Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කණ්ඩායම් 2500 ත් 3000 ත් අතර සංඛ්‍යාවක් සහභාගි වෙතැයි අපේක්‍ෂා කරනල ‘මංචි’ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන ජාතික වොලිබෝල් තරගාවලිය ලබන මස මුල් සතියේදී ආරම්භ වේ. තරගාවලිය මට්ටම් දෙකකින් පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ සියලුම වොලිබෝල් කණ්ඩායම් වලට ඉදිරිපත් විය හැකි ආකාරයෙන් ජාතික තරගාවලිය පැවැත්වෙයි.
ජාතික වොලිබෝල් ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින පිරිමි කණ්ඩායම 8 ක් සහ කාන්තා කණ්ඩායම් 6 ක් අතර සුපර් ලීග් තරගාවලිය පැවැත්වේ. තරගාවලිය සඳහා මේ දිනවල අයැදුම්පත් කැඳවා තිබෙන අතර අයැදුම්පත් බාරගැනීම සැප්තැම්බර් මස 30 වැනිදා අවසන් වීමට නියමිතය.
ජාතික තරගාවලියේ මූලික වටය දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වෙයි. සෑම දිස්ත්‍රික්කයකම ශූරතාව සහ අනුශූරතාව දිනාගන්නා කණ්ඩායම් (කාන්තා සහ පිරිමි) අවසන් වටයට තෝරා ගැනේ. දිස්ත්‍රික්කයකින් කණ්ඩායම් 4 ක් බැගින් කණ්ඩායම් 100 ක් අවසන් වටය සඳහා පිවිසෙනු ඇත.
අවසන් වටයේදී සියලුම තරග පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමය අනුව පැවැත්වේ. ඒ සඳහා දෙසැම්බර් මස 16, 17 සහ 18 දින වෙන්කර ඇති බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතා පැවසීය. අවසන් වටයේ සියලුම තරග මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතී.
පසුගිය වසරේදී දක්වන ලද දස්කම් අනුව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ තාක්‍ෂණික කමිටුව විසින් තෝරාගන්නා ලද පිරිමි කණ්ඩායම් 8 ක් සහ කාන්තා කණ්ඩායම් 6 ක් අතර සුපර් ලීග් තරගාවලිය පැවැත්වේ.
මෙම තරගාවලි දෙකම (පිරිමි සහ කාන්තා) කාණ්ඩ දෙකකින් පැවැත්වෙන අතර එහි තරග කිහිපයක් කොළඹින් පිටදී පැවැත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු යොදා තිබේ.
සුපර් ලීග් තරගාවලියේ තරග නොවැම්බර් මුල් සතියේදී ආරම්භ කිරීමට නියමිතය. තරගාවලියේ සියලුම තරග 5/3 ක්‍රමයට පැවැත්වෙන අතර ලීග් තරගාවලියේ පළමු සහ දෙවැනි කණ්ඩායම් අතර කතිර ක්‍රමයට අවසන් පූර්ව තරග පැවැත්වේ.
ජාතික වොලිබෝල් තරගාවලිය සඳහා ‘මන්චී’ බිස්කට්ස් නිෂ්පාදකයන් වන සිලෝන් බිස්කට්ස් ආයතනය අඛණ්ඩව 11 වැනි වසරටත් අනුග්‍රහය දක්වයි.
සුපර් ලීග් (පිරිමි) තරගාවලිය සඳහා තෝරා ගන්නා ලද කණ්ඩායම්
‘ඒ’ කාණ්ඩය
වරාය අධිකාරිය, ගුවන් හමුදාව, පොලිසිය සහ නාවික හමුදාව
‘බී’ කාණ්ඩය
විදුලි බල මණ්ඩලය, යුද හමුදාව, ජාතික තරුණ සේවා සභාව සහ මාස්-ලෙෂර්ලයින් සමාගම
සුපර් ලීග් (කාන්තා) තරගාවලිය සඳහා තෝරා ගන්නා ලද කණ්ඩායම්
‘ඒ’ කාණ්ඩය
ගුවන් හමුදාව, නාවික හමුදාව සහ වරාය අධිකාරිය
‘බී’ කාණ්ඩය
මාස් කැෂුවලයින්, යුද හමුදාව සහ ජාතික තරුණ සේවා සභාව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.