Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner ප්‍රොස්පෙරොස් කැපිටල් - ඔමේගාලයින් ශූරතා දිනති

ප්‍රොස්පෙරොස් කැපිටල් - ඔමේගාලයින් ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2017 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
මහරගම තරුණ මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (16දා) අවසන් වූ වෙළඳ සේවා වොලිබෝල් තරගාවලියේදී 
කොළඹ ප්‍රොස්පෙරොස් කැපිටල් ක්‍රී.ස. සහ සඳලංකාව ඔමේගාලයින් ක්‍රීඩා සමාජය ‘ඒ’ කාණ්ඩයේ පිරිමි සහ කාන්තා ශූරතා දිනාගැනීමට සමත් වූහ.
 
ජයග්‍රාහක කණ්ඩායම් දෙකම ප්‍රතිවාදී කණ්ඩායම් වෙතින්  අභියෝගයකින් තොරව ජයග්‍රහණය ලැබීම විශේෂත්වයකි. 
 
‘ඒ’ කාණ්ඩයේ පිරිමි අවසන් තරගය ප්‍රොස්පෙරොස් කැපිටල් ක්‍රී.ස. සහ නිට්ටඹුව බ්‍රැන්ඩික්ස් ක්‍රී.ස. අතර පැවැති අතර එහිදී ප්‍රොස්පෙරොස් කණ්ඩායම තරගවට 3-0 කින් ජය අත්කර ගත්තේය. ලකුණු තත්වය 25-21, 25-18 සහ 25-15 වශයෙන් විය. 
 
සඳලංකාව ඔමේගාලයින් ක්‍රී.ස. සහ බියගම මාස් ඇක්ටිව් ස්ට්‍රේච්ලයින් ක්‍රී.ස. අතර පැවැති ‘ඒ’ කාණ්ඩයේ කාන්තා අවසන් තරගයේදී ඔමේගා ලයින් කණ්ඩායමද තරග 3-0ක් ලෙස ජය ගත්තේය. එම තරගයේ ලකුණු තත්වය 25-11, 25-17 සහ 25-17 වශයෙන් විය. 
 
මේ අතර ‘ඒ’ කාණ්ඩයේ පිරිමි තරගාවලියේ 3 වැනි ස්ථානය සිටිසන් ඩිවෙලොප්මන්ට් බිස්නස් ක්‍රී.ස. විසින් දිනාගන්නා ලදි. කාන්තා 'එ' කාණ්ඩයේ 3වැනි ස්ථානය සබරගමුව ටෙලිකොම් ක්‍රී.ස. විසින් දිනාගන්නා ලදී. 
 
වෙළඳසේවා වොලිබෝල් සංගමය විසින් මෙහෙයවන ලද මෙම තරගාවලියේ මූලික වටය සඳහා වෙළඳ සේවා ක්ෂේත්‍රයේ කණ්ඩායම් 100කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූහ.

තරගාවලියේ ශූරතා අංශයේ සහ සුපර් ලීග් අංශයේ පිරිමි සහ කාන්තා අවසන් තරගද තරුණ මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී හෙට (17 දා) පැවැත්වීමට නියමිතය.

 

 

වෙළඳ සේවා වොලිබෝල් තරගාවලියෙන් ...

 


අදහස් (0)

ප්‍රොස්පෙරොස් කැපිටල් - ඔමේගාලයින් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.