Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner ජාතික සංචිතයට සාග් පදක්කම් ලාභීහු 6 ක්

ජාතික සංචිතයට සාග් පදක්කම් ලාභීහු 6 ක්

සංජය එරමුදුගොඩ - 2017 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ශූරතා (පිරිමි) තරග සංචාරය  ඉලක්ක කරමින් කැඳවූ ජාතික (පිරිමි) වොලිබෝල් සංචිතයට සාෆ් රිදී පදක්කම්ලාභී ශ්‍රී ලංකා (පිරිමි) වොලිබෝල් කණ්ඩායමේ ක්‍රීඩකයෝ හයදෙනෙක් ඇතුළත්ව සිටිති. 19 වැනි ආසියානු (පිරිමි) වොලිබෝල් ශූරතාවලිය ලබන ජූලි 24 වැනිදා සිට අගෝස්තු 01 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ ‘ජකර්තා’ නුවරදී පැවැත්වේ.

ඒ සඳහා සහභාගි කරවන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ අටියෙන් ක්‍රීඩකයන් 24 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් සහභාගි කරවීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පෙරේදා (29) පියවර ගත්තේය.

ඉන්දියාවේ ගුවාහටිිහිදී දී පසුගිය වසරේ පෙබරවාරි මාසයේ පැවැති 12 වන සාෆ් ක්‍රීඩා උළෙලේදී වොලිබෝල් (පිරිමි) රිදී පදක්කම දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ජනිත් සුරත් ඇතුළු එම කණ්ඩායමට ඇතුළත් වූ ගයාන් මධුශංඛ, ප්‍රමේජ සුදසිංහ, දීප්ත රොමේෂ්, චාමර මිහිරාන්, ෂමිල් මලින්ද යන ක්‍රීඩකයෝ මෙම පුහුණු සංචිතයට ඇතුළත්ව සිටිති.

මෙවර ආසියානු (පිරිමි) තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව දකුණු ආසියාවේ ප්‍රධානතම කණ්ඩායම වන ඉන්දියාවට ඇහිරී ඇතැයි වාර්තා වේ. ඊට හේතුව එහි අභ්‍යන්තර ආරවුල් තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට සමස්ත ඉන්දීය ජාතික වොලිබෝල් සම්මේලනය ආසියානු වොලිබෝල් සම්මේලනයේ තහනමට ලක්ව තිබීමය.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ. එස්. නාලක මහතාගෙන් ලංකාදීපය කළ විමසුමකදී පැවසුවේ මෙවර තේරීම් සැසියට ක්‍රීඩකයන් 48 දෙනකු සහභාගි වූ බවයි. ඒ අතර ජූලි මාසයේදී සිදු කෙරෙන අවසන් තේරීම් සඳහා වයස 23න් පහළ ශ්‍රී ලංකා වොලිබෝල් (පිරිමි) කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ද අවස්ථාව හිමිවන බව නාලක මහතා වැඩිදුරටත් පැවසීය.

ආසියානු ශූරතා (පිරිමි) වොලිබෝල් තරග ඉතිහාසයේ මෙතෙක් ශ්‍රී ලංකාව අත්කර ගත් ඉහළම ස්ථානය 9 වන ස්ථානයයි. ගියවර ශ්‍රී ලංකාව 11 වන ස්ථානය ලබා තිබේ. මෙවර ශ්‍රී ලංකාවේ ඉලක්කය අවසන් (සුපිරි) අටදෙනා අතරට පිවිසීම බව වොලිබෝල් සම්මේලනය අවධාරණය කරයි. ගියවර ආසියානු වොලිබෝල් (පිරිමි) කුසලාන ඉරානය විසින් ද අනුශූරතාව චීනය විසින්ද හිමිකර ගන්නා ලදී.

වොලිබෝල් (පිරිමි) ජාතික පුහුණුකරු ලෙස චාල්ස් තිලකරත්න මහතා පත්කර තිබේ.


ශ්‍රී ලංකා වොලිබෝල් සංචිතය

එස්. ඒ. ජනිත් සුරත් (වරාය අධිකාරිය), එම්. ගයාන් මධුසංඛ (විදුලි බල), ප්‍රමේෂ් ප්‍රසන්න සුදසිංහ (ගුවන් හමුදාව), දීප්ති රොමේෂ් කේ.ඒ. තරිදු ලක්මාල්, (විදුලිබල) ඩබ්. දිලින සුදාරක (විදුලිබල), ජී. ජී. ලසිදු මෙත්මල් (වරාය  අධිකාරි), චාමර මිහිරාන් (යුද හමුදාව), එච්.පී. මහේෂ් චන්ද්‍රකුමාර (යුද හමුදාව), එම්. ඒ. කසුන් ලහිරු (විදුලිබල), ඒ. එච්. ෂමිල් මලින්ද (යුද හමුදාව), ජේ. ඒ. චානක මධුසංක (නාවික හමුදාව), එම්. මලිත් දිනිදු චාමර (ගුවන් හමුදාව),  බී.එච්. වසන්ත ලක්මාල්   (යුද හමුදාව), එස්.පී.ඒ.එල්.පී පතිරණ (විදුලිබල) සී.එම්. සජිත් ලහිරු (යුද හමුදාව) ආර්. එච්. දිසානායක (වරාය අධිකාරිය), පී. කසුන් චතුරංග (විදුලිබල), එස්. ඒ. තිලංග සංජය (විදුලිබල), එල්.ජී. චමින්ද පුෂ්පකුමාර (වරාය අධිකාරිය), එස්. එච්. නවාෆ් (නාවික හමුදාව), ඒ.ඩබ්. ලක්මාල් (විදුලිබල), අයි. ෂෙහාන් විමුක්ති (වරාය අධිකාරිය), ඒ.පී.වී. විරාජ් (නාවික හමුදාව)

 


අදහස් (0)

ජාතික සංචිතයට සාග් පදක්කම් ලාභීහු 6 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.