Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දුනීසියාවේ සුරබයා නුවරදී පැවැත්වෙන ආසියානු වොලිබෝල් තරගාවලියේ ඊයේ (25 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකාව පරදවා වට 3-0 ක ජයක් ලැබීමට දකුණු කොරියාව සමත් විය.
තරගයේ පළමු වටයේදී ලකුණු 25/15 ක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට දකුණු කොරියාව සමත් වුවද, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආක්‍රමණශීලි ක්‍රීඩා විලාශය හමුවේ දෙවැනි සහ තෙවැනි වට ජයගැනීම සඳහා දකුණු කොරියාවට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
ඉතා තියුණු මුහුවරක් ගත් දෙවැනි සහ තෙවැනි වට වලදී ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු කොරියාව සමගින් කරට කර තරග වැදුණද, අවසානයේ 25/20 ක් ලෙස එම වට දෙකේදීද පරාජයට පත්විය.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ශමිල් මලින්ද සහ උප නායක ගයාන් මධුෂංක ලකුණු 8 බැගින් රැස්කළ අතර දීප්ති රොමේෂ් ලකුණු 5 ක්ද, අයේෂ් දිල්හාන්, ජනිත සුරත් සහ ලසිඳු මෙත්මාල් ලකුණු 3 බැගින්ද රැස්කළහ.
ශ්‍රී ලංකාව තරග වදින ‘සී’ කාණ්ඩයේ සෙසු කණ්ඩායම් දෙක වන ජපානය සහ වියට්නායමය අතර තරගයද ඊයේ පැවැති අතර ඉන් වට 3-0 ක් ලෙස (25/13, 25/19, 25/18) පහසු ජයක් ලැබීමට ජපානය සමත් විය.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වන මූලික වටයේ අවසන් තරගය අද (26 වැනිදා) වියට්නායමයට එරෙහිව ඉන්දුනීසියා වේලාවෙන් පස්වරු 9.00 ට ආරම්භ වීමට නියමිතව තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.