Last Update  :  2025-04-21 20:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner කී‍්‍රඩා ඇමති නීතිපති උපදෙස් සොයයි

කී‍්‍රඩා ඇමති නීතිපති උපදෙස් සොයයි

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 13 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා පනත සහ එහි ඇතුළත් ඇතැම් රෙගුලාසි සම්බන්ධයෙන් කණස්සල්ල පළකරමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවෙන් ලිපියක් එවා ඇතිද යන්න පිළිබඳව කළ විසීමේදී එය සත්‍යයක් බව කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය. කෙසේ වෙතත් එම ලිපියට පිළිතුරු යැවීමට පෙර ඒ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් ලබාගැනීම සඳහා අදාළ ලිපිය නීතිපති දෙපාර්තමෙන්තුවට යවා ඇති බවත් කී‍්‍රඩා ඇමතිවරයා 13 වැනිදා පැවසීය.

”මේක හරිම ප‍්‍රශ්නයක්. අපේ පාර්ලිමේන්තුවේ අනුමත වෙච්ච කී‍්‍රඩා පනතක් තියෙනවා. ඒත් ඒක පිළිගන්න බෑ කියලා අන්තර්ජාතික සම්මේලන නැත්නම් අන්තර්ජාතික කී‍්‍රඩා සංගම් කියනවා...එතකොට අපි ගන්න කි‍්‍රයාමාර්ගය මොකක්ද?”

”මේ ගැන විමසා බලන්න කියලා මම ඒ ලියුම නීතිපති දෙපාර්තමේන්තුවට යැව්වා..හැබැයි මෙතන පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා..1973 සම්මත කරපු නීතියක් ගැන මෙච්චර කාලෙකට පස්සේ විමසන්නේ ඇයි කියලා” යයිද ඇමතිවරයා පැවසීය.

මෙම ප‍්‍රශ්න සියල්ලම මතුවන්නේ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය ඉදිරියේ පැවැත්වෙන බැවින් බවත් කිසිදු ආකාරයකින් කි‍්‍රයාත්මක නොවන ඇතැම් ජාතික සංගම්වල නිලධාරීන් ජාතික ඔලිම්පික් කමිටුවේ තනතුරු අපේක්‍ෂා කිරීම මේ පසුපස තිබෙන බවත් ඇමතිවරයා පැවසීය.

”සමහර ජාතික සංගම් තියෙනවා ඒවා ජාතික තරගාවලි තියලා නෑ. ඒත් ජාතික සංගමයක් වශයෙන් ලියාපදිංචි කිරීමට නම් තිබිය යුතු මූලික සුදුසුකම් මා නිර්දේශ කරලා තියෙනවා. ඒ සුදුසුකම් නැති සංගම් 6 ක ලියාපදිංචිය මම පසුගිදා අහෝසි කරලා දැම්මා. දැන් තියෙන්නේ එදා තිබුණ ජාතික සම්මේලන 54 න් 48 යි” යයිද කී‍්‍රඩා ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

අංක 1793/3 2013 ජනවාරි මස 15 වැනි අගහරුවාදා ප‍්‍රකාශයට පත්කරන ලද ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ ගැසට් පත‍්‍රය (අති විශේෂ) අනුව ශී‍්‍ර ලංකාවේ දැනට කි‍්‍රයාත්මක වන ජාතික කී‍්‍රඩා සංගම් 48 පහත දැක්වේ.

 

  • බැඞ්මින්ටන්
  • ජල කී‍්‍රඩා
  • කායවර්ධන
  • පාපැදි
  • වෙඩිතැබීම
  • හොකී
  • කරාටේ
  • රුවල් කී‍්‍රඩා
  • රග්බි පාපන්දු
  • බර එසවීම
  • ජිම්නාස්ටික්
  • ගොල්ෆ්
  • මල්ලවපොර
  • මෝටර්රථ කී‍්‍රඩා
  • පැසිපන්දු
  • මලලකී‍්‍රඩා
  • කි‍්‍රකට්
  • දැල්පන්දු
  • ටෙනිස්
  • බි‍්‍රජ්
  • කැරම්
  • ජීවිතාරක්ෂක
  • බොක්සිං
  • ජූඩෝ
  • බිලියර්ඞ්ස් සහ ස්නූකර්
  • පාපන්දු
  • වොලිබෝල්
  • එල්ලේ
  • චෙස්
  • රළ මත ලිස්සායාම
  • ටේබල් ටෙනිස්
  • ස්කොෂ්
  • ටයිකොන්ඩෝ
  • සැහැල්ලූ පන්දු කි‍්‍රකට්
  • සවි එසවීම
  • කබඩි
  • ආබාධිතයන් සඳහා කී‍්‍රඩා
  • යතුරුපැදි කී‍්‍රඩා
  • බේස්බෝල්
  • වූෂු
  • පන්දුව විසි කිරීම
  • දුන්නෙන් විදීම
  • තුරග තරග
  • පාරම්පරික කරාටේ
  • අත් පන්දු
  • කඹ ඇදීම
  • ඉලක්කයට වෙඩි තැබීම
  • කඩු හරඹ

 


අදහස් (1)

කී‍්‍රඩා ඇමති නීතිපති උපදෙස් සොයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.