Last Update  :  2025-04-18 17:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ‘ඞී. එස්. අයි. වොලිබෝල් තරග මැයි 7 දා සිට

‘ඞී. එස්. අයි. වොලිබෝල් තරග මැයි 7 දා සිට

ශනුක අරවින්ද - 2016 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ ශ‍්‍රී ලංකා පාසල් වොලිබෝල් සංගමය එක්ව සංවිධානය කරන ‘ඞී. එස්. අයි. සුපර් ස්පෝට්ස්’ සමස්ත ලංකා පාසල් වොලිබෝල් ශූරතාවලිය මැයි මස 7 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

‘ඞී. එස්. අයි. සමාගමේ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන දිවයිනේ ප‍්‍රධානතම පාසල් වොලිබෝල් තරගාවලිය වන මෙයට සහභාගිවන කණ්ඩායම්වලින් අයැදුම්පත් බාර ගැනීම මේ මස 31 වැනිදා අවසන්වේ. මුලික වටයේ තරග දිස්ත‍්‍රික් මට්ටමින් පැවැත්වෙන අතර පසුව ජාතික මට්ටමේ තරග ක‍්‍රියාත්මක කෙරේ.

වයස 14 න් පහළ, 16 න් පහළ සහ 18 න් පහළ වයස් කාණ්ඩ තුනෙන් බාලක සහ බාලිකා අංශ දෙකින්ම තරග පැවැත්වේ.
දිස්ත‍්‍රික් තරග මැයි මස 7 වැනිදා සිට ජුනි මස 6 වැනිදා දක්වා ද, ජාතික මට්ටමේ තරග ජුනි මස 20 වැනිදා සිට 26 වැනිදා දක්වාද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අවසන් තරග ජුලි මස 15 සහ 16 දෙදින පැවැත්වීමට නියමිතය. අයැදුම්පත් දිවයින පුරා පිහිටි ‘ඞී. එස්. අයි. ප‍්‍රදර්ශනාගාර වලින් ලබාගත හැකි බව සංවිධායකවරු පවසති.

ඞී. සැම්සන් සහ පුත‍්‍රයෝ සමාගම, නො: 257, හයිලෙවල් පාර, නාවින්න, මහරගම යන ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය.   

-090

 


අදහස් (0)

‘ඞී. එස්. අයි. වොලිබෝල් තරග මැයි 7 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.