Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සංවිධානයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් රෙජිමේන්තු වොලිබොල් තරගාවලියේ පිරිමි ශූරතාව දිනාගැනීමට ඉංජිනේරු සේවා බලකා කණ්ඩායම ද, කාන්තා ශුරතාව දිනාගැනීමට 2 වැනි කාන්තා බලකා කණ්ඩායම ද සමත් වූහ.
පිරිමි සුපිරි අට කාණ්ඩයේ ශූරතාවය සදහා පැවැති අවසන් තරගයේදී 2013 සහ 2014 වසර වලදී පිට පිටම ශූරතාව දිනාසිටි පාබල හමුදා කණ්ඩායම පරාජය කරමින් ඉංජිනේරු සේවා බලකා කණ්ඩායම එම ශූරතාවට හිමිකම් කිවේය. එහි තෙවැනි ස්ථානය සිංහ රෙජිමේන්තු කණ්ඩායමට හිමිවිය.
පිරිමි ‘ඒ’ කාණ්ඩයේ ශූරතාවය දිනාගැනීමට පොදුසේවා බලකා කණ්ඩායම සමත්වූයේ අවසන් මහ තරගයේදී ගජබා රෙජිමේන්තු කණ්ඩායම පරාජය කරමිනි. ‘ඒ’ කාණ්ඩයේ තෙවැනි ස්ථානය විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම සතුවිය.
6 වැනි කාන්තා බලකා කණ්ඩායම පරාජය කරමින් 2 වැනි කාන්තා බලකා කණ්ඩායම කාන්තා ශුරතාව දිනාගත් අතර එහි තෙවැනි ස්ථානය 3 වැනි කාන්තා බලකා කණ්ඩායමට හිමිවිය.
තරගාවලියේ සමාප්ති උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස ශී‍්‍ර ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක හා ශී‍්‍ර ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් එච්. සී. පී. ගුණතිලක මහතා සහභාගී විය.
දක්ෂතම සම්මාන දිනාගත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ
පිරිමි සුපිරි අට කාණ්ඩයේ දක්ෂතම කී‍්‍රඩකයෝ -
පිරිමි ‘ඒ’ කාණ්ඩයේ දක්ෂතම කී‍්‍රඩකයෝ -
දක්ෂතම කී‍්‍රඩිකාවෝ -
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.