Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner තවත් පදක්කමක බලාපොරොත්තු සුන්

තවත් පදක්කමක බලාපොරොත්තු සුන්

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ හත්වැනි දිනය වන අද (25) වෙරළ වොලිබෝල් කී‍්‍රඩාවෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම තබා තිබූ බලාපොරොත්තුවත් සුන්වී ගියේය. ශී‍්‍ර ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම වෙරළ වෙලිබෝල් ක‍්‍රීඩකයන් දෙදෙනා වන ජූඞ් මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල අද පැවැති පෙර අර්ධ අවසන් පූර්ව තරගයෙන් පරාජයට පත්වූහ.

ඉංචියොන් වෙරළ වොලිබෝල් පිටියේදී අද පස්වරුවේ පැවැති එම තරගයේදී කසකස්තාන් ක‍්‍රීඩකයන් වන ඞී. ඇලෙක්සැන්ඩර් සහ එස්. ඇලෙක්සි විසින් ජූඞ් මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල තරග වට 2-0 කින් පරාජයට පත්කරන ලදහ.

ආසියානු ශ්‍රේණිගත කිරීමේ ඉදිරියෙන් සිටින කසකස්තාන් ක‍්‍රීඩකයන් දෙදෙනා පළමු වටය 21-12 කින් සහ දෙවැනි වටය 21-11 කින් පහසුවෙන් ජය ලැබූහ.

ආසියානු කී‍්‍රඩා උළෙල පැවැති 2006, 2010 සහ 2014 යන වසර තුනේදීම පෙර අර්ධ අවසන් පූර්ව තරගයේදී මෙම කසකස්තාන් ක‍්‍රීඩකයන් හමුවේ ජූඞ් සහ වසන්ත පරාජය වීම කැපී පෙනෙන සිද්ධියකි.  

උසින් සහ දේහ ශක්තියෙන් පරිපූර්ණ වූ මෙම ක‍්‍රීඩකයන් දෙපළ වෙතින් එල්ල වූ ඩෑෂ් පහර ඔවුන්ට වඩා උසින් සහ දේහ ශක්තිය අඩු ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් දෙපළට ජයගත නොහැකි අභියෝගයක් බවට පත්විය.

තරගය අවසන් වීමෙන් පසුව ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් දෙදෙනාම පැවසුවේ කසකස්තාන් ක‍්‍රීඩකයන් වැනි තාක්‍ෂණයෙන් සහ උසින් යුත් ක‍්‍රීඩකයන් සමග තරග කිරීමට හොද පුහුණුකරුවන්ගේ සේවය ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට ලබාදිය යුතු බවයි.

 ”මෙම ක‍්‍රීඩකයන් සමග ක‍්‍රීඩා කිරීම ගොඩක් අමාරුයි. ඒ සදහා තාක්‍ෂණය ඉතාමත් දියුණු තත්ත්වයක තියෙන්න  ඕනේ. මම හිතන්නේ අපිට විදේශීය පුහුණුකරුවකුගේ පුහුණුවක්  ඕනෑ. නැත්නම් අපේ පුහුණුකරුවන්ට විදේශිය පුහුණුවක් ලබාදී සේවය ලබාගත යුතුය”

”ඒ වගේම උස ක‍්‍රීඩකයන් තෝරාගෙන ඔවුන්ට දීර්ඝකාලීන පුහුණුවක් දෙන්න  ඕනේ” යැයි ජූඞ් සහ වසන්ත දෙදෙනාම පැවසූහ.
අද (26) ක‍්‍රීඩා උළෙලේ අටවැනි දිනයයි.


අදහස් (1)

තවත් පදක්කමක බලාපොරොත්තු සුන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.