Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රටේ දේශපාලන වාතාවරණය වෙනස් වීමත් සමග ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මේ වන විට පාරට වැටෙන තත්ත්වයක් උද්ගතවී ඇතැයි වාර්තා වේ. ඊට හේතුවී ඇත්තේ වොලිබෝල් සම්මේලනය සිය මූලස්ථානය පවත්වාගෙන ගිය බත්තරමුල්ල කොස්වත්තේ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශ ගොඩනැගිල්ලෙන් එය ඉවත් කර ගැනීමට සිදු වීමයි.
වොලිබෝල් සම්මේලනයේ වත්මන් සභාපති, විදේශ රැුකියා ප‍්‍රවර්ධන හා සුබසාධක පිළිබඳ හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතාගේ මැදිහත් වීමෙන් මෙතෙක් කලක් වෙලිබෝල් සම්මේලනයේ කාර්යාලයඑම අමාත්‍යංශ පරිශ‍්‍රයේදී පවත්වා ගෙන යාමට වොලිබෝල් සම්මේලනයට හැකිවී තිබුණි.
ඩිලාන් පෙරේරා මහතා ඇමැති ධුරයෙන් සමු ගැනීමත් සමග වොලිබෝල් සම්මේලනය සිය මූලස්ථානය අමාත්‍යංශ කාර්යාලයේදී පවත්වාගෙන යාමේ අවස්ථාව අහිමිවී තිබෙන අතර සම්මේලන මූලස්ථානයේ සියලූම භාණ්ඩ ඉවත් කර ගන්නා ලෙස මේ වන විට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
කෙසේ වුවත් වොලිබෝල් සම්මේලනයේ භාණ්ඩ එම කාර්යාලයෙන් ඉවත් කර ගැනීමට සම්මේලන නිලධාරීන් පෙරේදා (17) කටයුතු කළ අවස්ථාවේ දී එහි ආරක්‍ෂක අංශ ඒ සඳහා ඉඩදී නැතැයි ද වොලිබෝල් සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් වොලිබෝල් සම්මේලනයේ සභාපති ඩිලාන් පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් විදෙස් රැුකියා නව ඇමැතිනි තලතා අතුකෝරල මහත්මිය දැනුවත් කිරීමෙන් පසු වොලිබෝල් මූලස්ථානයේ භාණ්ඩ ඉදිරි දිනක දී ඉවත් කර ගැනීමේ අවස්ථාව ලබා දෙන බව ඇය ඩිලාන් පෙරේරා මහතාට දැනුම් දී තිබේ.
මේ අතර උද්ගතවී තිබෙන තත්ත්වයෙන් වොලිබෝල් සම්මේලනය දැඩි අසීරුතාවයට පත්ව සිටින බව ද වාර්තා වේ.
ටොරින්ටන් පෙදෙසේ පැරණි කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ වොලිබෝල් සම්මේලනය සඳහාද කාර්යාල පහසුකම් ලබා දී තිබුණත් එය ප‍්‍රමාණවත් නොවන නිසා පාවිච්චියට ගත නොහැකි වී තිබෙන බව ද දැන ගන්නට ඇත.
ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපතිවරයකු වන මහින්ද සෙනරත් බණ්ඩාර මහතාගෙන් ‘ලංකාදීප’ ය කළ විමසුමක දී පැවසුවේ ටොරින්ටන් පෙදෙසේ ඉඩකඩ සිය සම්මේලනයේ විධායක සභාවට අසුන් ගැනීමටවත් ප‍්‍රමාණවත් නොවන බවයි.
1988 සිට කොළඹ රීඞ් මාවතේ තුරග තරග පිටිය අසල පවත්වාගෙන ගිය වොලිබෝල් මූලස්ථානය වසර 2012 දී කඩා ඉවත් කර ඇත්තේ මහ කොළඹ සංවර්ධන ව්‍යාපෘතිය යටතේය. එය එවකට වොලිබෝල් සම්මේලනයේ සභාපති ධුරය දැරූ මුදල් ඇමැති රොනී ද මැල් මහතා අතින් විවෘත කර තිබේ.
වොලිබෝල් සම්මේලනයේ වියදමින් ඉදිවූවත් කෙටි දැනුම් දීමකින් පසුව මහ කොළඹ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා එය කඩා දැමුවත් ඒ වෙනුවෙන් වොලිබෝල් සම්මේලනයට විකල්ප ස්ථානයක් ලබා දී නොතිබුණු බව ද වාර්තා වේ.
කෙසේ වුවත් වසර 2012 විදෙස් රැුකියා ප‍්‍රවර්ධන ඇමැති ධුරයට පත්වූ ඩිලාන් පෙරේරා මහතා වොලිබෝල් සම්මේලනයේ කටයුතු පවත්වානෙ යාම සඳහා කොස්වත්ත විදෙස් සේවා රැුකියා කාර්යාංශයෙන් කාර්යාල පහසුකම් ලබා දී තිබුණි.
පසුගිය සතියේ දී එහි වොලිබෝල් සම්මේලන කාර්යාලය වසා දමන විට එහි වොලිබෝල් 300 ක් ද ඇතුළු වොලිබෝල් කී‍්‍රඩා භාණ්ඩ රැුසක් ඇතුළු කාර්යාල භාණ්ඩ රැුසක් ද තිබී ඇත.
රටේ ජාතික කී‍්‍රඩාවද වන බැවින්, වොලිබෝල් සම්මේලනය පත්ව තිබෙන තත්ත්වය කනගාටුදායක බවත් ඉදිරියේ දී ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් වටය ද පැවැත්වීමට නියමිතව තිබෙන බැවින් වොලිබෝල් සම්මේලනය වඩාත් අසීරුතාවට පත්ව සිටින බවද මහින්ද බණ්ඩාර මහතා පවසයි.
වසර 2005 සිට වොලිබෝල් මුල් පුටුව හොබවන හිටපු ඇමැති ඩිලාන් පෙරේරා මහතා ”ලංකාදීප”ය කළ විමසුමක දී පැවසුවේ තමා තව දුරටත් එම ධුරය දැරීම පිළිබඳව ඉදිරියේ දී අවසන් තීරණයක් ගන්නා බවයි. එය තීරණය වන්නේ පවත්වන අලූත් කී‍්‍රඩා ඇමැතිවරයා මත බවත් තමන්ට සහයෝගයෙන් වැඩ කළ හැකි කී‍්‍රඩා ඇමැතිවරයෙක් පත් වන්නේ නම් එය ගැටළුවක් නොවන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.
මේ අතර උද්ගතවී තිබෙන තත්ත්වය සාකච්ඡුා කිරීම සඳහා වොලිබෝල් සම්මේලනයේ විශේෂ විධායක සභා රැුස්වීමක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.