Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉරාකයට එරෙහිව අද (31 වැනිදා) පැවැති ශ්‍රේණිගත කිරීමේ තරගයෙකදී වට 3-1 ක් ලෙස පරාජය වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දුනීසියාවේ සුරබයා නුවරදී පැවැත්වෙන ආසියානු වොලිබෝල් තරගාවලියේ 14 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය.
තරගාවලියේ 13 වැනි සහ 14 වැනි ස්ථාන තේරීම සඳහා එම තරගය පැවැති අතර එහි පළමු වටයෙන් ලකුණු 25/16 ක් ලෙස පහසු ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. කෙසේ වුවත් දෙවැනි, තෙවැනි සහ සිවුවැනි වට වලදී ලකුණු 25/11 ක්, 25/22 ක් සහ 25/21 ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය කළ ඉරාක ක්‍රීඩකයෝ වට 3-1 ක් ලෙස සමස්ත තරගයේ ජය තමන් සතුකරගත්හ.
එම තරගයට සුදුසුකම් ලැබීම සඳහා තරග 2 ක් පැවැත්වුණ අතර හොං කොං රාජ්‍යය තරග වට 3-0 ක් ලෙස (25/18, 25/13, 25/17) පරාජය කරමින් ශ්‍රී ලංකාවත්, සවුදි අරාබිය තරග වට 3-0 ක් ලෙස (25/20, 25/19, 25/17) පරාජය කරමින් ඉරාකයත් එම තරගයට සුදුසුකම් ලබාගත්තේය.
තරගාවලියේ මූලික වටයේදී ‘සී’ කාණ්ඩය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා කණ්ඩායමට එහිදී ජපානය හමුවේ වට 3-0 ක් ලෙසත්, දකුණු කොරියාව හමුවේ වට 3-0 ක් ලෙසත්, වියට්නාමය හමුවේ වට 3-2 ක් ලෙසත් පරාජයට පත්වීම නිසා ශ්‍රේණිගත කිරීමේ වටයේ ‘ජී’ කාණ්ඩය යටතේ තරග වැදීමට සිදුවිය.
ශ්‍රේණිගත කිරීමේ වටයේදී තරග 2 කට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදී කුවේට් රාජ්‍යයට එරෙහිව පැවැති තරගය වට 3-2 ක් ලෙස ජය ලබා, සවුදි අරාබියට එරෙහිව පැවැති තරගයේදී වට 3-1 ක් ලෙස පරාජයට පත් විය.
කුවේට් රාජ්‍යයට එරෙහිව ලබාගත් ජයග්‍රහණයත් සමගින් ‘ජී’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාවට තරගාවලියේ 13 වැනි ස්ථානයත් 16 වැනි ස්ථානයත් අතර ස්ථානයක් වෙනුවෙන් තරග වැදීමට සිදුවිය.
තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ශමිල් මලින්ද කටයුතු කළ අතර ගයාන් මධුෂංක එහි උප නායකයා ලෙස කටයුතු කළේය. ජනිත සුරත්, රොමේෂ් රණවක, චාමර මිහිරාන්, ලසිඳු මෙත්මාල්, අයේෂ් දිල්හාන්, වසන්ත ලක්මාල්, රුමේෂ් දිසානායක, කසුන් චතුරංග, නිලංක සංජය සහ ඒ. ඩබ්ලිව්. ලක්මාල් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සෙසු ක්‍රීඩකයෝ වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.