Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner වොලිබෝල් ජාතික ශූරයන්ට බර තෑගි මල්ලක්

වොලිබෝල් ජාතික ශූරයන්ට බර තෑගි මල්ලක්

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගලගෙදර ”සරත් අමුණුගම” ක‍්‍රීඩංගණෙයේදී මේ මස 18 වැනිදා පැවැත්වෙන සමාරම්භක උත්සවයෙන් ආරම්භ වන ජාතික ‘මංචි’ කුසලාන ජාතික වොලිබෝල් තරගාවලියේ ජයග‍්‍රාහී කණ්ඩායමට ප‍්‍රදානය කෙරෙන තෑගි මුදල් වැඩි කර ඇතැයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.

ඒ අනුව මෙතෙක් එහි සුපිරි ලීග් තරගාවලියේ ශූරයන්ට සහ ශූරියන්ට ප‍්‍රදානය කෙරුණු රුපියල් 150,000 ත්‍යාග මුදල රුපියල් 200,000 ක් දක්වා වැඩි කෙරේ. අනු ශූරයන්ට සහ අනු ශූරියන්ට රුපියල් 150,000 බැගින් ප‍්‍රදානය කෙරේ.

බත්තරමුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදී වොලිබෝල් සම්මේලනයේ සභාපති විදෙස් රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන කටයුතු ඇමැති ඩිලාන් පෙරේරා මහතා පැවසුවේ, මෙවර තරග මාලාවට කණ්ඩායම් 4500කට වඩා අපේක්ෂා කරන බවත්, මේ වන විට මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් සහභාගිත්වය තුන් ගුණයකින් ඉහළ ගොස් තිබෙන බවත්ය.

ප‍්‍රාදේශීය කලාප, දිස්ත‍්‍රික් කලාප හා ජාතික මට්ටම වශයෙන් අදියර තුනකින් සමන්විත තරගාවලිය මාස තුනක් ඇතුළත පවත්වා අවසන් කිරීමට පියවර ගන්නා බවත් වොලිබෝල් සම්මේලනයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ප‍්‍රබලතම කණ්ඩායම් (කාන්තා/පිරිමි) ගැටෙන සුපිරි ලීග් තරගාවලිය හා අන්තර් සමාජ (ආධුනික) තරග මාලාව ලෙස මෙවර තරග මාලාව කාණ්ඩ දෙකකින් පැවැත්වේ.

ඉදිරි මාසවලදී පැවැත්වෙන තරග මාලාවේ ජයග‍්‍රාහී කණ්ඩායම් සඳහා තෑගි මුදල් වැඩි කිරීම කෙරෙහි තවදුරටත් අවධානය යොමු කරන බව ද වොලිබෝල් සම්මේලනයේ සභාපති ඇමැති ඩිලාන් පෙරේරා මහතා මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසීය.

 

 

හත් වැනි වතාවටත් තරග මාලාවට අනුග‍්‍රහය දක්වන සිලෝන් (මංචි) බිස්කට් සමාගම වෙනුවෙන් එහි සමූහ අධ්‍යක්‍ෂ නන්දන වික‍්‍රමගේ මහතා විසින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ඇමැති ඩිලාන් පෙරේරා මහතාට නිල අනුග‍්‍රහය පිළිගැන්වූ අවස්ථාව. ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් සුසිල් රණසිංහ, සිලෝන් බිස්කට් සමාගමේ සාමාන්‍යාධිකාරි (අලෙවි) තේජා පීරිස්, වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරුන් වන සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න යන මහත්වරු ද ඡයාරූපයේ වෙති.

 

ඡායාරූපය: ඇලෙක්සැන්ඩර් බාලසූරිය


අදහස් (0)

වොලිබෝල් ජාතික ශූරයන්ට බර තෑගි මල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.