Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner අවසන් පූර්ව වටයෙන් ශී‍්‍ර ලංකාව ඉවතට

අවසන් පූර්ව වටයෙන් ශී‍්‍ර ලංකාව ඉවතට

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීන තායිපේ පිල හමුවේ වට 3-0 ක පරාජයක් ලද ශ්‍රී ලංකාවට කොළඹදී දැන් පැවැත්වෙන 10 වැනි ආසියානු යොවුන් (බාලක) වොලිබෝල් ශූරතාවලියේ අවසන් පූර්ව වටයේ අපේක්ෂා අත්හැර ගැනීමට සිදුවිය.

සුගතදාස ගෘහස්ත පිටියේදී අද (10) පැවති මෙම තරගය චීන තායිපේ පිල ජයගත්තේ ලකුණු 25-20, 25-18, 25-11 ක් පරිදිය.

තරගයේ පළමු වටයේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගෙන් සටන්කාමීත්වයක් පළ වුවත් තායිපේ කී‍්‍රඩකයන්ගේ ප‍්‍රබල පහර හමුවේ දෙවනි හා තෙවැනි වට වලදී ශ්‍රී ලංකා කණ්ඩායම සටන අත්හරිමින් තරගවදින බවක් පළවිය.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව සත්කාරය දරන මෙම තරගාවලියේදී ඊයේ වන විට ශ්‍රී ලංකාවට ඉතිරිව තිබුණේ පස්වැනි ස්ථානයේ සිට අට වැනි ස්ථානය දක්වා වන ශ්‍රේණිගත කිරීමේ තරග වටයට සහභාගිවී උපරිම දස්කම් දක්වමින් තරගාවලියේ ඉහළම ස්ථානයක් ලබාගැනීමය.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියට සහභාගී වූයේ ගියවර තරගාවලියේ හයවැනි ස්ථානය අත්කර ගනිමිනි. ශ්‍රී ලංකාවට එරෙහිව තරගය ජයගත් චීන තායිපේ ගිය වර තරගාවලියේ පස්වැනි ස්ථානය ලැබීය. මේ අතර අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ ඉරානය හා ජපානය අතර තරගයේ ජයග‍්‍රාහී කණ්ඩායම හෙට ශ්‍රී ලංකාව සමග ශ්‍රේණිගත කිරීමේ තරගයකට සහභාගී වීමට නියමිතය.

තරගාවලියේ පසුභාගයේ පසුබෑමට ලක්වුවත් මූලික වටයේදී ඔවුන් සෞදි අරාබිය,  ඕස්ටේ‍්‍රලියාව හා කසකස්ථානය පරාජය කරමින් පිට පිටම තරග තුනක් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. එහෙත් ඊයේ (9) පැවැති මූලික වටයේ තවත් තරගයකදී ශ්‍රී ලංකාව තියුණු සටනක් දී ප‍්‍රබල චීනයට පරාජය විය.
ලකුණු පුවරුව අකි‍්‍රය වෙයි.

ඕස්ටේ‍්‍රලියාව හා චීන තායිපේ අතර පෙරේදා තරගය පැවැත්වෙමින් තිබියදී තරගාවලිය පැවැත්වෙන සුගතදාස ගෘහස්ත පිටියේ විදයුත් ලකුණු පුවරුව අක‍්‍රියවීමෙන් තරග සංවිධායකයන් අපහසුතාවට පත්වූ බව වාර්තා වේ.

අන්තර්ජාතික වොලිබෝල් තරගාවලියක් පිටියේ පැවැත්වෙන අතර විදයුත් ලකුණු පුවරුව අක‍්‍රියවීම බොහෝ දෙනකුගේ අවධානය යොමුවිය. එය ඊයේ ශ්‍රී ලංකාව හා චීන තායිපේ තරගය පැවැත්වෙන අවස්ථාවේදීත් අක‍්‍රිය තත්ත්වයට පත්ව තිබුණි.

සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණ අධිකාරියේ අධ්‍යක්ෂ මහින්ද බණ්ඩාර හේරත් මහතා ලංකාදීපය කළ විමසුමකදී පැවසුවේ ඒ සම්බන්ධයෙන් වගකිවයුත්තන් දැනුවත් කළ බවත් ඉතා ඉක්මනින් විද්‍යුත් ලකුණු පුවරුව යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බව ඔවුන් දැනුම් දුන් බවත්ය.

 


ශී‍්‍ර ලංකා - චීන තායිපේ වොලිබෝල් තරගයේ විශේෂ අවස්ථා...

ඡායාරූප - ඉෂාන් සංජීව


අදහස් (0)

අවසන් පූර්ව වටයෙන් ශී‍්‍ර ලංකාව ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.