Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වොලිබෝල් ශ‍්‍රී ලංකාවට හදුන්වා දී සියවසක් ගතවුව ද මෙම ක‍්‍රීඩාවේ මව්බිම ඇමෙරිකා එක්සත් ජනපදයයි.
මුලින්ම මෙම ක‍්‍රීඩාව ලෝකයට හදුන්වාදීමේ ගෞරවය ඇමෙරිකානු තරුණ ක‍්‍රිස්තියානි සංගමයේ මැසවුසෙට්ස් ප‍්‍රාන්තයේ හෝලියෝක්හි ක‍්‍රීඩා අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ විලියම් ජේ. මෝගන් මහතාට හිමිවේ. 1895 දී මෝගන් මහතා විසින් ලෙවට හදුන්වාදුන් වෙලිබෝල් ක‍්‍රීඩාව, වසරින් වසර ලෝකය පුරා ව්‍යාප්තවී ගිය අතර 1947 දී ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය පිහිටුවා ගන්නා ලදි. වර්ෂ 1949 ප‍්‍රථම වොලිබෝල් ලෝක ශූරතාවලියත් (පිරිමි) 1952 දී කාන්තාවන් සඳහා ප‍්‍රථම ලෝක ශූරතාවලියත් පවත්වන්නට යෙදුනි.
1957 දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවේ බල්ගේරියාවේ සෝෆියා නුවරදී පවත්වන්නට යෙදුණු විශේෂ වොලිබෝල් තරඟ මාලාවේ ප‍්‍රතිඵලය වූයේ 1964 වර්ෂයේ ටෝකියෝ නුවර ඔලිම්පික් ක‍්‍රීඩා උලෙළට වොලිබෝල් ක‍්‍රීඩාව ඇතුලත් කිරීමයි. එදා පටන් අද දක්වා ඔලිම්පික් ක‍්‍රීඩාවේ එක් ක‍්‍රීඩා ඉසව්වක් වශයෙන් වොලිබෝල් ක‍්‍රීඩාව පැවැත්වේ.
1996 වසරේදී වෙරළ වොලිබෝල් ක‍්‍රීඩාව ඔලිම්පික් ක‍්‍රීඩාවට ඇතුලත් කිරීමෙන් පසු අද ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය (FIVB) තුළ "Volleyball One Sport -Two Discipline" එක ක‍්‍රීඩාවක් තුළ ක‍්‍රීඩා ඉසව් දෙකක් යන තේමාව යටතේ ක‍්‍රියාත්මක වේ. ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය මහද්වීපික වොලිබෝල් සංගම් පහක් යටතේ රටවල් 220 ක සාමාජිකත්වය සහිතව ඔලිම්පික් ක‍්‍රීඩා, ලෝක ශූරතා, මහාද්වීපික හා කලාපීය තරඟ මාලා සමගින් වොලිබෝල් සහ වෙරළ වොලිබෝල් ක‍්‍රීඩාව ජාත්‍යන්තර වශයෙන් පවත්වාගෙන යනු ලබයි.
|
2001 වසරේදී ජාත්‍යන්තර වොලිබෝල් සම්මේලනය විසින් 20 වන සියවයේ වොලිබෝල් ක‍්‍රීඩාවේ විශිෂ්ටයින් නම් කරන ලද අතර එහිදී සියවසේ දක්ෂතම ක‍්‍රීඩකයා වශයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ කර්ච් කර්ලි ද දක්‍ෂතම ක‍්‍රීඩිකාව වශයෙන් කියුබාවේ රෙග්ලා ටොරස් ද දක්ෂතම පුහුණුකරුවන් වශයෙන් යසුටකා මට්යුදහිරා (ජපානය) සහ කියුබාවේ ඉයුජිනියෝ ජෝර්ජ්වන් ද දක්ෂතම කණ්ඩායම වශයෙන් ඉතාලි පිරිමි කණ්ඩායමත්, ජපාන කාන්තා කණ්ඩායම ද නම් කරන ලදී.
1895 දී ලොවට හඳුන්වාදුන් වොලිබෝල් ක‍්‍රීඩාව 1916 දී කොළඹ තරුණ ක‍්‍රිස්තියානි සංගමයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂක වෝල්ටර් කැමැක් මහතා විසින් ශ‍්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබිණ.
වොලිබෝල් ක‍්‍රීඩාව ශ‍්‍රී ලංකාවට හඳුන්වා දුන් වර්ෂය වශයෙන් 1916 හැඳින්වුව ද, හඳුන්වාදුන් ස්ථීර දිනයක් පිළිබඳ සටහනක් ඉතිහාසයේ හමු නොවේ. එහෙත් කොළඹ තරුණ ක‍්‍රිස්තියානි සංගමය 1916 අපේ‍්‍රල් සහ මැයි මාසවලදී නිකුත් කරන ලද Colombo Young Men මාසික සඟරාවට අනුව 1916 මැයි මාසයේදී වොලිබෝල් ක‍්‍රීඩාවට ශ‍්‍රී ලංකාවට හඳුන්වා දී ඇති බැව් සනාථ වේ.
ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමෙන් පසුව වොලිබෝල් ක‍්‍රීඩාව ඉතා ඉක්මණින් ජනප‍්‍රිය වී වොලිබෝල්් ක‍්‍රීඩා සමාජ බිහිවී තරඟ මාලා ආරම්භ වී දිවයින තුල වඩාත් ප‍්‍රචලිත විය. 1951 සැප්තැම්බර් මස 04 වන දා පිහිටුවන ලද ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනයේ ආරම්භයත් සමඟම එයට නිල වශයෙන් පිළිගැනීමක් ද හිමි විය.
ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ප‍්‍රථම සභාපති වශයෙන් ශ‍්‍රීමත් රිචඞ් අළුවිහාරේ මහතාත් සම ලේකම්වරුන් වශයෙන් ටී. සී. ආනන්දප්පා සහ ඞී. රාජදුරෙයි යන මහත්වරු කටයුතු කරන කළහ. එදා මෙදා තුර ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරුන් වශයෙන් 16 දෙනෙක්ද ලේකම්වරුන් වශයෙන් 21 දෙනෙක්ද කටයුතු කළහ.
මේ අතුරින් 1983- සිට 1986 දක්වා ශ‍්‍රී ලංකා වොලිබෝල් පාලක මණ්ඩලයේ සභාපති වශයෙන් කටයුතු කළ චරිත රත්වත්තේ යුගයත් 2005 සිට -2015 ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති වශයෙන් කටයුතු කළ ඩිලාන් පෙරේරා යුගයත් ශී‍්‍ර ලංකා වොලිබෝල් ක‍්‍රීඩාවේ පරිවර්තන යුගයන් වශයෙන් හඳුන්වා දිය හැක.
සිය සභාපති ධූරය අවසාන වන අවස්ථාවේදී 1986 දෙසැම්බර් මස ,වොලිබෝල් පුවත්, සඟරාවට ලිපියක් ලියන චරිත රත්වත්තේ මහතා එහි මෙවන් සටහන් තබන්නේය.
”වර්තමාන වොලිබෝල් පාලක මණ්ඩලය යටතේ වොලිබෝල් ක‍්‍රීඩාව ගමේ පිටියේ සිට ජාත්‍යන්තර පිළිගැනීම දක්වා ගෙනවිත් තිබේ. වොලිබෝල් ක‍්‍රීඩාව වෙනුවෙන් අප විසින් ක‍්‍රියාත්මක කරන ලද වැඩසටහන් පිළිබඳව මෙහි දී සඳහන් කිරීමට බලාපොරොත්තු නොවෙමු”
මෙරට වොලිබෝල් ක‍්‍රීඩාව මේ දක්වා ඉදිරි ගමනක් පැමිණ තිබේ නම් හුදෙක් එය එම ක්ෂේත‍්‍රයට සම්බන්ධ වූවන්ගේ අප‍්‍රහතිත ධෛර්යය, උනන්දුව නිසා සිදුවූවකි. මෙම ක‍්‍රීඩාව මෙතෙක් පැමිණ ඇත්තේ කටු, කොහොල් පිරුණු මාවත් ඔස්සේ ඉතාමත් දුෂ්කර ගමනකි...”
”වත්මන් වොලිබෝල් පාලක මණ්ඩලයේ නිල කාලය ගෙවී යන මොහොතේ මෙරට වොලිබෝල් ක‍්‍රීඩාවට මෙතෙක් ලබාදී ඇති ඉහළම තත්ත්වය ලබාදීමට හැකි වූවන් වශයෙන් අද අපි සතුටු වෙමු”
එයට පසු එන්නේ 2005-2015 දශකයේ ඩිලාන් පෙරේරා යුගයයි.
2014 අගෝස්තු මස 05 වන දින කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේ පැවති 10 වන ආසියානු බාලක වොලිබෝල් තරඟ මාලාවේ සමාරම්භක උලෙළේ දී ඩිලාන් පෙරේරා මහතා ප‍්‍රකාශ කළ පරිදි වොලිබෝල් ක‍්‍රීඩාවට විශේෂයෙන් පෞද්ගලික ආයතන සම්බන්ධ කරගනිමින් ස්ථීර අනුග‍්‍රහකයින් ලබාදීම ඉතා වැදගත පියවරකි.
