Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner ශ්‍රී ලංකාව අරාබිය පරදවයි

ශ්‍රී ලංකාව අරාබිය පරදවයි

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එක්සත් අරාබි එමීර් රාජ්‍යය වට 3-0 කින් පරාජයට පත් කළ ශ්‍රී ලංකාව කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී අද (19) පස්වරුවේ පැවැති පළමු ආසියානු සමුළු අභියෝග ශූරතා වොලිබෝල් (පිරිමි) තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. ශ්‍රී ලංකාව හා ඉරාකය අතර තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හෙට (20) පස්වරු 4ට සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වේ.

  අවසන් පූර්ව තරග ජයග්‍රාහකයන් දෙදෙනා අතර අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ අනිද්දා (21) පස්වරු 4.30ටය. ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 25/20, 25/17, 25/15 ක් ලෙස එමීර් කණ්ඩායම පරාජයට පත් කිරීමට සමත් විය. ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ වැදගත්කම වන්නේ ඉරාකය පරාජය කරමින් අවසන් මහ තරගයට ප්‍රවේශ වුවහොත් එමගින් ඔවුන්ට ආසියානු කුසලාන වොලිබෝල් (පිරිමි) තරගාවලියට (2019) ඇතුළත්වීමට අවස්ථාව හිමිවන බැවිනි.

ආසියානු වොලිබෝල් සම්මේලනය පළමු වරට හඳුන්වා දුන් මෙම තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව ලබන කණ්ඩායම් දෙකම ආසියානු කුසලාන තරගාවලියට එහිදී සුදුසුකම් ලබයි.

අර්ධ අවසන් පූර්ව තරග වටය අරඹමින් පැවැති පළමු තරගයෙන් සෞදි කණ්ඩායම වට 3-0 කින් ජය ගත්තේ මොංගෝලියාව පරාජය කරමිනි. ඒ ලකුණු 25/17, 25/17, 25/15 පරිදිය.

ඒ අතර දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී ඉරාක කණ්ඩායම අතින් පරාජයට පත්වූයේ මලයාසියානු කණ්ඩායමයි. ඒ වට 3/1ක් පරිදිය. 27/25, 25/21, 25/23, 25/20 ලෙස එහිදී ලකුණු පුවරුව සටහන් විය.
 ශ්‍රී ලංකාව තරගාවලියේ මෙතෙක් ආ ගමන් මගේදී හොංකොං (3/0), මලයාසියාව (3/0) පරාජයට පත් කළ අතර එහෙත් සෞදි අරාබිය සමඟ තරග වට 3/1කින් පරාජයට පත්විය.

අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදියා ලෙස මුණගැසෙන ඉරාකය මේ දක්වා අපරාජිතව පසුවන කණ්ඩායමක් වීම කැපී පෙනේ. එහිදී ඔවුන් බංග්ලාදේශය (3/2), මොංගෝලියාව (3/0) හා එමීර් රාජ්‍යය (3/2) පරාජයට පත් කිරීමට සමත්ව තිබේ.

 මෙම තරගාවලියට රටවල් අටක් සහභාගී වී සිටින අතර මූලික වටය ලීග් ක්‍රමයට පැවැත්වීමෙන් පසුව එම කණ්ඩායම් අටම මුණගැසෙන පෙර අවසන් පූර්ව වටය ඊයේ පවත්වා නිමාවට පත්වුණි.

 ඉන්දුනීසියාවේදී නිමාවට පත්වූ 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා වොලිබෝල් (පිරිමි) කණඩායමේ ක්‍රීඩකයන් බහුතරයක් කොළඹදී දැන් පැවැත්වෙන පළමු ආසියානු සමුළු වොලිබෝල් (පිරිමි) තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටියි.

 


අදහස් (0)

ශ්‍රී ලංකාව අරාබිය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.