඩාපිටියේදී පැවැත්වේ.
රත්නපුර දිස්ති‍්‍රක් වොලිබෝල් සංගමයේ සභාපති සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම තරගාවලිය පැවැත් වේ.
ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව යන ති‍්‍රවිධ හමුදා වොලිබෝල් කණ්ඩායම් සහ ශ්‍රී ලංකා පොලිිසිය, ජාතික තරුණ සේවා සභාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, අවිස්සාවේල්ල ටී.ජේ. ලංකා ගාමන්ට් කණ්ඩායම සහ බොරලැස්ගමුව බලරැස් ක‍්‍රීඩා සමාජය මෙම තරගාවලියට සහභාගි වෙයි.
දිවා රාත‍්‍රී තරගාවලියක් ලෙස පැවැත්වෙන මෙම තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට කුසලාන සමග රුපියල් 60,000 ක් ද අනු ශූරතාව දිනාගන්නා කණ්ඩායමට කුසලාන සහ රුපියල් 40,000 ක් පිරිනැමෙන බව සංවිධායක මණ්ඩලය ප‍්‍රකාශ කරයි. තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයාට, දක්‍ෂතම ප‍්‍රහාරකයාට, දක්‍ෂතම පන්දු ඔසවන්නාට සහ දක්‍ෂතම පන්දු පිරිනමන්නාට මුදල් ත්‍යාග සහ සහතිකපත‍්‍ර පිරිනැමෙන බවද සංවිධායක මණ්ඩලය පවසයි.
●●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.