ජ්‍යෙෂ්ඨ, කණීෂ්ඨ, යොවුන් වොලිබෝල් සහ වෙරළ වොලිබෝල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා ශ‍්‍රී ලංකාවේ මෙතෙක් ලබාදී ඇති වැඩිම ජාත්‍යන්තර තරඟ අත්දැකීම් ලබාදීම, ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සඳහා රැුකියා අවස්ථා ලබාදීම, ශ‍්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිරිමි කණ්ඩායම, කණිෂ්ඨ කාන්තා කණ්ඩාම, යොවුන් බාලක කණ්ඩායම, ආසියානු තරඟ මාලාවන්හිදී සුපිරි අට වටයට සුදුසුකම් ලැබීම, වොලිබෝල් සහ වෙරළ වොලිබෝල් ක‍්‍රීඩාවේ වැඩිම ජාත්‍යන්තර පදක්කම ලබාගැනීම, ජාතික ශූරතා, ජනාධිපති රන් කුසලාන සහ ෘීෂ පාසැල් යන සියළු තරඟ මාලා සඳහා සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 5000 සීමාව ඉක්මවා ගිය බවත්, වොලිබෝල් ක‍්‍රීඩාව සඳහා 2 වන ජාතික සමුළුව පැවැත්වීමත් ඒ තුළින් වොලිබෝල් ක‍්‍රීඩාවට සම්බන්ධ සියලූ දෙනා සම්බන්ධ කරගනිමින් වොලිබෝල් පවුල සංකල්පය හඳුන්වාදිමත් ඩිලාන් පෙරේරා යුගයේ ශ‍්‍රී ලංකා වොලිබෝල් කී‍්‍රඩාවට එක්වූ වැදගත් අංගෝපාංග විය.
මෙයට අමතරව 1987 සිට 1989 වර්ෂය දක්වා ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති වශයෙන් කටයුතු කළ, එවකට මුදල් අමාත්‍ය රොනී ද මැල් මහතාගේ කාලයේ දී ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට ස්ථීර නිවහනක් ද ජාත්්‍යන්තර වොලිබෝල් සම්මේලනයේ කලාපීය පුහුණු මධ්‍යස්ථානයක්ද ශී‍්‍ර ලංකාවේ වොලිබෝල් ක‍්‍රීඩාවට දායාද කෙරිණ.
1990 සිට 1992 වසරවල ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපතිත්වය දැරූ එවකට ඉඩම් රාජ්‍ය අමාත්‍ය අශෝක වඩිගමංගාව මහතාගේ පාලන කාලය තුළ ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර තරඟ මාලාවකදි දිනා ගත් ප‍්‍රථම රන් පදක්කම දිනාගත්තේය. එනම් 1991 කොළඹ දී පැවැති ඪ වන දකුණු ආසියානු ක‍්‍රීඩා උලෙළේදී රේණුකා අබේගුණවර්ධන යාපාගේ නායකත්වය යටතේ ශ‍්‍රී ලංකා වොලිබෝල් කාන්තා කණ්ඩායම රන් පදක්කම දිනා ගත් අතර එදා මෙදා තුර ශ‍්‍රී ලංකා වොලිබෝල් ක‍්‍රීඩාවට විශේෂතම ගෞරවය හිමි වූයේ ද මෙම කාලය තුළ දී ය.
මහාචාර්ය විනී විතාරණයන්ගේ සභාපතිත්වයෙන් යුත් අනුකමිටුවක් මගින් යෝජනා කරන ලද එවකට ක‍්‍රීඩා අමාත්‍ය සී. නන්ද මැතිව් මහතාගේ අනුමැතියෙන් වොලිබෝල් ක‍්‍රීඩාව ශ‍්‍රී ලංකාවේ ජාතික ක‍්‍රීඩාව බවට ප‍්‍රකාශයට පත්වූයේද මෙම කාලය තුලදීය.
වර්තමානයේ ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා වශයෙන් එරන්දික වැලිඅංඟගේ මහතා කටයුතු කරන අතර ලේකම් වරයා වශයෙන් ඒ්. එස්. නාලක මහතාත් කටයුතු කරයි.
ශ‍්‍රී ලංකාවේ පළමු ජාතික වොලිබෝල් කණ්ඩායම 1955 වසරේ බිහිවූ අතර, එදා සිට අද දක්වා ජාතික පිරිමි කණ්ඩායම් 42 ක් ද කාන්තා කණ්ඩායම් 26 ක්ද බිහිවී තිබේ.
කණිෂ්ඨ පිරිමි කණ්ඩායම් 13 ක්ද, කණිෂ්ඨ කාන්තා කණ්ඩායම් 11 ක්ද, යොවුන් බාලක කණ්ඩායම් 05 ක්ද, යොවුන් බාලිකා කණ්ඩායම් 03 ක්ද බිහිවී ඇත.
එදා මෙදාතුර ක‍්‍රීඩකයෝ 175 ක්ද ක‍්‍රීඩිකාවෝ 137 ක්ද ශ‍්‍රී ලංකා වර්ණ දිනාගැනීමට ගත්හ. කණිෂ්ඨ ක‍්‍රීඩකයින් 149 ක් ද ක‍්‍රීඩිකාවන් 132 ක් ද ජාතික කණිෂ්ඨ කණ්ඩායම් නියෝජනය කර ඇති අතර, ක‍්‍රීඩකයින් 60 ක් සහ ක‍්‍රීඩිකාවන් 36 දෙනෙකු ජාතික යොවුන් බාලක බාලිකා කණ්ඩායම් නියෝජනය කර තිබේ.
- මතු සම්බන්ධයි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.