Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව vollyball_inner ශ්‍රී ලංකාව සුපිරි 8 දෙනාගේ වටයට

ශ්‍රී ලංකාව සුපිරි 8 දෙනාගේ වටයට

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

චීන තායිපේහිදී දැන් පැවැත්වෙන 17 වැනි ආසියානු කනිෂ්ඨ කාන්තා වොලිබෝල් තරගාවලියේ අවසන් වටයේ කණ්ඩායම් 8 ට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි. එවන් දස්කමක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූයේ පළමු වතාවට බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.

තරගාවලියේ මූලික වටයේ දෙවැනි තරගයට අද (18) මුහුණ දුන් ශ්‍රී ලංකාව ඉරානය වට 3-1 ක් ලෙසින්  පරාජය කරමින් තරගාවලියේ සුපිරි අටදෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය. රටවල් 15 ක් සහභාගී වන මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික වටයේ මුහුණ දුන් පළමු තරගයේදී සත්කාරක චීන තායිපේ කණ්ඩායම හමුවේ වට 3-0 ක පරාජයක් ලැබීය.

1986 වසරේ සිට ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගී වෙයි. ආසියානු වොලිබෝල් තරගාවලියකදී මීට පෙර මෙවැනි දස්කමක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූයේ 2011 වසරේදීය. ඒ ඉරානයේ පැවැති 15 වැනි ආසියානු ජ්‍යෙෂ්ඨ වොලිබෝල් තරගාවලියේදී සුපිරි අටදෙනාගේ වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබමිනි.


අදහස් (4)

ශ්‍රී ලංකාව සුපිරි 8 දෙනාගේ වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.